
සිහිල් සුළං රැළි පාවෙන්නා
කුරුලු ගීත නිති රැව් දෙන්නා
තූරුමුදූ නේ මල් පීපෙනා
උදාගිරෙන් හිරු පායන්නා
තූරුමුදූ නේ මල් පීපෙනා
උදාගිරෙන් හිරු පායන්නා
ශ්රී ලංකාදීපේ- අපි දිනු ශ්රී ලංකාදීපේ
සතුටු සිනාවෙන් මුව සරසා
සුහද කතාවෙන් සිත් පිනවා
මිතුරු දයාවෙන් සුහද වෙලා
සතුරු නොවී ඉමු මිතුරු වෙලා
ශ්රී ලංකාදීපේ - අපි දිණු ශ්රී ලංකාදීපේ
සැමට දයාවෙන් අත හිත දී
මෙත් කරුණාවෙන් සිසිලස දී
එක මවකගේ දරු කැල මෙන් වී
පෙරටම යමු අපි එක්සත් වී
ශ්රී ලංකා දීපේ - අපේ දිනු ශ්රී ලංකාදීපේ
වත් පිළිවෙත් අපි පිළිපදිමු
කොවිඩ් පරදවමු එකමූතූවී
සහජීවනයෙන් එක්සත් වී
හදමු වඩමූ අපි රට එක්වී
ශ්රී ලංකා දීපේ - අප දිනු ශ්රී ලංකා දීපේ
ජය ගමු අපි හැම අභියෝගේ
කැපවෙමු වෙහෙසෙමු රටට අපේ
ආදර්ශය වෙමු ලොවට අගේ
දිනවමූ ලොව ශ්රී ලංකා නාමේ
ශ්රී ලංකාදීපේ - අප දිනු ශ්රී ලංකාදීපේ
0 Comments