SRI LANKA


 

ඉතිහාසයෙන් බිඳක්_05

 " ඓතිහාසික දඹදෙණිය රාජයුගය "

ඕනෑම රටක්,ජාතියක්,සංවර්ධනය වී පෝෂණය වන්නට නම් ඒ රට වැසියන්තුල සාමූහිකත්වයෙන් පරිපූර්ණ වූ  දේශහිතෛෂී භාවය  ගොඩනැගිය යුතුයි. එය එසේවන්නට එකී දේශයතුල ජීවත්වන සියළුම ජනවර්ගයින්  එකාමෙන්  එක්සේසත් විය යුතුයි.  අප ජාතික ගීයේ  අරමුණත් මෙයයි .

 එය එසේනොවී  ජාතිකත්වය  ගොඩනැගීම යන අර්තයෙන් රටේම අනෙක් පාර්ශවයන් පසෙකලා තම ජාතීන් අතර පමණක් සාමූහිකත්වය ගොඩනගමින් රටක් පෝෂණය කිරීමට වෙරදැරීම  කෙතරම් සාර්ථක ද ? යනූ මදක් සිතමු....

 පහත දිගහැරෙන දේශයේ තවත් එක් අභිමානවත් ඉතිහාසයක් අප ජාතීන් වශයෙන් බෙදෙන්නට නොව එක්වන්නට කදිම නිදසුනකි.

දඹදෙණිය යුගයේ දෙවන විජයබාහු රජතුමා තමාගේ රාජ සභාවේ මුස්ලිම්වරුන් පස්දෙනෙකු ම රාජ මන්ත්‍රී වශයෙන් පත්කර ඹවුන්ගෙනුත් එක්කෙනෙකුව තමාගේ ආරක්ෂක භටයෙකු ලෙස පත්කරගත්බව පුරාණ ඉතිහාසය තුලින් දැනගන්නට ලැබේ.

 එසේම 1270  ගණන් වල 4 වන විජයබාහු රජුව මරණයට පත් කරමින් රජකම අත්පත් කරගන්නට  " මිත්ත " නැමැති පුද්ගලයෙක් කුමන්ත්‍රණ කළහ.

එම අවශ්තාවේ දී 4 වන විජයබාහු රජුගේ සහෝදරයා වන බුවනෙකබාහු "තාහූර්" නැමති මුස්ලිම් සෙන්පතිගේ උදව්වෙන් 1272 දී රජකම ලබාගත්තේය.

අනතුරුව ඊජිප්තු රාජ්‍යයයේ රජතුමාගේ උදව් පැතූ රජතුමන් 1283  දී අබූ උස්මාන් නැමත්තාව රාජ දූතයෙකු ලෙස ඊජිප්තුවට යවා තැබීය.

මෙමගින් ඇතිවූ සම්බන්ධතාවය රජුගේ මරණයෙන් පසුව ද පැවතුනු බවට ( කි: ව: ) 13 වන ශතවර්ෂයේදී ලියැවුණු එම වර්ෂයේ ලේඛනවල මෙන්ම ඊජිප්තු රජු සතු කාසිවලින්ද මනාව පැහැදිලි වේ. යනුවෙන් V.S.P මෙන්ඩිස් සහ H.W කෝහින්ඩල් ගේ ලිපි ලේඛන වලින් දැකගත හැකිය.

ලංකාව ( කි: ව: ) 08 වන හා 11 වන ශතවර්ශයන් හි කාලවකවානුවල  මාන්දෛ හා මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල සොයාගත් එළුපිටිය ශීලා ලිපි,ජූලියන් දූපත් ශීලා,තිරුකේදීස්වර ශීලා ලිපිවල 'එකී ප්‍රදේශයන්හි   අරාබි වැසියන් පදිංචිවී සිටිබව සදහන්වේ. එසේම කොළඹ දී හමුවූ කූබී අක්ෂර සහිත ශීලා ලිපියේ කොළඹ ප්‍රදේශයේ අරාබි වැසියන් පදිංචිවී සිටිබවත්  ඹවුන් අරාබිකරයත් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවටත් සාධක තිබේ.

කොළඹ නගරයේ දැනට තිබෙන  නව යෝන් වීදිය සහ පරණ යෝන් වීදිය අතීතයේ මුස්ලිම් වරුන් බහුලව එහි ජීවත් වූ බවට සාක්ෂි දරයි.

"මුස්ලිම් ඹෆ් ලංකා" නම් ග්‍රන්ථයේ D.R.H අබේසිංහ මහතාගේ මුල්කොට කලාශූරී ෂුක්රි දක්වා  තමන්ගේ " ලාංකික මුස්ලිම් ජනග්‍රහ සදහා වන ඉතිහාස මංපෙත" නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.

