
අද දින ලොව පුරා වෙසෙන විවිධ භාෂාවන් කතා කරන ඉස්ලාමීය බැතිමතුන් මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් මක්කම කබා දේවස්ථානයට පැමිණ "ඉහ්රාම්"නම් සුදු රෙදි කැබලි දෙකකින් සැරසී එකම වෙලාවක එකම දෙසට හැරී ජාති, කූල, වර්ණ, උස්, පහත්, භේදවලින්, තොරව ශුද්ධ වූ "අල්ලාහ් "වෙනුවෙන් මහත් බැතිබර හරසරින් නමස්කාර කරති. ඊට සමගාමීව ලොවපුරා සියලුම ඉස්ලාමීය බැතිමතුන් සිය උතුම් ආගමික වතාවත් පවත්වමින් අල්ලාහ්ට සිය බැතිබර නමස්කාරය පිරිනමති.
හජ් උත්සව දිනයේ මක්කාවට යන මුස්ලිම් බැතිමතුන් සේම එදින හජ් වන්දනාව නිමිති කරගෙන ඉස්ලාමීය බැතිමතුන් පවත්වන සියලු වන්දනාවන් ගේ අරමුණ අල්ලාහ් වෙත මුස්ලිම් වරුන් ගේ ඇති මහත් වූ භක්තිය ආදරය පිරිනැමීමයි.
එසේම ඔවුන්ගේ උතුම් ප්‍රාර්ථනය වන්නේ
විශ්ව මානව සහෝදරත්වය යයි..
"ඉස්ලාම්" යන අරාබි වචනයේ තේරුම අවනත වීම, කීකරු වීම, බැඳීම, හා සාමය, ලෙස සලකා හජ් උත්සවයේ දී සකල ලෝකවාසී මානව වර්ගයා වෙත ඉස්ලාමීය ජනතාව සිය සහෝදරත්වය සාමය සතුට සහජීවනය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරති.
හජ් යන අරාබි වචනයේ අර්ථය "සොයා යෑම" හා "පෙරට යෑම "ලෙස සඳහන්වේ සෑම මුස්ලීම්වරයෙකුම සැමරිය යුතු වැදගත් උතුම් දිනයන් දෙකක් ලෙස ඊද් උල් ෆිතර්( රාමදාන්) සහ ඊද් උල්-අල්හා(හජ්) යන දිනදෙක හැඳින්වේ. ඊද් උල් අල්හා යන්නේ දහස වන්නේ කැපකිරීමේ මංගල්‍ය (festival of sacrifice) යන්නයි. ස්ලාම් බැතිමතුන්ගේ පංචවිධ සීලය වන ශහදා, සලාත්, සකාත්, සවම්, සහ හජ් අතරින් පස්වැනි සීලය වන හජ් වන්දනාව ඊද් උල් අල්හා දින සිදු කරයි. ඒ සඳහා ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන්ගෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් සෑම වසරකම මක්කම පිහිටි කබා දේවස්ථානයට හජ් වන්දනාවේ යෙදෙති..
ඉස්ලාම් ධර්මයේ මූලික සංකල්ප කීපයක් තිබේ. එයින් පළමුවෙනි සංකල්පය "තව්හීද්" සංකල්පය යි. එනම් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත, යන ඒක දේවවාදී පිළිගැනීමයි. ඒ අනුව මිනිසාගේත් ලෝකයේත් ජීව උල්පත ශුද්ධ වූ "අල්ලාහ්" දෙවිඳුන් බව බව විශ්වාස කිරීමයි.
දෙවැන්න අල්ලාහ් විසින් මිනිසාට මග පෙන්වීම පිණිස එවන ලද "මුහම්මද් නබි" තුමා විශ්වාස කිරීමයි. අල්ලාහ් දෙවිඳුන් විසින් මිනිසුන්ට මග පෙන්වන්නේ අනාගත වක්තෘවරුන් මාර්ගයෙනි. ඒ සියලු දෙනා මනුෂ්‍යයන් ය. ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම හා සමාන වන බව ශුද්ධ වූ අල්කුරාණයේ දක්වා ඇත. එසේ අල්ලාහ් විසින් එවන ලද අවසාන නබිතුමානන්වූයේ මුහම්මද් නබිතුමා යි.
