
අනවශ්‍ය වැරදි දෙයකින් සම්බන්ධතාවය, ඇබ්බැහි වීම අයින් කරගෙන, වෙනත් අවශ්‍ය දේකධ අපව යොමුකරගන්න හිත හදා ගන්නෙ කොහොමද?
ජීවිතේ ඕනම දේකට මුල් වෙන්නෙ තමන්ගේ සිතුවිලියි, සිතුවිලි තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න පුළුවන්. ඒ හැකියාව මිනිසුන්ට ලැබිල තිබුනට ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි තමන් කොහොමද මේ සිතුවිලි හරියාකාරව හසුරවා ගන්නේ කියන එක.
සරල උදාහරණයක් කිව්වොත්, තමන්ට නොගැළපෙනවා කියලා දැනෙන සම්බන්ධතාවයකින් අයින් වෙන්නෙ කොහොමද කියන එක ඒවැනි අය දන්නේ නැහැ. සම්බන්ධතාවයකින් අයින් වෙන්න හිත හදා ගන්නෙ කොහොමද කියන එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. කොච්චර නොගැලපෙනවා කියල හිතුනත් අර සම්බන්ධතාවයට ඇබ්බැහිවීමක් තියෙන නිසා අයින් වෙන්න අපහසුබවක් දැනෙනවා.
මේ වගේම තවත් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට කරන්න ඕන, තමන්ට ප්‍රයෝජනවත් කියලා හිතෙන දේවල් තියෙනවා නමුත් ඒවා පටන් ගන්න හිතෙනේ නැති කම. ඒකට තියෙන කම්මැලි කම.
කොහොම ගත්තත් මේ සිදුවීම් දෙකටම බලපාන්නේ තමන්ට තමන්ගේ සිතුවිලි හසුරවා ගැනීමට තියෙන අපහසුතාවයි තමන්ට තමන්ගේ සිතුවිලි හරියාකාරව හසුරුවා ගන්න පුළුවන් නම්, තමන්ට අවශ්‍ය කරන දේ කරන එකත්, තමන්ට අනවශ්‍ය දෙයින් අයින් වෙන එකත් මහ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.
ඉතින් මේ වගේ අවස්ථාවල කරන්න පුළුවන් ඉතා සාර්ථක වන .ක්‍රමයක් කියන්නම් කරලා බලන්න
නිදසුනක් විදිහට හිතන්න,
ඔයාට ඕනේ නොගැලපෙන කෙනෙක් ගෙන් අයින් වෙන්න කියලා.......
හැබැයි ඔයා එයාට ආදරේ නිසා ඔයාට එයාගෙන් අයින් වෙන්න හිත හදාගන්න අමාරුයි.
ඔයාට හිතෙන්නේ එයා නැති වුනොත් ඔයාට ජීවත් වෙන්න බැහැ කියලායි.ඔයාලා එකට ගතකල ජීවිතේ මතක් වෙනවා ඔයාලා අනාගතේ ගැන කරපු සැලසුම් මතක් වෙනවා. මේ දේවල් මතක් වෙනකොට ඔයාට එයාගෙන් අයින් වෙන්න හරිම අමාරුයි.
හැබැයි ඔයාට එයාගේ ඉවසා දරා ගන්නම අපහසු නොගැලපෙන තැනුත් තියෙනවා. ඒත් වෙලා තියෙන්නෙ ඔයාට එයාගේ නොගැලපෙන තැන් පේනවට වඩා පේන්නේ, හිතෙන්නේ එයාගේ හොඳ විතරයි. අනෙක එයත් එක්ක ගෙවන්න සැලසුම් කරපු ජීවිතේ. ඒක නිසා කොච්චර ලොකු නොගැලපීමක් තිබුනත් ඔයාට එයා ව අයින් කරන්න හිත හදා ගන්න අපහසුවක් දැනෙනවා.
මේ වගේ වෙලාවක ඔයා කරන්න ඕන දේ දැන් මං කියන්නම්
කොලයක් අරගන්න. දෙකට බෙදන්න. එයාගෙ තියෙන හොඳ ගතිගුණ සහ ඔයා කැමති දේවල් එක පැත්තක ලියන්න. එයාගේ තියෙන ඔයා අකමැති ගතිගුණ, අකමැති දේවල් අනෙක් පැත්තේ ලියන්න. සරලව කියනවා නම් එයා ගැන කල්පනා කරනකොට මතක් වෙන හොඳ දේවල් සහ නරක දේවල් දෙකම ලියන්න.
