SRI LANKA


 

සමාජ දෘෂ්ඨිකෝනයෙන් මූසලයි යනුවෙන් විවේචනයට ලක්වන "ඈ"

විශ්ව  සමාජයතුල ඇතැම් අය තමන්ට කුමන දරුවෙකු ඉපදුනද' එය තම තමන්ගෙගේ ආගමට අනුකූලව දෙව්යන් විසින් ලබාදුන් වරමක්,දායාදයක් ලෙස සිතා  සැනසෙති, සතුටුවෙති,උද්දාමයට ද  පත්වෙති.

 

ශුද්ධ වූ අල්-කුර්ආනයේ ද විවාහගත යුවළට දරුථල ලබාදීම තුලින් අප ඹවුනට ත්‍යාග පිරිනමන්නමු යනුවෙන් සදහන් වන්නේය.

තවද මෙම ත්‍යාගයේ හිමිකම අහිමි කරගත් ,තම පරම්පරාව සමාජගතකරන්නට වරම් නොලැබූ  ලකෂ  සංඛ්‍යාත සැම්යන්,බ්රිඳන්ගේ දුක, වේදනාව වා තලයට මුසුවන්නේ ඔවුන්ගේ අභාවයෙන් පසු තම අනන්‍යතාවයේ සංකේතයක්, සලකුණ ක් මෙලොව ඉතිරිකරන්නට වරම් අහිමිවීමෙන් සිත තුල දැවෙන වේදනාවත් සමගින්ය.,.

නමුත් තවත් සමහර උදවිය තමන්ට පිරිමි දරුවෙකු පමණක් ලැබිය යුතුයි යනුවෙන් සිහින මවති ප්‍රාර්ථනා කරති,පුද පූජා  පවත්වති භාර හාර ද වෙති.

මෙය මෙලෙස සිදුවන්නට පදනම්වන මූලික හේතූ කවරේද ,එහි අඩිතාලම කුමක්ද? යනුවෙන් මදක් අපගේ අවධානය යොමු කරමින් අපවද මෙලොවට ප්‍රසූත කරමින් මාතෘත්වයේ අභිමානයට හිමිකම් කියමින් මව් පදවිය හොබවන ඇයත් "කාන්තාවක්" ලෙසින් මේ පොළෝතලය තුල ඇයට සිදුවන අසාධාරණකම් අඩන්තේට්ටම් වලින් මදක් හෝ  ඇයව වලක්වා ලන්නට හැකිවේවා යන අරමුණෙන් " ඈ" පිළිබදව සමාජයතුල පාවෙන වැරදි ආකල්ප පිළිබදව අවධානය යොමු කරන්නට මෙම ලිපිය තෝතැන්නක් කරගනිමි.

විවාහයෙන් පසු තම බිරිඳට පිරිම දරුවෙක් පමණක් තමන්ව නියෝජනය කරමින් ඉපදිය යුතුයි යන පහත් ආකල්පයන් සමාජයතුල ගොඩනැගෙන්නේ අද ඊයේ නොව ඈත අතීතයේ පටන් කාලාන්තරයක් තිස්සේය. මේ විශ්ව සමාජයතුල කාන්තාව,ගැහැණිය යනු පිරිමි පාර්ශ්වයේ වැහැළියක් ,මෙහෙකාරියක් ලෙස සමාජ කතිකාවට ලක්ව තිබේ.

 ඉස්ලාම් ඉතිහාසයේ මූලාරම්භයට පෙර අරාබි සමාජයතුලද කාන්තාව ඉතා පහත් ,නින්දිත, අසුභ,මූසල ජීවියෙක්ලෙසට සමාජය පරිහරනය කළේය.මෙනිසා එදා අරාබි සමාජය තුළ තම බිරිඳට යම් හෙයකින් ගැහැණු දැරියක් ප්‍රසූත වූවානම් එය තම වංශයට,කුළයට අවමානයක්, දරිද්‍රතාවයක් ලෙස සිතා එකී දැරියගේ පියා විසින්ම තම දරුවාව පන පිටින්ම තම දෑතින්ම ගෙල මිරිකා මරාදැමීම   නැතිනම් වලක් හාරා වළලා දැමීම යන පහත්  ක්‍රියාව සිද්ධකළේ කිසිදූ හිතක්,පපුවක් නැති කුරිරු  මිලේච්ඡ මෘගයින් ලෙසටයි.