ලාංකීය මුස්ලීම්වරුන් අතීතයේ අභිමානයෙන් ජීවත් වූ අතර ඹවුන් සැමදා එකල පාලකවරුන් වන රජවරුන් සමග විශ්වාසයෙන් කටයුතු කළහ. මෙය පිළිකුලෙන් හෙළා දකින පෘතුගීසි ලේඛකයෙක් වන "කෙයිරෝස්" සිංහල ජාතීන්ට එරෙහිව එවකට සිදුවුණු සෑම සටනකදීම මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ට පක්ෂපාතී ව උදව්කල බවට තම ලේඛනවල සඳහන් කරයි.

ලාංකීය රජවරුන් මුස්ලිම් ජනතාව සමග ඉවසිලිවන්ත ව හා විශ්වාසවන්තව කටයුතු කර තිබේ.

2 වන විජයබාහු රජතුමා තම ඇමති මණ්ඩලයේ මුස්ලිම් වරුන් 5 දෙනෙක්ම පත්කරගෙන ඇති අතර ඹවුන්ගෙන් කෙනෙකු ව තම පෞද්ගලික ආරක්ෂකයා ලෙසද තෝරාගෙන තිබේ.

මෙම සිදුවීම් එකල පාලකවරුන් වන රජවරුන් හා මුස්ලිම් වරුන් අතර තිබුන විශ්වාසනීයත්වය මනාව පිළිබිඹු කරන සාධකයකි.

තවද මුස්ලීම්වරුන් ආනයන හා අපනයන ව්‍යාපාරවලද බහුලව යෙදී ඇති බවට මහා වික්‍රමබාහු ජාත්‍යන්තරය උදෙසා ස්ථාපිත කරපු  " අන්දරන්ගතුර "නැමැති ඉහල සභාවේ මුස්ලිම්වරුන් 4 දෙනෙක්ව පත්කර ඇතිබව පුරාවිද්‍යා ගවේෂක ආචාර්ය S .පරණවිතාන මහතා සදහන් කරයි.

"බෙහෙතේගේ මුහන්දිරම්" නිලය දැරුවන් රජතූමා සමග ඉතා සමීපව කටයුතු කළ මුස්ලිම් වෛද්‍යවරු කොටසකි.මොවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වල තිබුන සත්‍ය හා විශ්මයජනක  ප්‍රතිඵල හේතුකොටගෙන  මොවුන්ට ගෞරව කිරීම පිණිස උඩුනුවර ප්‍රදේශයේ විවිධ ස්ථාන වල ඉඩම් තෑගි වශයෙන්

ලබාදී ඇත. තවද රජතූමාව කුමන්ත්‍රණ කාරීව මරාදමා පාලනය ඩැහැගන්නට උත්සාහකල අය පිළිබදව දැනගෙන ඔවුන් පිළිබදව රජතුමාට සැලකරමින් එතුමාව ආරකෂා කිරීම වස් ක්‍රියාත්මකවූ  " පල්කුඹුරේ  වෛද්‍ය තිලකරාජ කරුණා මුදලිතුමාටද"  ඉඩම්ද,තෑගී බෝගද ලබාදී  කටබේරිය සන්නස නැමැති ගෞරව නාමයෙන්ද එකල උපහාර පිදූහ. මෙම ගරු බුහුමන් නාමවල පාරම්පරික උරුමයන් ආදටත් එම පරම්පරාව තුල දක්නට ලැබේ.

දඹදෙණිය යුගයේ 2 වන පරාක්‍රමබාහු රජතුමා

බෝවන රෝගයකින් පීඩා විදින මොහොතේ එතුමාව සුවකිරීම පිණිස  රජතුමන් විසින් දිල්ලි සූල්තාන්ට ඉල්ලීමක් කළේය.එම ඉල්ලීම පිලිගත් සුල්තාන් වරයා උතුරු ඉන්දීය " කෝෆ්" ප්‍රදේශයේ සිටි ස්පාඤ්ඤ පරම්පරාවෙන් පැවතෙන එක් වෛද්‍ය වරයෙකුව පරාක්‍රමබාහු රජුගේ රෝගයට ප්‍රතිකාර කිරීම උදෙසා යවා තැබීමට කටයුතු කළේය. ඔහු නමින්   " ගෝපාලි මුදලිගේ අන්සාර් ඉබ්නු උබෛද් උඩයාර්ය". ඹහුව රාජ්‍යය වෛද්‍ය වරයා ලෙස පිළිගත් අතර බෙහෙත්ගේ මුහන්දිරම් පරම්පරාවෙන්  පැවතෙන්නේ මොහුගේ පවුලේ උදවියයි යනුවෙන්  ලෝනා දේවරාජා  මහතා සදහන් කරයි.

