"සතුට" මිනිසුන් සියලු දෙනාගේ පරම පැතුමයි. ඒ නිසා සතුටින් සිය ජීවිතය ගත කිරීම සැමගේම අභිලාශයයි. ජීවන සතුට උපරිමව ලබාගැනීමට හැකි සමාජ ආර්ථික දේශපාලන වටපිටාවක් යම් රටක පවතී ද එම රට සතුටු දර්ශකයේ ඉහළන් ඇති රටක් ලෙස සලකයි. එනයින් විසි එක් වන සියවසේ විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු ලෝකයේ ද සතුට සංවර්ධනයේ අත්‍යවශ්‍ය මිනුම් දණ්ඩක් ව පවතී.සතුට යන සංකල්පය හා වචනාර්ථය සන්තෝෂය ප්‍රීතිමත් බව සන්තෘප්ත බව සැපත ආදී වචනවලින් ද විස්තර කෙරෙනවා. අසතුටෙන් මිදීම, ඉවත්වීම, විතැන්වීමද, සතුට ලෙස හඳුන්වනවා.
සතුට සෑම විටම ආනන්දයක් ජනිත කරවනවා. පිබිදීමක් ඇති කරවනවා. ධනාත්මක බවක් ඇති කරනවා. දිරිය ශක්තිය වඩවනවා. සැනසීම සොම්නස ඇති කරනවා. සන්තෘප්ත බවක් පිරිපුන් හැඟීමක් ඇති කරනවා. ඒ නිසා සතුට කෙනකුට මහත් ධනයක් වනවා සේම අගයක් එකතු කරනවා.
ඔබ වඩාත් කැමැති දේ කුමක්ද? ඉන් ඔබට ලැබෙන්නේ කවරක්ද? යන ප්‍රශ්න දෙක කේන්ද්‍රකරගෙන තමන් ගෙන්ම දිගටම ප්‍රශ්න අසාගෙන අසාගෙන ගියොත් එහි කෙරවල පිළිතුර නිසැකවම සතුට ලෙස ඔබට ප්‍රකාශ වෙනවා නියතය
උදාහරණයක්: ලෙස ඔබේ ජීවිතයට කලඑළියක් ලබා දෙන දෙයක් කියන්න කිව්වොත් එවිට ඔබේ පිළිතුර "ලස්සණ සුඛෝපභෝගී" නිවසක් නම් එවන් ගෙයක් දොරක් තිබීමෙන් ලැබෙන්නේ කුමක් ද කියා යළි විමසිය හොත්
එවිට බොහෝ විට ලැබෙන සාමාන්‍ය පිළිතුර වන නිදහසේ කරදරයක් නැතිව සුරක්ෂිතව ආරක්ෂිතව හොඳින් යහපතින් ජීවත් විය හැකිය යන්නවේ. එකී දේවල් ඔබට ලැබෙන්නේ කුමක්දැයි ආදී ලෙස ප්‍රති ප්‍රශ්නයක් වමසූව හෝත් අවසානයේ ලැබෙන උත්තරය සතුට සන්තෝසෂය ප්‍රීතිය ලෙස ඔහු හෝ ඇය ප්‍රකාශ කරනු නියතය
දැනට ඔබ කරන, කියන, සොයන, බලන, දේවල් සියල්ල ගැන එලෙස විමසා බැලූ විට සෑම විටම ලැබෙන අවසානාත්මක පිළිතුර පිළිතුර "සතුට" බව ඔබට පසක් කරගත හැකි වනු ඇත.
ඒ නිසා මිනිස් ජීවිතය සතුටෙන් වෙන් කළ නොහැකිව පවතිනවා. මිනිසුන් සතුට වෙනුවෙන්, සතුට සඳහා, සතුට ඉලක්ක කරගෙන, තම ජීවන හැසිරීම් සිදුකරන බව එයින් ගම්‍යමාන වනවා.
එසේම ඔබ විටෙක සතුටට පත් කරන දෙයින් ඔබ තවත් විටෙක අසතුටට පත් වන්නටත් පිළිවන. විටෙක සතුට දනවනදේ තවත් විටෙක අසතුටට හේතු වීමට හැකිය. එනිසා ලෝකයේ පවතින කිසිම ප්‍රපංචයක් සදාකාලික සතුට අත්පත් කර නොදෙන බව අප වටහා ගත යුතුය. එනිසා සතුට සෑම විටම සාපේක්ෂය. එනිසා සතුට නිරපේක්ෂ නැත.
සතුට සෑමවිටම පුද්ගල බද්ධ වේ. එනිසා සතුට පවතින්නේ ද පුද්ගලයා තුළමය. එනිසා එය බැහැරින් ලබාගත නොහැකිය. බැහැරින් අපේක්ෂා කිරීම අනුවණකමකි කළ හැක්කේ තමා තුළ ඇති සතුට අවදි කර ගැනීමයි. සමාජයකට වුව ද එය එසේමය. සමාජයේ සිටින සෑම පුද්ගලයෙක් ම තමා තුළ පවත්නා සතුට අවදි කර ගන්නේ නම් ප්‍රීතිතිමත් සතුටින් ජීවත් වෙන සමාජයක් නිර්මාණය කරගත හැකිය.
