2003වසරේඑවකට සමෘද්ධි අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසින් කටයුතු කළගල්හින්න එම්.එච්.එම්. නියාස් මහතාගේ සංකල්පයක් හා බලවත් ප්‍රයත්නය හේතුවෙන් සමාජ සංවර්ධනය උදෙසාවු සන්නිවේදන මධ්‍යස්ථානය යන තේමාව මුල්කොටගනිමින් මීඩියා ලිංක් කණ්ඩායම බිහිවිය. ජාතීන් අතර සහජීවනය හා දේශයේ උන්නතිය හා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිත කැපවීම මෙම කණ්ඩායමේ ඒ්කායන අරමුණවිය. ඒ් අරමුණ සාක්ෂාත් කරගනු වස් කෙටි කාලයක් තුළ සාකච්ඡා, කණ්ඩායම් සුහද හමු, ආගමික හා දේශපාලන නායකයන් හමුවී දැනුවත්කිරීම හා මාධ්‍ය නිවේදන මෙන්ම ලිපි සැකසීම් යනාදි කටයුතු සිදුකෙරිණි.
මුල්කාලීනව මෙම කණ්ඩායමේ සභාපතිවරයා වශයෙන් එම්.එච්.එම්. නියාස් මහතා ඒ්කමතිකව පත්කෙරුණු අතර, විධායක අධ්‍යක්ෂ වරයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හා වරාය සංවර්ධන අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජලසැපයුම් අමාත්‍යාංශය යනාදි අමාත්‍යාංශ රාශියක මාධ්‍ය ලේකම් ධුරයද හොබවා ඇති ප්‍රවීණ මාධ්‍යවේදී මල්වාන ඒ් හිල්මි මුහම්මද් මහතා පත්විය.
නැගෙනහිර පළාතේ ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම සන්නද්ධ කණ්ඩායම්වල තර්ජනය මධ්‍යයේ සහජීවනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත එම්.එල්.ඒ.අහමද් බෂීර් මහතා මෙහි උපදේශකවරයා විය.
ගල්හින්න කලෙයිපුයල් නමින් දෙමළ මාධ්‍ය හා සාහිත්‍ය කේෂ්ත්‍රයේ ප්‍රකට එම්.එච්. රියාස් මුහම්මද් මහතා මෙහි සම්බන්ධීකරණ ලේකම්වරයා විය.
මෙම සටහන තබන මා කණ්ඩායමෙ පරිපාලන ලේකම්වරයා වශයෙන් පත්කෙරිණි.
ඉන් අනතුරුව බහුවිධ සමාජීය සන්දර්භය තුළ මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික සාරධර්මයන් ලෙසින් අප විසින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. 2004 වසරේදී කොළඹ-03 පිහිටි එවක රන්මුතු හෝටලයේ පැවැති එම සම්මන්ත්‍රණය විචිත්‍රවත් අන්දමින් සාර්ථකව පැවැති අතර, ඒ් සදහා රන්මුතු හෝටලයේ ඒ්.ඩබ්.එම්.අමීර් මහතා, සම්මන්ත්‍රණයේ මුල්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් නොමසුරු දායකත්වය ලබාදුන් කැඩිලැක් ඇගලුම් කම්හල් අධිපති එම්.වසීර් මහතා, ක්‍රසන්ට් ෆුඩ් ආයතනයේ අධිපති එම්. ජෙයිනුදීන් මහතා සහ ඊට විවිධ අයුරින් සහයෝගය දැක්වු සියල්ලන් මේ අවස්ථාවේ ස්තුතිපුර්වකව සිහිපත්කරමු.සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වශයෙන් පා.ම. විමල් වීරවංශ මහතා, ප්‍රධාන ආරාධිතයා වශයෙන්එවක සංස්කෘතික කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ආරාධිත කථිකයා වශයෙන් කැළණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා, පර්යේෂණ වාර්තා සැකසීමේ කටයුතුවලින් දායකවුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ලෙබ්බතම්බි මහතා වැනි අය තම දැනුමෙන් හා වෙනත් අයුරින් එම සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වීමට බුද්ධිමය දායකත්වය ලබාදීම පිළිබදව කෘතවේදීව සිහිපත්කරන්නෙමු.
සම්මන්ත්‍රණයට සමගාමීව පළකරන ලද විශේෂ සමරු කළාපයේ අභාවප්‍රාප්ත ආචාර්ය එම්.ඒ්.එම්. ෂුක්රි මහතා, කථිකාචාර්ය ඒ.සී.අගාර් මුහම්මද් මහතා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.එස්.එම්. අනස් මහතා, ප්‍රකට ලේඛක එස්.අයි. නාගුර්කනී මහතා, ලංකා මුස්ලිම් ගුරු සංගමයේ හිටපු ලේකම් ඒ.එල්.එම්. රාසික් මහතා, (අධිකරණ මුදලි) ඒ.සී.නජිමුදීන්, මාධ්‍යවේදී මොයින් සමීම්, යන මහත්වරුන් විසින් සකස්කළ පර්යේෂණාත්මක ලිපි පළවිය. එහිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්.අමීන් මහතා ද විවිධ අයුරින් සහයෝගය ලබාදුන් බව ද සිහිපත්කළයුතුය.
මෙම සම්මන්ත්‍රණයට සිංහල, දෙමළ, මුස්ලිම් විද්වතුන්, මාධ්‍යවේදීන්, ලේඛකයන්, සමාජ ක්‍රියාධරයන් මෙන්ම දේශපාලන නායකයන්ද සහභාගිවිය.
