එකී දේශයේ සියළුම වැසියන් ජාති,ආගම්,කුල, දේශපාලන බේදයෙන් තොරව ජාතික ධජයේ සංඛේතයන් අර්ථගන්වනවා සේම ජාතික ගීයේ ජීවමානවූ අර්ථ විවරණයන් සමග බද්ධ වී එක්සේසත් විය යුතුයි
එය එසේ නොවන්නේනම් එය අප දේශයේ පරිහානියට මෙන්ම විනාශයටද මගපාදන්නේය.
වර්තමානයේ අප දේශයට ඇතිවී තිබෙන ලොකුම ඛේදවාචකය නම් යම්, යම් පකෂ දේශපාලනයන් කාලයෙන් කාලයට තම බලය තහවුරු කර ගැනීමටත් එය පවත්වාගෙන යාමටත් කරන විගඩම්ය.
මේ අභියස අප උතුම් දේශය විවිධාකාර බෙදීම්වලට ලක්ව අතීතයේ පටන් කරුණාවෙන් පෝෂිතවූ ජනහදවත් බෙදුම්කාරී මානසිකත්වයක් සමගින් පරාජිත පසුබෑමකට ලක්ව සිටී.
මෙම තත්වයෙන් වහා ඉවත්වී දේශයේ අභිමානය රැකගන්නට සියළුම පුරවැසියන් එක්සත්ව,එක්සිත්ව, අන්තවාදී සැලසුම් වලට හසූනොවී බාධක මැඩගෙන ඉදිරියට ආයුතූයි එයට අප අපේ දැනුම, කාලය , ශ්‍රමය මෙන්ම ධනයද කැපනොකරන්නේනම්
අපට " අපිත් ශ්‍රී ලාංකිකයින් " යනුවෙන් අභිමානයෙන් කියන්නට දේශයක් ඉතුරූවේද යනු ප්‍රශ්නාර්ථයකි.?
අහෝ දයාබරිත සර්ව බලධාරීයාණෙනි....!
අප දේශයත් ,රට වැසියන්වත් සියළුම උවදුරුවලින් ආරක්ෂාකොට රැකදෙනූමැනවි.
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.
0 Comments