SRI LANKA


 

ඉතිහාසයෙන් බිඳක්-2

 


ලංකාවට

පේෂකර්මාන්තය 

 හදුන්වාදුන්

 දේශමාමකවරුන්

දඹදෙනිය රජ සමයේ 2 වන විජයබාහු රජුගේ මැති සබයේ  මුස්ලිම්වරුන් පස්දෙනෙකු. රාජසභාව නියෝජනය කලේය.

ඹවුන්ගෙන් කෙනෙකු රජුගේ ආරකෂක භටයෙකු ලෙසත් කටයුතු කලේය.

ඹහු නමින් මීරා ලෙබ්බේ ය. වරෙක ඹහුව අප අසල්වැසි භාරත දේශයට යවාතැබූ රජතූමන් ඉන්දියාවේ සිටින දක්ෂ පේෂකරුවන්ව ලංකාවට කැදවාගෙන එනලෙසට ඹහුට අණකළේය.

ඉන්දියාවට  ගොස් කම්කරුවන් හත්දෙනෙකු සමග ලංකාවට නැවත පැමිණි මීරා ලෙබ්බේ ඹවුන්ව හලාවත ප්‍රදේශයේ පදිංචි කලහ.

එම පිරිස රාජ්‍ය අනුග්‍රහයතූල ඉතා හොදින් ආගන්තුක සත්කාරයට පාත්‍රවූ බව

ඉතිහාසයගත සටහන්වල සදහන්වේ.

අනතුරුව බැලූ සෑම ප්‍රදේශයකම ඇගලුම් ව්‍යාපාරය නිර්මාණය වන්නට පටන් ගත්තේය මෙය  මුස්ලීම්වරුන් යටතේ පාලනය විය.

කාලයාගේ ඇවෑමෙන් මෙම ව්‍යාපාර ක්‍රමය අඩුවී පොට්ටනි ව්‍යාපාරය බවට පරිවර්තනය විය.

මෙම ව්‍යාපාරික පිරිස ඇගලුම් පොට්ටනි බැදගෙන ගමින් ගමට ගොස් එකී  ගම්වැසියන්ට  අවශ්‍යය අලංකාර රෙදි පිළි ලබාදෙමින් ව්‍යාපාරයේ නියැලුණුහ.

මෙම ව්‍යාපාරයට 1948 න් පසු වෙනත් අයද සම්බන්ධ වන්න පටන් ගත්තේය.මෙහිදි තවත් වැදගත් කරුණක් සටහන් කිරීම ඉතා වැදගත්ය.

එකල අප දේශයේ ආනයන,අපනයන කල ප්‍රසිද්ධ ආයතන දෙකක් තිබුණි.

 එකක් "ලුක්මන් ජී" ආයතනය සහ අනික "ජබාර් ජී "ආයතනය වේ.

මෙම ආයතන දෙක විදේශයෙන් රෙදිපිළි ගෙන්වා ලංකාවේ සිටින සියළුම ජාතීනට ආවේනික ආකාරයට අදින්නට රෙදිපිළි බෙදා හැරීම සිදු කළේය.

සටහන.

{ සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් }

Post a Comment

0 Comments