තුන්වන සංකල්පය වන්නේ අල්ලාහ් විසින් මනුෂ්‍ය වර්ගයාට ප්‍රකාශ කරන සියලු දේව පණිවිඩ අඩංගු ශූද්ධ "අල් කුරානය" හා සියලුම දේව ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය තැබීම යි.
හතරවන සංකල්පය වන්නේ "අල්ලාහ්" දෙවිඳුන් විසින් එවන ලද සියලු නබිවරුන්ට ද එක හා සමාන ලෙස ගෞරව කළ යුතු බවයි.
පස්වැනි සංකල්පය වන්නේ පරලොවක් ඇතැයි විශ්වාස කළ යුතු බවත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව සිහිපත් කරගන්නා ලෙස අල් කුරානය දන්නවා තිබීමයි.
හයවන සංකල්පය වන්නේ අල්ලාහ් දෙවිඳුන්ගේ ,,"සර්ව භෞමික" නීතියයි. එය ( කදා සහ කදර්) ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ නියමය පරිදි යම් යම් නීති රීති අනුව සැකසෙන බව හා අල්ලාහ් විසින් යමක් සිදුවීමට නියම කරනු ලබන බවයි.
ඉහත කී උතුම් මූලධර්ම වල පිහිටා ඊද් උල් අල්හා හෙවත් හජ් ආගමික උත්සව මංගල්‍යය සෑම මුස්ලිම් භක්තිකයෙක් ම අනිවාර්යෙන්ම සමරති. එදින අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔවූහු උදෑසනම සිය සලාතය හෙවත් නැමැදීම සඳහා දේවස්ථානයකට හෝ ඒ සඳහා පිළියෙළ කළ ස්ථානයකට යති. පළමුව අල්ලාහ් දෙවිඳුන් නැමදීම සිදුකරන අතර අනතුරුව සියලුම දෙනා එකිනෙකාට "ඊද්" සුබ පැතුම් ප්‍රාර්ථනා කරමින් ආචාර සමාචාර කරති. මෙම දිනයේ දී චාරිත්‍රයක් වශයෙන් තම ඥාති හිත මිතුරන් මුණගැසී ඔවුන්ට සාමය ශාන්තිය සහජීවනය (සලාම්) හදවතින්ම ප්‍රාර්ථනා කොට පවසති..
තමන් කුමන තරාතිරමක අයත් වුවත් සියලු දෙනා එක හා සමාන මනුෂ්‍යයන් බව වටහා ගැනීමට "ඊද් "උත්සවය ඉවහල් වේ. රාජ්‍ය නායකයෙකු, ධනවතෙකු දිළින්ඳෙකු හෝ කවර තරාතිරමක පුද්ගලයෙක් වුවත් කභාව ඉදිරිපිට ඒ සියල්ලෝ එක සමානය. හජ්ජි සලකනු ලබන්නේ අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි ඇති භක්තිය පමණි. ලොව සමස්ත මුස්ලිම් බැතිමතුන් එකම වෙලාවකදී එක මොහොතකදී සමරන "හජ්" උත්සවය මගින් සමානාත්මතාවය, සාමූහිකත්වය, සංහිදියාව ,පරිත්‍යාගය, සාමය යන උත්තරීතර පණිවිඩ සමස්ත මානව සංහතියට ලබාදෙයි.අද දින media link ආයතනය අපේ ගෞරවනීය ඉස්ලාම් සහෘදයන් ඇතුළු ලොව පුරා සිටින ගෞරවනීය ඉස්ලාම් භක්තිකයන් සියලුම දෙනාට සාමය සතුට සහජීවනය අත්පත් කරගැනීමට අල්ලාහ් දෙවිඳුන්ගේ ආශීර්වාදය ලැබෙන අසිරිමත් "හජ්" උත්සව දිනයක් වේවායි ශ්‍රී ලංකා විශ්ව කලා පුරවැසි සංසදය හෘදයාංගමව ප්‍රාර්ථනා කර සුභාශිංශනය කරයි!








0 Comments