SRI LANKA


 

ලස්සන ශ්‍රී ලංකාව

Yala National Park
වැලි තීර, වනාන්තර සහ කලපු යනාදියේ එකතුවකින්  විවිධත්වයට පත් වූ යාල ජාතික වනෝද්‍යානය  ලොව ඇති විශිෂ්ටතම ස්වභාවික රක්ෂිතයක් ලෙස පිළිගන්නවා. මෙම වනෝද්‍යානය අලි සහ දිවියන්  ඇතුළු විවිධ වනජීවින් නැරඹීමේ තෝතැන්නක් ලෙසයි සැලකුම් ලබන්නෙ. යාල වනෝද්‍යානයේදී දිවියෙකු දැකගැනීමට ඔබ තවමත් 
වාසනාවන්ත වුණේ නැද්ද? 


Hiriketiya Beach

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සුන්දර  මුහුදු වෙරළවල් අතරින් වඩාත් සුන්දර එකක් ලෙස හිරිකැටිය මුහුදු වෙරළ සැලකුම් ලබනවා. පොල්ගස් වලින් වටවූ කුඩා බොක්කක් වන මෙය ඔබගේ මනස සංසුන් කර ගැනීමට මෙන්ම සර්ෆ් ක්‍රීඩාව ඉගෙන ගැනීමටත් කදිම ස්ථානයක්. ඒ විතරක් නෙවෙයි ඔබට තැඹිලි ටිකක් බී විඩාව නිවාගන්නත් ඒත් නැත්නම් සැර පානයක රස විිඳින්නත් සත්තකින්ම මෙය කදිම ස්ථානයක්.

Post a Comment

0 Comments