SRI LANKA


 

ජයග්‍රහණයේ මග (ලිපි,)


 ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් යනුවෙන්  ආමන්ත්‍රණයට ලක් වූ ලංකාව, ඉතිහාසගත ගොඩාක් දියුනු ශිෂ්ටාචාරයකට   උරුමකම් කියපු   ස්වාභාවික සම්පත් වලින් පිරී ඉතිරී  ගිය සෞභාග්‍යමත් දූපතකි. මේ දූපතේ  තිබුනු කලාව සංස්කෘතිය තාක්ෂණය සහ නව නිපැයුම් හේතුවෙන් , මෙම දූපත ගොඩාක් ප්‍රසිද්ධියට පත්වී තිබුනේය. අහස්  උඩට ගොඩනැගුණු විශාල මන්දිර  හා  දාගැබ්, විශාල වැව්, වාරි තාක්ෂණයක් සහිත වාරි මාර්ග පද්ධති වලින් සමන්වි8ත වු මේ දූපත, නවීන ලෝකයත් විශ්මයට පත්කර,දියුනුව කරා  නොනවතින ගමනක යෙදීයකාලයක් යද්දී විවිධ විදේශීය අධිරාජ්‍යයන් මෙහි තිබෙන්නාවූ වටිනා සම්පත් තමන් සතු කර ගැනීමට ක්‍රියා කලහ. පසුව මෙම දූපතට ඇතුළු වූ විදේශීකයන් තමන්ගේ අරමුණ ඉෂ්ඨ කර ගන්න, දූපතේ ජීවත්වුණු අය අතර අසමගිය ඇතිකර සාමය නැතිකර දූපතද එහි  වාසය කළ අයවද මුලුමනින්ම තමන්ගේ  යටතට පත් කර සියවස් ගණනාවක්ම මාරුවෙන් මාරුව මෙම දූපත පාලනය කරමින් දූපතේ තිබුනු  වටිනා සම්පත් ද ඔවුන්ගේ රටට රැගෙන ගියහ.

7පසුව දූපතේ ජීවත් 4වු දේශප්‍රේමීන් සියලු දෙනා එක් වී,  "බෙදෙන්නේ කොයිතරම්ද  අවසානයේ රිදෙන්නේද ඒතරම්ය," "අපේ එකමුතුව  අපේ  රටේ ආරක්ෂාවයි, ජයග්‍රහණයයි" යන පාඩම කියාදී , මේ මොහොතේ අප අපගේ  මාතෘභූමිය  විදේශීකයන්ගේ ආක්‍රමණයෙන් මුදවා ගැනීමට ජාති ආගම් කුල මල  බේදයෙන්  තොරව ලාංකිකයන් හැටියට පෙළගැසී,එක්මුතුව එක්සිත්ව, නැගී සිටිය යුතුයි., බෙදීම තමා අපට අපගේ මාතෘ භූමිය අහිමි කලේ , මාතෘ භූමිය තුලම වහලුන් හැටියට ඡීවත් වීමට සිදු කලේ, බුදු දහමේ  "සුඛා සංඝස්ස  සාමග්ගි"  (සමූහයාගේ සමගිය සැපයකි)  අල් කුර්ආනයේ "එකමුතුකම කියන කබය තදින් අල්ලා ගනු, වෙන් වී කටයුතු නොකරව්"  මේ දහම් තුලින්  ජයග්‍රහණය සතුට  උරුම කර ගැනීමට කියා දෙන පාඩම්ය, එදා අසරණ වූ අපගේම මුතුන් මිත්තන් එකමුතු කම පෙරට ගෙන එදා ඉන්දියන් සාගරයෙන් වටවූ ඒ වටිනා දූපත ඉංශ්‍රීසිි ජාතීන්ගෙන් නිදහස් කර ගැනීමට ක්‍රියා කලහ, එහි ප්‍රතිඵලයක් ලෙස  1948 අවුරුද්දේ  නිදහස අප මාතෘ භූමියට උරුම විය. ඒ නිදහස කවදත් අහිමි කර ගන්නැතුව භුක්ති විඳිමින්,  අපගේ අනාගත පරපුරටත් උරුම කර දෙමු. ජයවේවා

Post a Comment

1 Comments

  1. මීඩියා ලින්ක් සහ වේට්ටයි යන සගරාවේ දායකත්වයෙන් හදුන්වා දී තිබෙන ක්ෂිතිජය සඟරාව වෛරයෙන් භේදයකින් තොරව සමඟියෙන් සහෝදරත්වයෙන් එකමුතුව ජීවත්වීමේ මග,ජනයාට පෙන්වාදෙන වටිනා ප්‍රයෝජනවත් සඟරාවක් ලෙසද, සමූහයේ එකිනෙකා අතර ඇතිවී තිබෙන භේද නැති කර දේව ආශිර්වාදය ලබාගැනීමට අවශ්‍ය මග පෙන්වීම්ද ලබා දෙන සඟරාවක් ලෙසද මා දකින්නෙමි. මෙම සඟරාව සමාජගත කිරීමට දායකවූ සියලු දෙනාට ගොඩාක් පිං. ස්තූතියි.

    ReplyDelete