එමවසරේදීම සංස්කෘතික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මුස්ලිම්වරුන්ගේ උපවාස ශීලය මගින් අන්තර්පුද්ගල, සමාජීය වශයෙන් ඇතිකරනු ලබන බලපෑම් සම්බන්ධයෙන් තවත් සම්මන්ත්‍රණයක් කොළඹ-10 මරදාන, සාහිරා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විය. එවක සංස්කෘතික කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මගපෙන්විම යටතේ පැවැති එම සම්මන්ත්‍රණය මගින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා, කතෝලික පියතුමන්ලා, හින්දු කුරුක්කල් මෙන්ම මුස්ලිම් මවුලවිතුමන්ලා ද එක්ව සමාජ සහජීවනය සම්බන්ධව විවෘතව අදහස් හුවමාරුකරගත් අතර, එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාර අභාවප්‍රාප්ත අස්සෙයියිද් අලවි මවුලානා මැතිතුමා, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා, ප්‍රබෝධය සගරාවේ හිටපු ප්‍රධාන කර්තෘ එස්.එම්. මන්සූර් මහතා, අස්සෙයියිද් අලවි සාලිහ් මවුලානා මව්ලවිතුමා, මෙන්ම සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒ.පී.ඒ්.ගුණසේකර මහතා, සංස්කෘතිත කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සිසිර ප්‍රියදර්ශන මහතා, එවක සංස්කෘතික අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් මෙන්ම පසුකාලීනව සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු වු අභාවප්‍රාප්ත විජිත කණුගල මහතා, එවක සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය කළ අනිල් ගුණවර්ධන මහතා, ජී.සී.ප්‍රසන්න පෙරේරා මහතා, සුනිල් බණ්ඩාර කෝරලගේ, චරිත ජයසුන්දර, චමින්ද දුණුගම, චන්ද්‍රසෝම ගිණිගේ මහත්වරුන් විසින් සම්බන්ධීකරණ දායකත්වය ලබාදෙනලදී.
ඉන් අනතුරුව කුඩා සම්මන්ත්‍රණ හා විවිධ උත්සව රාශියක් පැවැති අතර, 2010 වසරෙන් පසු හටගත් ජාතීන් අතර විරසක මනෝභාවය සංදර්භයතුළ අප විසින් විවිධ ආගමික නායකයින් හා විද්වතුන් හමුවී ජාතීන් අතරේ සහජීවනය ඇතිකිරීමේ අරමුණින් විවිධ ප්‍රයත්නයන් දියත්කරන ලදී.

2018 වසරේදී මහනුවර ප්‍රදේශයේදී ඇතිවු නොසන්සුන්කාරී වාතාවරණය තුළ අප කණ්ඩායම විසින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ විශේෂ ආරාධනාවක් මත අප කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ගැටුම් පැවැති මහනුවර දිගන ප්‍රදේශයට ගොස් ආගමික නායකයන් හා සමාජ ක්‍රියාධරයන් හමුවී සාකච්ඡා කොට, හමුදාවේ හා පොලිසියේ මහත්වරුන් මගින් ජනතාව තුළ පැවැති බියජනක සිතුවිලි දුරුකොට ප්‍රදේශයේ සාමකාමි වාතාවරණය නැවත ස්ථානය කිරීමට කැපවීමෙන් කටයුතු කළෙමු. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් අප වෙත ස්තුතිකොට ලිපියක් ද ලබාදී තිබේ.
ඒ් වගේම පසුගිය 2020 වසරේ දී කොරොනා වසංගත තත්වයේ පළමු රැල්ල හමුවේ අප කණ්ඩායම විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම් ලාභීන් වෙත සහන සේවයක් ද දියත්කළෙමු. වියළි ආහාර, ඇදුම්පැළදුම් හා අධ්‍යාපන අවශ්‍යතා සදහාවු අවශ්‍යතාවයන් වෙනුවෙන් අපගේ සේවය ලබාදුන් අතර, කොළඹ-03 කොල්ලුපිටිය, කොළඹ-04 බම්බලපිටිය හා දෙහිවල පොලිස් බලප්‍රදේශයන් හි මෙන්ම තිඹිරිගස්යාය ප්‍රාදේශියලේකම් කාර්යාලය මගින් ඒ සදහා අපට විශේෂ අවසර පත්‍රයන්ද පිරිනමා තිබුණි.
ඒ් අතර නැවතත් අප මේ වන විට ජාතික සමගිය හා සහජීවනය සදහාවු සංවාදමය හා බුද්ධිමය ප්‍රවේශය වෙත ප්‍රව්ශ්ඨවී සිටින්නෙමු.
මෙම
අවස්ථාවේදී අප සමගින් ඒ්කාබද්ධව අත්වැල් බැදගත් ආගමික නායකයන්ථ මහාචාර්යවරුන්,
කථිකාචාර්යවරුන්,
විද්වතුන්, ලේඛකයන් හා සමාජ ක්‍රියාධරයන්
සියල්ල එක්ව මෙම ගමන සාර්ථක කරගැනීම අපගේ ඒ්කායන අරමුණවේ.
මෙම කටයුතු සාර්ථකවීමට සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
අදහස- එම්.එච්.එම්. නියාස් මහතා
සභාපති-මීඩියා ලිංක්
සටහන- ආර්.එෆ්.අෂ්රෆ් අලී.
කණ්ඩායම් සම්බන්ධීකාරක
.
0 Comments