SRI LANKA


 

මාණව විමුක්තිය උදෙසා වූ යෝඡිත ධර්මතාවයන් සමහරක්!(උගත් දෙයින් සිත් ගත්දේ)

■ සිත,ගත පුබුදුවමු ධර්මයතුලින්.

■ධර්මෙ රකින්නා ධර්මය රැකදේ

🔶 භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම
🔶 ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
🔶 ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම
🔶 ධර්මය කියවීම
🔶 ආගමික වතාවත්වල නිරතවීම.
🔶 දුගීව සිටද, භැකිපමණින් අන්අයට උපකාරවීම.
🔶පින් දීම,සහ
සත්‍ය කථා කිරීම
🔶 දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම
🔶 හිස් වචන කතා නොකිරීම. 
ගිලානෝපස්ථානය දැභැමිසිතින් ඉස්ඨකිරීම.
🔶 අවංක සිතින් සියලුම කාර්යයන්වල නිරතවීම.
🔶සෑම ඡීවියෙකුටම දයාබරිතවීම.
🔶 ලෝක සත්වයා හට මොහොතක් හෝ මෙත් වැඩීම සහ මෙත් පැතිරවීම.
🔶ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම සහ පැතිරවීම.
🔶 දවසකට එක ධර්ම ලිපියක්වත් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම.
🔶 ධර්මය හැදෑරීම.
🔶 අනිත් අයගේ ධර්ම ගැටලු වලට  පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම
🔶 අභිධර්මය හැදෑරීම.
🔶 ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම.
🔶 සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභවයෙන් අවසන්ව යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. 
🔶 ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. 
🔶 පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන වැනි)
🔶 ප්‍රත්‍යවේක්ෂා කිරීම
🔶 සෑම ගමනක්ම යෑමට පෙරම ආගම දහම සිහි කිරීම.
🔶 තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
🔶 අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
🔶 දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
🔶 සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.
🔶 මල් ආසන කැඩී බිදී ඇත්නම් පිලිසකර කිරීම
🔶 ගමන් මාර්ගයන්හි  ඇති බාදාවන් ඉවත්කිරීම.
🔶 ආගමික සිද්ධශ්ථාන පිරිසිදු කරදීම.
🔶 අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.
🔶 නින්දට පෙර දහම සිභිපත් කිරීම.



🔶සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
🔶 තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
🔶 දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
🔶 ධර්ම මෘදුකාංග, වෙබ්අඩවි භාවිතා කරන අයුරු ඉගැන්වීම
🔶 ධර්මය නොදන්නා අයට පැහැදිලි කරදීම/ නිර්වචනය කරදීම.
🔶සැමවිටම මනා සිහියෙන් ගත කිරීම.
🔶 පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා රෝපනය කිරීම 
 පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා පැල පැල කර අවශ්‍ය අයට නොමිලේ බෙදාහැරීම.
🔶 පරිසරයේ ඇති වටිනා තුරුලතා පෝෂනය කර රැක බලා ගැනීම සහ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම 
🔶 තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරු ගස්වල පලවැල නෙලෙන විට සියලුම පලවැල  කඩා නොගෙන ගෙඩි කිහිපයක් සතා සිව්පාවුන් වෙනුවෙන් ඉතිරි කිරීම.
🔶 අහිංසක සතුන් ගෙවත්තට පැමිණි විට හිංසා නොකිරීම
🔶 අහිංසක සතුන් වෙනුවෙන් කෑම දැමීම සදහා කෑම ලෑල්ලක් පිලියෙල කිරීම.
🔶 අහිංසක සතුන්ට ජලය බීමට ජලය රැස් කර ගත හැකි ස්තානයක් තම ගෙවත්තේ පිලියෙල කිරීම.
🔶 තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම සතුන් වෙනුවෙන් ජලය තැබීම.
🔶 තම ගෙවත්තේ සතුන්ට කෑම සහ ජලය තැබීමට වෙන්කල ස්ථාන පිරිසිදු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
🔶 සැමට ප්‍රිය උපදවන ලෙස තම නිවස සහ ගෙවත්ත පිරිසිදුව සහ පිලිවෙලකට තබා ගැනීම.
🔶 තම  දෙමාපියන්ව රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වස්තුවලින් සංග්‍රහ කිරීම.
🔶තම දෙමාපියන් හැර තම පවුලේ වැඩිහිටි වයසක ඇත්තන් රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වලින් සංග්‍රහ සහ අනුග්‍රහය දැක්වීම.
🔶 අසල්වාසීන්ට/ නෑදායින්ට තම හැකි පමණින් උදව් පදව් කිරීම
🔶 ගම්වාසීන්ට තම හැකි පමණින් උදව් සංග්‍රහ කිරීම.
🔶 ගමේ සිදුවන පොදු කටයුතුවලට සම්බන්ධ වීම 
🔶 ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී සුද්ධ පවිත්‍ර කිරීම
🔶 ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී මතු පරපුර වෙනුවෙන්  ආරක්ෂා කිරීම
🔶 ගමේ යම් කිසි අයෙකුට කරදරයක් වූ විට හැකි පමණින් උදව් උපකාර කිරීම .
🔶 තමා එම දිනයේ කල යහපත් දේ දිනය අවසානයේ මෙනෙහි කර සතුටු සිතින් නින්දට යෑම.
🔶 නිදා ගැනීමට ප්‍රථම  ආගමික ධර්මතාවයන් මෙනෙහිකර  විනාඩි කිභිපයක් පමණ තමන් වෙනුවෙනුත් ලෝකයා වෙනුවෙනුත් මෛත්‍රීය වැඩීම.
🔶 තමා කළ සෑම පිංකමක් ම සටහන් කර තබා පිං පොතක් පවත්ව ගෙන යාම. (මේ  ජීවිතයේ ඉතාම වටිනා දෙයක් සේ සලකා අනුගමනය කරන්න)
🔶 දිනය, මාසය,අවුරුද්ද අවසානයේ පිංපොත බලා නැවත නැවතත් මෙනෙහි කර තමන් කළ පිංකම් ගැන සතුටුවන්න.
🔶 පිං කිරීම,සිල් රැකීම, ධර්මයේ හැසිරීම යන කරුණු  තමන්ගේ ජීවිතයේ කුඩා,තරුණ කල සිටම ආරම්භ කරන්න .
🔶 සැමවිටම ධර්මයේ සදහන් දස කුසල්ම වඩන්න. දස අකුසල් වලින් හැකි පමන ඈත් වන්න.
🔶 ජීවිතයේ සැදෑ සමය සැමට කරදරයක් නොවන සේ ගත කරන්න.
🔶 සැදෑ සමයේදී ධර්මය ගැන, තමා පෙර කල පිංකම්,  නිතරම මෙනෙහි කරන්න.
🔶 අවසානයේ ඉතාමත් සතුටු සිතින් තම කළ පිංකම් ගැන මෙනෙහි කරමින් කැමති ස්ථානයක තම සිත පිහිටුවා  යහපත් මනෝභාවයක් ඇති කරගෙන මෙලොව සැමගෙන් මෙන්ම තව ජීවිතයේනුත් සමු ගන්නට සූදානම්වෙමු...

මේ කරුණු ගැන ඔබත් දැනුවත් වී අනිකුත් අයත් දැනුවත් කරන්න .

Post a Comment

0 Comments