දැන් ඔයාට ඕනේ එයාගෙන් අයින් වෙන්න නිසා ඔයා ඒ හොඳ දේවල් ගැන හිතන්නේ නැතුව එයාගේ තියෙන නරක දේවල් ගැන වැඩියෙන් හිතන්න පටන් ගන්න.
ඔයා ටික දවසක් මෙහෙම ඒ කෙනාගේ තියෙන නරක දේවල්, නොගැලපෙන තැන්, ඔයාව අපහසුතාවයට පත් වෙච්ච දේවල් හිතන්න පටන් ගත්තහම, ඔයාගෙ හිතට දැඩි ලෙස දැනෙන්න පටන් ගන්නවා මෙයා නම් මට ගැළපෙන කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඒක ඔයාට එයාගෙන් අයින් වෙන්න උදව්වක් වෙනවා.
ඒ වගේම තමයි ඔයාට කරන්න ඕන ඒත් කරන්න කම්මැලි කියලා හිතෙන දේවල් තියෙන්න පුළුවන්.
මේ වගේ දේවල් කරන්න පටන් ගන්න කොටත් ඔයාට පුලුවන් කොළයක් අරගෙන දෙකකට බෙදලා ඒ දේ කළහම ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියන එක සහ මේක කරන්න ඔයාට තියන අපහසුතා/ කම්මැලි හිතෙන්නේ, පසුගාමී වෙන්නේ මොනවා නිසාද කියන එක එහි පිලිවලට ලියන්න.
ඊට පස්සේ කරන්න ඕනේ මේ ක්‍රියාව සාර්ථකව සම්පූර්ණ කළහම ලැබෙන ප්‍රතිලාභ හැමතිස්සෙම වැඩි වැඩි වශයෙන් මතක් කරන එක. ක්‍රියාව කරන්න තියෙන අපහසුතා හෝ කම්මැලි හිතෙන දේවල් මතක් කරන්න එපා.
සරල උදාහරණයක් කිව්වොත් ඔයාට පාඩම් කරන්න කම්මැලි හිතෙන ළමයෙක් නම්,
පාඩම් කරලා විභාග පාස් උනහම ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියන එක ලියාගන්න. ඔයා රෑ පුරාම මේ ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා හොඳට හිතලා හිතලා නිදිය ගත්තහම, ඔයා පහුවදා උදේ නැගිටින්නේ ඔයා මහන්සි වෙලා පාඩම් කළොත්, ඔයාට අර ප්‍රතිලාභ ටික ලැබෙනවා කියන ඒ සිතුවිල්ලත් එක්කයි.. එතකොට ඔයාට එදා දවස කම්මැලි කමක් නැතුව හරියට ඔයාගේ පාඩම් වැඩ කටයුතු කරගෙන යන්න ඔයාට අමූතූ ශක්තියක් ලැබෙනවා. ඒක අභිප්‍රේරණ සාධකයක් වෙනවා.
මේ විදියට ඕනම ක්‍රියාවකට මේ දෙය යොදාගෙන ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය දේ සාර්ථකව කරගෙන යන්න.
මේ විදියට ඔයාට අවශ්‍ය දේවල් වල තියෙන ධනාත්මක සාධකත් අනවශ්‍ය දේවල තියෙන රිණාත්මක සාධකත් හොයා ගත්තට පස්සෙ, දිගින් දිගටම ඒවා මෙනෙහි කලහම, ඔයාට ඒ දේ කරන්න හෝ ඒ දෙයින් අයින් වෙන්න හිත හදාගන්න පහසුවක් වෙනවා.
ඔබත් මෙවැනි ඕනෑම ගැටලුවකින් පෙළෙනවාද? ඔබට අවශ්‍ය විසඳුමක්ද? අපි ඔබට උදව් කරන්න සූදානම්? අපටකතා කරන්න කියන්න. අපට කියන්න. ඔබේ පෞද්ගලිකත්වය සීයට සීයක් ආරක්ෂා කරමින් අපි ඔබට උදවු වෙන්නම්.
සරත් කුමාර දුල්වල
සභාපති ශ්‍රී ලංකා විශ්ව කලා සංසදය





0 Comments