අද 1443 වූ "හිජ්රි" වර්ෂයේ "මූහර්රම්" මාසයේ පළවෙනිදායි. පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයා ගේ චලිතය පදනම් කරගත් ඉස්ලාමීය දින දර්ශනයට අනුව දොළොස් මසක් ගතවී නව වසරක් ආරම්භ වන "මුහර්රම්" මාසයේ පළවෙනි දිනය අදයි. අද දින ලොව පුරා මිලියන සංඛ්‍යාත ඉස්ලාමීය බැතිමතුන් සිය ශ්‍රේෂ්ඨ ආගමික ග්‍රන්ථය වූ ශුද්ධ වූ අල් කුරානයේ මගපෙන්වීම් වලට අනුව සිය ජීවිතයේ මෙතෙක් පුරන්නට අතපසු වූ ආධ්‍යාත්මික ගුණ ධර්ම මහත් වූ අචල අධිෂ්ඨානයෙන් හා භක්තියෙන් යුතුව පුරන්නට ආරම්භ කරනු ලබයි.
ඉස්ලාම් බැතිමතුන්ගේ අති උතුම් "රමළාන්" උපවාස සීලය ට පසුව "මූහර්රම්" ශීලයේ ඔවූන් නිරතවන්නේ ගතවූ වසර තුළ කුමන හෝ ලෞකික හේතුවක් නිසා සිය ජීවිතයේ අතපසු වූ ආධ්‍යාත්මික ගුණ වගාවන් සිය ජීවිතයට ළං කර ගැනීමේ උදාර උතුම් චේතනාවෙනි.
එනිසා වසරක් ගත වී නව වසර උදාවන මොහොත උත්සව සැණකෙළි ආදිය පවත්වමින් සැමරීමට ඉස්ලාම් භක්තිකයන් කටයුතු නොකරති. ශුද්ධ වූ අල්කුර්ආනයේ මගපෙන්වීම අනුව ඔවුන් අස්ථිර වූ සිය මෙලොව ජීවිතයෙන් වසරක් ගෙවී ගිය බව මෙනෙහි කරමින් මරණින් මතු සදාකාලික ජීවිතයේ සුගතිය සඳහා තම ජීවිතයෙන් මැවුම්කාර දෙවියන් වහන්සේ වන අල්ලාහුතාආලා වෙනුවෙන් ඉටුකළ යුතුයුතු වත් පිළිවෙත් සපුරා මිනිසෙකු ළඟා කරගත යුතු ආධ්‍යාත්මික ගුණ ධර්ම හැකි උපරිමයෙන් ප්‍රගුණකර ඉටූ කිරීමට ආරම්භයක් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට මහත්වූ ධෛර්යයෙන් උත්සුක වෙති. එය සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවගේ නව අවුරුද්ද පිළිගැනීමේ ආගමික චාරිත්‍රය ලෙස පමණක් නොව නව අවුරුද්ද පිළිගැනීමේ උතුම් අධිෂ්ඨානය ලෙසද හැඳින ගත හැකිය.
"හිජ්රත්" යන අරාබි වදනට සිංහල භාෂාවෙන් සංක්‍රමණය හෝ නික්මයෑම යන අරුත් ලබාදිය හැකිය. ඓතිහාසික කරුණු අධ්‍යයනය දී ඉස්ලාමීය බැතිමතුන් භාවිතා කරන දින දර්ශනය ආරම්භ වෙන්නේ මොහොමඩ් නබි (සල් )තුමා මක්කාවේ සිට මදීනාවට නික්මයෑම පදනම් කරගනිමිනි.එයට "හිජ්රත්" යනුවෙන් පවසනු ලැබේ.ඒ අනුව ඉස්ලාම් භක්තිකයන් සිය නව අවුරුද්ද "මුහර්රම්" මාසයෙන් ආරම්භකීරීමේ සුවිශේෂී ලක්ෂණයක් හඳුනා ගැනීමට තිබේ. එම සුවිශේෂී ලක්ෂණය නම් ඉස්ලාම් භක්තිකයන් සිය නව අවුරුද්ද ආරම්භ කරන්නේ මොහොමඩ් නබී තුමාගේ උප්පත්තිය හෝ මරණය පදනම් කරගෙන නොවීමයි.
තවද ඉස්ලාම් භක්තිකයන්ගේ දින දර්ශනය සකස්වීම කෙරෙහි ශුද්ධ වූ අල් කුර්ආනයේ මගපෙන්වීම අනිවාර්යෙන්ම හේතු පාදකව ඇති බව පහත සඳහන් අල් කුර්ආන් පාඨයෙන් ගම්‍යමාන වේ.
"ඔහු (අල්ලාහ්) (දෙවියන් වහන්සේ) තමා ඉර ආලෝකය විහිදුවන ලෙසත් චන්ද්‍රයා ආලෝකය පරාවර්තනය කරන්නක් ලෙසත් නිර්මාණය කළේ ඒ (නුඹලාට) වර්ෂයන් හා කාලය නූබලා දැනගැනීම පිණිසය."
