
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව පසුගියදා ඩුබාහිදී පැවැත්විණි. ඒ අනුව එහිදී යෝජනා වූ පරිදි හිටපු ක්‍රීඩකයන්ගේ නියෝජනයක් ලෙස ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන අදාළ කමිටුව සඳහා පත් කිරීමට යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 652කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 25957ක් රැස් කර තිබේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහේල ජයවර්ධන පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.
divaina
0 Comments