මේ පිළිබඳව ශුද්ධවූ අල් කුර්ආනයේ මෙලෙස සටහන් වන්නේය...

" ඹවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දැරියක් ඉපදීමේ පුවත සැළකලහොත්  ඹහුගේ මුහූණ  ( කනස්සල්ල) හේතුවෙන් අදුරු වී කළු පැහැගැන්වේ එසේම කෝපය ගිල ගනී "

( ගැහැණු දැරියක් ඉපදීම ගැන) ඹහුට සැළ කර සිටිය පුවත මෙනෙහි කොට  ( අප්‍රසන්න තාවයකින්)  නින්දනීය ලෙසින්ම ඇය (ඝාතනය නොකර) තබාගන්නෙහිද ? නැතහොත් ඇයව පස්වලින් ( පණපිටින් ) වසනු ලබනවාදැයි ? සොවින් වෙලී ජනයින් ඉදිරියට නොපැමිණ සැඟවී සැරිසරයි."( අල්කුර්ආන්_16/58,59 )

මෙම දිව්‍යමය හෙළිදරව් ව අනූව ඉතා ඈත අතීතයේ විසූවන් පවා ගැහැණු දැරියකගේ උපත ගැන,උපත සිදුවූ පවුල ගැන සලකා ඇත්තේ පහත් තත්වයෙහිලාය.එවැනි අසරණ දෙමාපියන් තම දැරිය පණ පිටින් වළලා දමනවාද ? එසේ නැතිනම් ඝාතනයට  පත් කරන තෙක් අන් අයගේ නෙත්වලට නොගැටී සැඟවී සැරිසරනවාදැයි උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිහත් වී සිටින්නේ එම නින්දාවේ බලපෑම බව  මෙම හෙළිදරව්ව තුලින් අපට මනාව අවබෝධ කර ගැනීමට හැකිය.

එවැනි කුරිරු අන්ධකාරී යුගයක සමස්ත ලෝකවාසී ජනතාවටම  ආශිර්වාදයක් ලෙසින් මෙලොව කල එළි දුටු අප නබි නායක මුහම්මද් තුමානෝ එකී "අයියාමුල්  ජාහිලියියා" නැමැති නූගත් යුගයේ සිදුවූ මාණවයාට අහිතකර 

එම යුගයට ආවේනික පාරමිපරික තුච්ඡ ක්‍රියාවන් එකින් එක අකා මකා දමමින් අන්ධකාර ඉතිහාසයකට පමණක් උරුමකම් කියමින්  ජීවත්වූ ඇයගේ ඉතිහාසය කණපිට පෙරළමින් කාන්තා අයිතීන් සුරකෂා කරමින් මෙලොව  වටිනාම පදවිය මව් පදවියයි,මෙලොව වටිනාම වස්තුව කාන්තාවයි  යන අභිමතාර්ථය සමාජ ගතකරමින් ඉස්ලාම් දහම තුලින් "ඇයව" අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන ආවේය.(එතුමන්ට ශාන්තිය අත්වේවා).

මෙවැනි ඉතිහාසයක් ඇති ඉස්ලාම් දහමත්, මුස්ලිම් සමාජයත් අද කාන්තාවන් විෂයෙහි  සමාජයේ සමහර උදවිය අභියස උපහාසයට, විවේචනයට  ලක්වන්නේ ඉස්ලාම් දහමත්, මුස්ලිම් සමාජයත් කාන්තා නිදහස උල්ලංගනය කරමින් ඹවුන්ගේ අයිතීන් විනාශකරන්නන් ලෙසය. ඒ ඹවුනොවුන්ගේ අනාවබෝදයයි. නමුත් සතය්‍ය ඊට හාත්පසින්ම වෙනස්ය.