(ශුද්ධ වූ කුර්ආනය10-5)
ඒ අනුව ඉස්ලාමීය දින දර්ශනය චන්ද්‍රයා පදනම් කරගෙන සවස ඉර බැස ගොස් රාත්‍රිය උදා වීමත් සමඟ දිනය ආරම්භ වන ලෙසත් වසරකට දින තුන්සිය පනස් හතරක් හෝ තුන්සිය පනස්පහක් වන ලෙස සකසන්නට ඇති
බවත් මනාව නිරීක්ෂණය කළ හැකිය තවද අල්-කුර්ආනයේ සඳහන් ඉහත ඉගැන්වීමට අනුව ඉස්ලාමීය දින දර්ශනය සකස් කිරීමේදී "හජ් "වන්දනාව ඉටුකරන "දුල්හජ් " මාසයට පසුව එළඹෙන ශුද්ධ මාසයක් ලෙස "මූහර්රම්" මාසය යෙදී තිබීමත්, ඉස්ලාම් ආගම මුලින්ම ස්ථාපිත වූ මදීනාවට මොහොමඩ් නබි තුමා නික්ම යෑම සිදුවූයේ එම මාසයේ වීමත්, හජ් වන්දනාව ඉටු කරනූ පිනිස කාබාවට පැමිණි මදීනාවාසී අන්සාරිවරුන් මොහොමඩ් නබි තුමන්ට ලබාදුන් අනුල්ලංඝනීය පක්ෂපාතී ප්‍රකාශයත් ප්‍රථම වරට මදීනාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ නිදහස් ස්වෛරී රාජ්‍යයක් බිහිවීමත් ආදී හේතු රැසක් මත පදනම්ව ඉස්ලාම් බැතිමතුන් "හිජ්රි" නව අවුරුද්ද ආධ්‍යාත්මික පාරිශුද්ධතාවට එළඹුමක් ලෙස භාර ගනිති.
බවත් මනාව නිරීක්ෂණය කළ හැකිය තවද අල්-කුර්ආනයේ සඳහන් ඉහත ඉගැන්වීමට අනුව ඉස්ලාමීය දින දර්ශනය සකස් කිරීමේදී "හජ් "වන්දනාව ඉටුකරන "දුල්හජ් " මාසයට පසුව එළඹෙන ශුද්ධ මාසයක් ලෙස "මූහර්රම්" මාසය යෙදී තිබීමත්, ඉස්ලාම් ආගම මුලින්ම ස්ථාපිත වූ මදීනාවට මොහොමඩ් නබි තුමා නික්ම යෑම සිදුවූයේ එම මාසයේ වීමත්, හජ් වන්දනාව ඉටු කරනූ පිනිස කාබාවට පැමිණි මදීනාවාසී අන්සාරිවරුන් මොහොමඩ් නබි තුමන්ට ලබාදුන් අනුල්ලංඝනීය පක්ෂපාතී ප්‍රකාශයත් ප්‍රථම වරට මදීනාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ නිදහස් ස්වෛරී රාජ්‍යයක් බිහිවීමත් ආදී හේතු රැසක් මත පදනම්ව ඉස්ලාම් බැතිමතුන් "හිජ්රි" නව අවුරුද්ද ආධ්‍යාත්මික පාරිශුද්ධතාවට එළඹුමක් ලෙස භාර ගනිති.
ඉස්ලාම් "හිජ්රි"දින දර්ශනයට අනුව යෙදෙන අවුරුද්දේ මාස 12 වන. මූහර්රම් මාසය,සෆර් මාසය, රබීයූල් අච්චල් මාසය,රබීයූල් ආහීර් මාසය, ජමාදුල් අච්චල් මාසය, ජමාදුල් ආහීර් මාසය,රජබ් මාසය,ෂහ්බාන් මාසය,රමලාන් මාසය,ෂව්වාල් මාසය,දූල්කහ්දා මාසය,දූල්හජ් මාසය, මාස 12 තූලම ඒ අනුව ශුද්ධ වූ අල් කුර්ආනයේ මගපෙන්වීම අනුව පරලොව අරමුණු කරගෙන තම මෙලොව ජීවිතය හැඩගස්වා ගැනීමට මෙමගින් ඉස්ලාම් භක්තික ජනතාවට මග පෙන්වීමක් සිදු කරයි.
එනිසා සකල ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් අදින් ඇරැඹෙන1443වන "හිජ්රි" අවුරුද්ද, සාමයේත්, සහජීවනයෙත්, සහෝදරත්වයේත්, ආධ්‍යාත්මික ගුණ වගාවෙත්, උතුම් පරමාර්ථයෙන් යුතු නව අවුරුද්දක් ලෙස බාර ගනු නියතය.
(මෙම ලිපිය සකස් කිරීම සඳහා සමස්ත ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්ධු අෂ් ෂෙයික් කලීලූර් රහුමාන් මවුලවිතුමා ලබාදුන් මඟපෙන්වීමට ස්තුතියි)
0 Comments