SRI LANKA


 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දේශයට වාසිය උරුම කර දුන් අපේ ඇත්තෝ !

 
නමින් ඈ  මහාචාර්ය නීලික මලවිගේ සහ ඔහු ආචාර්ය චන්දිම ජීවන්දර මහතාය....

මොවුන් දෙපල එක්ව අප දේශය වෙනුවෙන්  කල හපන්කමක් පිළිබඳ ව අද "ක්ෂිතිජය" තුලින් අපි ඔබව කුල්මත් කරන්නෙමු....

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැලසුම් කලා වූ ලෝකයේ රටවල් 5 කට තරගකාරී ක්‍රමවේදයන් හරහා ප්‍රදානයන් ලබාදීමේ සැලසුම දැනගත් අපේ ඇත්තන් වන ශ්‍රී ජයවර්ධනපුර මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කෙසේ හෝ මෙම වාසිය තම දේශයට අත්පත් කරගත යුතුයි යන අවංක චේතනාවෙන් දිරිමත් වූහ...

ඒ අනුව ක්‍රියාත්ම වූ ඔවුන් දෙපල එම අවශ්ථාව දිනාගැනීමට ගතයුතු පියවරන් නිසිලෙස ඉටුකරමින් අදාල අංශයන් සාර්ථකව නිමාකර අප දේශයේ ජයග්‍රහණය උදෙසා තම කැපවීම ඉස්මතු කලහ...

අවශානයේ තවත්  දේශහිතෛෂී පුරවැසියන් දෙපලකගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසට  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියන් සාගරයේ මුතු ඇටයක්වන අප මාතෘ භූමියත් ඔවුන් ජයග්‍රහණය උදෙසා තෝරාගත් රටවල් 5 න් එකක් බවට තීරණය කලේය...

මෙම වටිනා අවශ්ථාව අප දේශයට ඩැහැගන්නට තම කැපවීම සහ දායකත්වය නිසි අයුරින් ලබාදුන් ආචාර්ය,මහාචාර්ය විද්වත් දෙපලට " ක්ෂිතිජයෙහි "ප්‍රණාමය මෙලෙස පුදකරන්නෙමු ...

මීට කතෘ මණ්ඩලය "ක්ෂිතිජය "



Post a Comment

0 Comments