කාන්තාවන් විෂයෙහි

සමාජය මෙවැනි පහළ මටිටමකට හීන වීමට හේතු සාධක වන කාරනා කිහිපයක් පිළිබඳ ව අනතුරුව අපගේ අවධානය යොමු කරමු.

ගැහැණු දැරියක් නොව පිරිම් දරුවෙක් .... යනුවෙන් ප්‍රාර්ථනා කිරීමට තුඩු දී ඇත්තේ ගැහැණු දැරිය ප්‍රසූත කළ නිමේෂයේ පටන් ඇය සරණ පාවා දීම දක්වාද ඉන් ඉදිරියට ද ඇය වෙනුවෙන් දෙමාපියන් ජීවිතයේ නානාප්‍රකාර අසීරු අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවීමවේ. ඇය මල්වරවීමෙන් පටන් ගන්නා මෙම අරගලය  ඇයගේ විවාහ මංගල්‍යයේ දී සූදානම් කළ යුතු ලක්ෂ ගණනක දෑවැදි,කණකර රන් ආභරණ, ඇදුම් පැළදුම්,ඉදුම්,හිටුම්,නව යුවල ගෙට ගෙවැදීමේ සංග්‍රහය යනාදියට වියදම් දැරීම වගේම තවත් විවිධාකාර වියදම් කන්දරාවකට මැදිවී ගොඩ එන්නට බැරිතරමට හසු වී තැවෙන්නට සිදුවන සිදුවීම් දක්වා දිගහැරේ.

එමෙන්ම පිරිමි දරුවෙකු නම් තම යොවුන්වියේ දුරාචාරය වැනි අකටයුත්තක යෙදුනත් එය ඒ සා සැලකිය යුතු දෑඩ් අපකීර්තියකට බල නොපායි.එහෙත් ගැහැණු දැරියක් එවැනි වරදක බැදුනහොත් එම කැළල හා අපකීර්තිය සදාකල්ම නොමැකී පවතිනු ඇත.

මේ ආකාරයේ තවත් විවිධාකාර හේතූන් මත මේවනකොටද බොහෝ අය ගැහැණු දැරියන් ඉපදීම ගැන අකමැත්තක් දක්වන්නෝය.එසේම එය මූසලකමක් ලෙස සලකති. ඒ නිසාම සමහරු අදටත් තමන්ට ඉපදෙන ගැහැණු දැරිය උපන්ගෙයිම ඝාතනය කරන  නැතිනම් මවි ඝර්භාෂය තුලදීම දරු කැළ විනාශ කරමින් අසරණ පව්කාරයින් බවට පත්වනෝය.

ඉතිහාසයේ මෙවැනි පහත් ක්‍රියාවන්ට සියළු සමාජයන්වල අප්‍රමාණ නිදසුන් තිබුනද , ඉතිහාසයෙන් මිදී සමීප කාලයක අප අසල්වැසි භාරත දේශයේ සිදුවූ යමි සිදූවීම්වල ප්‍රවෘත්තියන්හට අප අවධානය යොමු කරමු.

වර්‍ෂ 1985 දෙසැම්බර් මස 04 වැනි දින නිකුත් වූ ඉන්දියානු "ජූනියර් විගඩන්" නම් සගරාවෙහි  දෑවැදි දීමට ඇති බ්ය හේතුවෙන් ""උසිලමිපට්ටි"" නම් කොට්ඨාශයෙහි ගැහැණු දැරියක් ඝාතනය කිරීම ගැන පළවූ ලිපියද.

ඉන් අනතුරුව 1986  අගෝස්තු මාසයේ දෙවැනි සතියේ එම සගරාවෙහිම  ""යළිත්  උසිලම්පිටියේ"" යන ශීර්ෂය යටතේ පළ කර තිබූ පුවතද.     වත්මන්හි පවා ගැහැණු දරුවන් ඝාතනය කිරීම පමණක් නොව ඉන් එහා ගිය හිරිහැර, අඩන්තේට්ටම්, ලිංගික අපචාර, දූෂණ වැනි සැහැසි ක්‍රියාවන් පැවැතීම ගෙනහැර දක්වන්නාවූ සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.

