මෙවන් දුෂ්කර පසුබිමක් තුළ රජය මූණපා සිටින දුෂ්කරතාවය පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ උතුම් දේශහිතෛෂී මිනිසෙකු තමන්ගේ පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන එකහමාරක (1,500,000) විදේශ විනිමය එවකට රජයට පරිත්‍යාග කරන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.
ලාංකීය ඉතිහාසය තුළ සාමාන්‍ය පුරවැසියෙකු විසින් පවත්නා රජයකට විදේශ විනිමය පරිත්‍යාග කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
ජාති,ආගම්,පක්ෂ බේදයෙන් තොරව දේශයේ අභිමානය රැකගතයුතුයි යන පරම පවිත්‍ර චේතනාවෙන් පමණක්ම මෙම වටිනා ක්‍රියාවලිය සිද්ධ කලාවූ එම යුග පුරුෂයානෝ තම ක්‍රියාවලිය තුලින් ගෞරවය හා කීර්තිය ලබාදුන්නේතමන්ට හෝ තමුන් නියෝජනය කරන ජාතියට පමණක්
නොව සමස්ථ ලාංකීය ජනතාවටම ය.....
මෙම ඓතිහාසික සිදුවීම අද වන් දවසක එනම් 1974 වර්ෂයේ අගොස්තු මස 14වන දින එවකට අග්‍රාමාත්‍ය තුමියගේ නිල නිවසේ දී සිදුවිය.
එම අවස්ථාවට එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය එන්.එම්.පෙරේරා,
අධ්‍යාපන ඇමතිවරයා වූ ගරු අල්හාජ් බදියුදීන් මහමූද්, බේරුවල කොට්ඨාසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එවකට නියොජ්‍ය කථානායකවරයා වූ අල් හාජ් අයි.ඒ කාදර්, බේරුවල නගරය සඳහා වූ එවකට විශේෂ නාගරික කොමසාරිස් අල්හාජ් නව්ෆල්.එස්.ජාබිර් මහතා ඇතුළු පිරිසක් සහභාගිවූහ.
මෙම ඓතිහාසික සිදුවීම සිදුවී අදට වසර 46ක් සපිරෙන මෙම අවස්ථාවේ අප මව් රටට ශක්තියක් වූ එම උතුම් යුගපුරුෂයානන් වන බේරුවල පදිංචි දිවන්ගත නලීම් හාජියාර් මහතාගේ පරලෝ සැපත වෙනුවෙන් අප සැම අධිෂ්ඨානයෙන් යාඥා කරමු.
0 Comments