  ( කි: ව:) 1310 සිට 1410 දක්වා ලංකාවේ දේශපාලනයට මූලිකත්වය සැපයූවේ "අලහක්කෝනාර්" ලෙස හැදින්වූ මූස්ලීම්වරුන්ය.එසේම   " අන්සාර් ඉබ්නූ තුෆෛල්" නැමත්තාගේ පරමිපරාවෙන්  පැවතෙන්නාවූන් තමයි වර්තමානයේ  මහනුවර ගැටබේරිය නම් ප්‍රදේශයේ වාසය කරනුයේ. මෙම ගම් ප්‍රදේශයේ සිටින ස්ත්‍රීන්ට  "මැණිකේ" ලෙසත් පූරුෂයින්ට "නිලමේ" ලෙසත් ගෞරව නාමයෙන් ආමන්ත්‍රනය වූ අතර එම පූරුද්ද වර්තමානයේද  අපට දැකගන්නට හැක.

මොවුන්ගේ වෙද,හෙදකම් ලංකාව තුල  කෙතරම්  සුප්‍රසිද්ධ ද යනු අප හොදින් දන්නා කරුණකි.

තවද අලහක්කෝනාර් නමින් හැඳින්වෙන  රජ පවුල වසර 100 ලංකාවේ  පාලනය ගෙනගියබව ඉතිහාසය වේදීන් පවසයි.එවකට ප්‍රධාන අමාතය්‍ය ධූරයක් හෙබවූ  පිළිමතලාව ඇහැලේපොළ සමග එකතුවී  ශේෂ්ඨාධීකරණය් විනිසුරු ලෙස "බෙහෙත්ගේ මුහන්දිරම්" කෙනෙකු සේවය කළේය.

 එලෙසම ( කි: ව: ) 1791 වලදී මීරාලෙබ්බේ,මේස්තිරියර්,ශේක් මරික්කාර්,,ශරීක් ලෙබ්බේ යන විද්වතුන්    ' ගාල්ල,මාතර, කොළඹ යන ප්‍රදේශවලත්  එම තානාන්තර හෙබවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

 ඓතිහාසික සෙංකඩගල පුර මහනුවර රාජධානියේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ පාලනය විශිෂ්ට ලෙස සිදුකිරීම පිණිස ( බද්ද) නම් දෙපාර්තමේන්තු  ක්‍රියා කෙරිණි.මෙවැනි බොහෝ බද්දවල්වල පාලකවරුන් ලෙස මුස්ලිම් වරුන් කටයුතු කළහ.එලෙසම  ලේකම්, මුහන්දිරම් යන පදවිවලත්  මුස්ලීම්වරුන් රාජකාරී කටයුතුවල නිරත වූහ.

මෙම සියළුම ඉතිහාසය න් මෙකී ජනවර්ගයාගේ පාරම්පරික උරුමයන්වලට නිවැරදි සාධකයන්ය.

ගැටබේරිය ප්‍රදේශයේ වාසය කරන මුස්ලීම්වරුන් බහුතරයකගේ පරම්පරා ගත වාසගම වනුයේ..... රාජසිංහ, වෛද්‍ය තිලක, මුදියන්සේ ලාගේ,උඩෙයාර්.,.නමින්ය.

අවසානය සනිටුහන් කරන්නට මත්තෙන් තවත් වැදගත් කරුණක් මෙලෙස මා  පෑන්තුඩට මුසුකරමි.

එනම්.... අප මාතෘ භූමිය විවිධ විදේශීය ආක්‍රමිකයන්ගේ රැහැනෙන් මිදීමෙන් අනතුරුව  නිදහස  ලබා පවත්වනු ලැබූ ප්‍රථම  පාර්ලිමේන්තු සැසිවාරයේ දී  එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ දිවංගත S.W.R.D බණ්ඩාරනායක මැතිදුන් තම සභාවාරය අමතමින් " මෙම දේශයේ ඉතා පැරණි මානව ප්‍රජාව වන්නේ සිංහලයෝ වගේම මුස්ලීම්වරුන් ය....යනුවෙනි.

අප දේශයට  දේශපාලන නාකත්වය හෙබවූ බුද්ධිමත් නායකයෙකුගේ මෙම ප්‍රකාශය කාලානුරූපව සියළුම ජනකොටස් වලට යහපත් නිදර්යකි...

සටහන

 ( සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය, දේශබන්දු , කෝට්ටේගොඩ ආරච්චි ලෑ ගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා )


Post a Comment

0 Comments