එදා අතීතයේ නූගත් සමාජයන්තුල මෙවැනි පහත් දේ සිදුවීමට නූගත්කම බලපා ඇතැයි සිතා අමතක කළද තාක්ෂණයේ දියුණුව,මානව අයිතීන් සුරැකීම,  කාන්තා අයිතීන් ආරක්ෂා කිරීම යන මෙයින් වවිධ ධනාත්මක චින්තනවාදී ආකල්පයන්,සංවිධානයන් අහස සිපගන්නා තරමට සීඝ්‍රයෙන් වර්ධනය වූවද අතීතයේ ,නූගත් යුගයේ සිදුවූ කාන්තා අවමානයට වඩා වර්තමානයේ බුද්ධිමත් යුගයේ සිදුවන්නාවූ අවමානයන්,අපහාසයන්,අයිතීන් උල්ලංඝණය වීම් අනන්තය, අප්‍රමාණය, අප්‍රසන්නය...

එදා ක්‍රියාවලියට යම් විදිහකින් සමාව දීම සුදුසුය යැයි සිතුවද අද මෙවැනි යුගයක සමාවදීමට සිතීමද, අපරාධයකි,පවකී.

එදා අතීතයේ....

ව්‍යාපාරික භාණ්ඩයක් ලෙසින් වෙළෙඳපොළවල්   හරහා කාන්තාවන් මිළ කීරීමට ලක්වූවත් එම මිළ කිරීම තුලින් ඇයට යම් අයිතියක් ,වගකීමක් හිමිවිය. නමුත් වත්මන් සමාජයේ සමහර වෙළද භාණ්ඩයන්හි මිළ තීරණය වන්නේ ඇයගේ නිර්වත ප්‍රදර්ශනය කිරීම තුලින්ය,තවත් සමහර කාන්තාවන්ගේ ආර්ථිකය සැලසුම් වන්නේ, දරිද්‍රතාවය ට තිත තැබෙන්නේ ඇයව හෝටල් කාමරවල යහන්ගතකිරීම තුලින්ය.

මෙවැනි පහත්,නින්දිත අවමානාත්මක තත්වයකට පත්වූ ඇය

"ඹබ මවගේ දෙපා අභියස ස්වර්ගය ඇත"

 යන මැයින් ආගම් දහමි තුලින් වර්ණනා වට ලක් වූ ගැහැණිය,කාන්තාව  වේ.

ඉක්බිති

මෙම උතූම් කාන්තාව මෙවැනි පසුබිමකට ඇද දෑමුවේ කවුද,?

 තාරුණ්‍යයේ සිහින පොදි බැඳ තම විවාහ මංගල්‍ය  අසාධාරණ දෑවැද්ද අභියස දිනෙන් දින පමාවීම හේතුකොටගෙන කිසිවක් කරකියාගන්නට බැරි මොහොතේ දෑවැද්ද එකතුකරන්නට  ගෘහණියක් ලෙස  විදේශ ගතවී  සමහර කාමුක රාකෂයන්හට තම පතිවතින් වන්දීගෙවන්නට මාර්ගය විවර කළේ කවුරුන්ද? ,

 හය හතර නොතේරන  අවදියේ පසුවන මල් කෑකූළු වයස්ගත කාමුකයන්ගේ කාමාශාව ට බිලි වීමේ මාර්ගය සෑදුවේ කවුද?

සීයා, මිණිබිරිය_ බාප්පා,දුවතාත්තා, දියණියඅයියා,නංගී_යන උතුම් ගෞරවාන්විත ඤාතී සබදතා බිදහෙලමින් කාමුකත්වය  සංසිදුවාගැනීමට පරිසරය නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම සිවළුම ක්‍රියාවන් හි ප්‍රථිපලය ......"ඇය" මුසලයිද ?

"ශ්‍රියා" කාන්තාව  සමාජ දෘෂ්ඨිකෝනයෙන් මූසල වූයේ කෙසේද...?????

අවංකව ම සිතමු වෙනස් විය යුතුදේ වෙනස් කරමු.


Post a Comment

0 Comments