SRI LANKA


 

අසීරු තත්වයකට මුහුණ පා සිටින්නන්ට භේදයකින් තොරව පිහිටවෙමු

මේ දිනවල දරාගත නොහැකි අසීරුතා , කරදර වලට ලෝවාසීන්ට මුහුණ දීමට සිදු වී ඇති බව අප සියලුදෙනා දන්නා කරුණකි.

"ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන මෙන්ම   අපගේ මාතෘභූමියේ ජීවත්වන කාටත් මේ දිනවල ඉතා අපහසු තත්වයන්ට මුහුණු දීමට සිදුවී ඇත.

එක් පැත්තකින් කොරෝනා වසංගතයෙන් මිනිසුන් පීඩා විදින අතර තවත් පැත්තකින් ගංවතුර,නායයෑම් නිසා මිනිස් ජීවිත සහ දේපල වලටද දැඩි හානි සිදු වී ඇත. එපමණක් නොව අපගේ ගොඩබිමට මෙන්ම මුහුදටද ඉතා දැඩි හානියක් සිදුවෙමින් පසුගිය දිනක නැවක් ගිනිබත් වී  අපේ රටේ ඉතා වටිනා සම්පත් විනාශ වී ඇත. මදක් කල්පනා කල යුතුයි මේ සියලු  දේට  හේතුව කුමක්ද?  දහමට මුල් තැන ලබා දී දහම තුළින්ම  ගැටළු වලට විසදුම සොයමු.

මිනිසා තම දෑතින්  සිදුකරන පාප ක්‍රියාවන්   තුලින් ගොඩබිමේ හා මුහුදේ ගැටළු මතු කරගන්නේය මෙය අල් කුර්ආනයේ සදහන්වැකියකි . මේ වැකිය නම් සියලූම කරදර ගැටළු වලට හේතුව මිනිසා කරන පාප  ක්‍රියාවන් යනුවෙන් තේරුම් ගත හැකිය. දෙවියන් වහන්සේ  මිනිසා අතින් සිදුවන බොහෝ පාපයන්ට  සමාව ලබා දී   සමහර පාපයන්  වලින්  මිනිසාව පරීක්ෂාවට ලක්කරන්නේය"    එයට හේතුව  මිනිසාට  තම වැරදි  හදාගෙන හරි මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය  අවස්ථාවක් උදාකර දීමටයි යනුවෙන් අල් කුර්ආනයේ  සදහන් වී තිබේ. 

මේ එවෙන් මොහොතක්  බව අප කව්රුත්  වටහාගෙන   ප්‍රථමයෙන් කල යුත්තේ කව්රුත් තමා අතින් සිදුව ඇති  වැරදි හදාගෙන පාපයන් වලට සමාව  අයදිමින් , හැකි අයුරින් අප අතර බොහෝ අසීරු තාවයන්ට මුහුණපා ඇති අයට කුල මල භේදයකින් තොරව  පිහිට වීමයි . 

සමාව අයදිමින් කටයුතු කිරීම තුළින්  දෙවියන් වහන්සේගේ පිහිටද ආශිර්වාදයද  අපට ලබා ගැනීමට හැකි වනු ඇත, නියත  වශයෙන්ම දන් දීම  සර්වබලධාරී අල්ලාහ්ගේ කෝපය සන්සිඳුවා අයහපත් මරනයද  දුරු කරන්නේය යන දේව පණිවිඩයට අනුව දේව කරුණාවද,ආදරයද අද  කාටත් මරන බියක් ඇතිකර ඇති වසංගත  මොහොතේ  අප වෛර කරන අකමැති  ආකාරයෙන් භයානක අන්දමින් මරනයට මුහුන නොදී අපව ආරක්ෂා කර ගැනීමට දන්දීම කාරනයක්  වන්නේය යනදේ වටහාගෙන   දානං සග්ගස්ස සෝපානම් "දානය නිර්වානයට(ස්වර්ගයට) ඇතුල් කරන  ඉනිමගක්" යන බුදුදහමේ හරයට අනුව   කවුරුත් මේ පොලොව මත තමාට ලැබුණු ආයුෂ, දේව ආශිර්වාදය සමග එකතු කරගෙන ජීවත්විය යතුයි.

"දිනක් මස්ජිද් නබවී නම් මදීනාවේ පිහිටි දේවස්ථානයේ දවල් කාලයේ හසුන්ගෙන සිටි නබිවරයානන් වෙත ආ මුලර් ගෝත්‍රිකයන් ගේ දරිද්‍රතාවය දැක නබි නායක (සල්) තුමාණන් ගේ  මුහුණ වියලී ගියේය. තමා සමග සිටි සහෝදරයන් දිහා බලා මොවුන්ට පිහිට වී ස්වර්ගය උරුම කර ගන්න යනුවෙන් උපදෙස් ලබාදුන්නේය. එවිට සහෝදර මිතුරන් ද පුලුවන් ආකාරයෙන් මුලර් ගෝත්‍රිකයන්ට පිහිට විය.තමන්ට ලැබුනු උදව් උපකාර දන් දැක ඔවුන් සතුටට පත්විය. ඔවුන්ගේ මුහුණේ සතුට දුටු නබි(සල්)තුමාණන් ගේ මුහුණේද සතුටක් නැගුණි. 

මෙය මනුෂ්‍යත්වයේ අංගයකි. සහෝදරයනී සංහිඳියාවෙන් සාමයෙන් අනෙකාට ගරු කරමින්, පිහිට වෙමින් ස්වර්ගයට අපව ඇතුල් කර ගැනීමට පුළුවන් ආකාරයෙන් කරදර ඉවත්කර ගෙන මේ පොලොව මත  ජීවත්වීමට  මනුෂ්‍යත්වයට කොයි මොහො⁣තෙත් ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරමු.

එයතුලින් සෞභාග්‍යය හෙටක්  උදාකරගමු.ස්තූතියි!



Post a Comment

0 Comments