සතුට සැමවිටම අවිහිංසාවාදී වීම වැදගත්ය. එසේම සතුට ස්වාර්ථකාමී විය යුතුවා මෙන්ම පරාර්තකාමී ද විය යුතුය. එවිට සතුට සතුට ඉතා මනරම්ය. ඉතා වර්ණවත් ය. එනිසා අවිහිංසාවාදී ස්වාර්ථය හා පරාර්ථය සලසන සතුට පරමානන්දනීය සතුට ලෙස විස්තර කළ හැකිය.
සතුට සෑම විටම විනිවිදභාවයෙන් යුතුය. එසේම සතුට සෑම විටම වගකීමෙන් සහ වගවීමෙන් පරිපූර්ණ විය යුතුය. එවන් වූ පරමානන්දනීය සතුට සෑම විටම උසස් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලින් සමන්විත වනු නිසැකය.
මම සතුටු වෙනවා සේම, මගේ පවුලේ අයත් අසල්වැසියන් ගම්වැසියන් රටවැසියන් ලොව වැසියන් යන සියල්ලම සතුටු වෙනවා නම් එය සතුටේ රසය ආනන්දය මෙන්ම අර්ථයද තවත් තවත් වර්ණවත් කරනවා නොවේද? එවන් සතුටක් කල් පවත්නා සතුටක් වීම නිසැක බැවින් සතුට ගැන එසේ සිතීම ද සතුටක් නොවේ ද?
සතුට එසේ වුවත් වත්මන් සමාජයේ බොහෝ දෙනා සතුට හඳුනන්නේ නැත. ඔවුන් තුමා තමා තුළ ඇති සතුට අවදි කර ගන්නවා වෙනුවට පිටතින් සතුට අපේක්ෂා කරති. සතුට ඇත්තේ තමා තුළ නිසා එය පිටතින් ලබා ගැනීමට ද නොහැකිය. නමුත් ඔවුන් අනවබෝධයෙන් සතුට පිටින් සොයන නිසාත් තමා තුළ ඇති සතුට හඳුනා නොගන්නා නිසාත් සතුටේ හිගයක් පවතී. එනිසා සතුටට ඉල්ලුමක් ද පවතී. එනිසාම සතුට අලවි කළ හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ.
එනිසා ඊනියා සතුටු ප්‍රවර්ධක ජාවාරම්කරුවන්ට නොයෙකුත් දේ සතුට ලැබෙන දේවල් ලෙස ප්‍රචාරය කර අළෙවි කළ හැකිව තිබේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, නොයෙකුත් දුරාචාර, සමාජ විරෝධී ක්‍රියා, සතුට ලබාදෙන දේවල් ලෙස සරසා ප්‍රචාරයකර විකිණීම ඔවුන් සිදු කරති. මිනිසුන් ඒවාට රැවටෙති. මුළා වෙති. මිනිසුන් දිගින් දිගටම එම රැවටිලිකාර ජාවාරම්කාර ක්‍රියාවලින් සතුට සොයා සතුට නොලැබ අසරණ වෙති. සැබෑ සතුට නොහඳුනන්නන් බවට පත්වෙති.
බොහෝවිට ඔවුන් සතුට ගැන හාංකාන්සියක අවබෝධයක් ලබාගන්නේ එම රැවටිලි වලින් ජීවිතයේ නොවැළැක්විය හැකි දුර්භාග්‍යයන් රැසකට ලක් වීමෙන් පසුව බොහෝ පීඩාවන් වලට ගොදුරු පසුවය. ඒ ඔවුන් එතෙක් සිටි රැවටිල්ලෙන් ම්දීමේ සතුටයි. එනම් ඔවුන් සතුට සොයා ගිය ගමනේ මුලාවෙන් මිදීමේ සතුටයි.
එනිසා සතුට සතුට ඔබ සඳහා සේම සමාජය සඳහා වන බවත් සතුට පවත්නේම ඔබ තුළ බවත්, එය ඔබ සඳහාත් සමාජය සඳහාත් හොඳට ඇඳින භාවිතා කළ යුතු බව වටහා ගත යුතුය.
සතුටින් කුමන දෙයක් ආරම්භකර එය කෙලෙස ඉටු කළොත්ද? මට කල්පවතින සතුටක් ලැබේන්නේ යන ප්‍රශ්නදෙක සෑම පුද්ගලයකුම තමන්ගෙන් විමසා කටයුතු කළහොත් සෑම පුරවැසියකුටම සැබෑ සතුටට හිමිකම් කියන්නට පුළුවන් වාසනාවන්ත තත්ත්වයක් සතුටින් ඇති කරගත හැකිය.






0 Comments