ක්‍රිස්තු භක්තිකයන් ඉතා ගෞරවයෙන් අභිමානයෙන් ප්‍රීතියෙන් සමරන සමාජීය හා සංස්කෘතික උත්සවයක් ලෙස නත්තල සැලකිය හැකිය. ගවලෙනක ශුද්ධෝත්පත්තිය ලබා සකල ලෝකවාසී සමස්ත මානව සංහතියට ම උපකාර කරමින් සත්වයා වෙත දයාව පැතිරවීම තම පරම අරමුණ කරගත් ජේසුස් ක්‍රිස්තුස් සමිඳුන් දූන් ආදර්ශය අපමණය. නත්තල කිතු දහමේ හරය වන සහෝදරත්වය දයව සහ ප්‍රේමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ ප්‍රීතිය හවුලේ භුක්ති විඳීමට පවුල් සහ සියලු ජන කොටස් ඒකරාශිකරණ දිනයකි.
ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ට අනුව කිතු උපත පිළිබඳව අසිරිමත් නත්තල් කතාව බිහිවී ඇත. මෙසායා නොහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය මවුතුමිය නම් කන්‍යා ස්ත්‍රියගෙන් උපත ලැබූ බව බයිබලයේ සඳහන් වේ. බෙත්ලෙහෙම් නුවර දී මරිය මවුතුමියට හා ක්‍රිස්තුස් වහන්සේගේ සුරැකි පියා වන ජූසේ තුමාට ලැබුණු දරුවා වශයෙන්ද උන්වහන්සේ ගැන දේශනාවල සඳහන් වේ.
ඔගස්ටස් අධිරාජයා විසින් එරට ජන සංගණනයක් පැවැත්වීම සඳහා සියළු රට වැසියන් නගරයට කැඳ වූ අවස්ථාවක බෙත් ලෙහෙම් නගරයට විශාල පිරිසක් රැස් වූ හෙයින් ජෝසප් තුමාට හා මරිය තුමියට රාත්‍රි නවාතැන් ගැනීමට. තැනක් සොයා ගැනීමට නොහැකි ව අවසානයේ බැටළු ගාලක නැවතීමට සිදුවිය.
මරියා මව්තුමියට එදින රාත්‍රියේ බැටළු ගාල තුළදී ජේසු බිලින්දා බිහිවූ බව සඳහන් වේ. සම්ප්‍රදායානුකූලව මෙම උපත ගවලන කදී සිදු බව කියවෙනවා. නමුත් බයිබලයේ දේශනා අනුව එම උපත සිදුවී ඇත්තේ ගව ඔරුවක බවද සඳහන් වෙනවා (එම ඔරුව අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහලින් පිහිටා ඇති බව ද සඳහන් වෙනවා.
දේව දූතයෙකු විසින් මෙම ගව ලෙන අසල සිටි එඬේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ජේසුතුමාගේ උපත ඊට වසර ගණනාවකට පෙර දිවැසිවරුන් ඒ ගැන කියා තිබූ අනාවැකියක් සත්‍යවීම බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.
මුල්කාලීන ක්‍රිස්තියානීන් නත්තල් සැමරීම ක් නොකල බව කියැවේ.
ඊට හේතුව එකල බහුදේවවාදී ඇදහිලි ක්‍රම විශ්වාස කළ රෝම පාලකයන් එකම දෙවියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරන ක්‍රිස්තු දහමට ඉඩ නුදුන් නිසා විය හැක.
ක්‍රිස්තු වර්ෂ 313 දී කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් මිලාන් ආඥාව නිකුත් කිරීමෙන් පසු ක්‍රිරස්තියානි වත්පිළිවෙත්වල නිදහසේ යෙදීමට ක්‍රිස්තියානි භක්තිකයන්ට අවස්ථාව සැලසිණි.
ඉහත සන්දර්භයන් තුළ විකාශය වූ නත්තල අද සකල ලෝකවාසී ක්‍රිස්තියානි/ කතෝලික බැතිමතුන් සාමය සංහිදියාව සහෝදරත්වය මානව ගරුත්වය පරිත්‍යාගය වැනි උතුම් මානව ගුණාංග පෙරටු කරගෙන සමරනු ලබනවා එනිසා මෙවර නත්තල ද සාමය සහෝදරත්වය සහ සහජීවනයේ අධිෂ්ඨානය මානව හදවත් තුළට සංකේන්ද්‍ර කරන උතුම් දවසක් ලෙස අප සමරමු!
අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකා දේශයෙන්
සංක්‍රමණය වී ලෝකයේ විවිධ රටවල සේවය කරන සංක්‍රමණික ප්‍රජාවටත් සමස්ත ලෝකවාසී සංක්‍රමණික ප්‍රජාවටත්
උදා වූ මෙම නත්තල සාමය සතුට සංහිදියාව මානව ප්‍රේමය වෙසසින් උදාකරන කෙරෙන ඔවුන් වෙත මස්ත ලෝක කිතුනු ප්‍රජාව එම දයාබරත්වයන් හදවතින්ම ප්‍රකාශ කරන උතුම් දිනයක් වේවායි අප ප්‍රාර්ථනා කරමු !
ඔබට සුභ නත්තලක් වේවා!
ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණය සඳහා ශ්‍රමිකයන් බලගැන්වීමේ ප්‍රජාමූල ව්‍යාපෘතිය -මහනුවර
0 Comments