
‘මුන් ඔක්කොම එකයි… යන්න දෙන්නේ නැහැ… කියමින් මෙසේ විරෝධතාකරුවන් මඟ හරස් කළ අවස්ථාවේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඔවුන් සමඟ කතාබහ කර තත්ත්වය සමනය කර ගැනීමට උත්සාහ දැරුව ද ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
බත්තරමුල්ල ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පිවිසිය හැකි මාර්ගයකදී මන්ත්‍රීවරුන් තිදෙනා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.
පසුව මන්ත්‍රීවරුන් තමන් පැමිණි වාහන ආපසු හරවාගෙන යෑමේදී විරෝධය දැක්වූවෝ හූ තබමින් ඔවුන්ට බැණවැදී තිබේ. සිද්ධිය වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු එම ස්ථානයේ සිටිය ද ඔවුන්ට කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
ජනතා විරෝධය හමුවේ සිය රථ නැවත හරවා ගත් මන්ත්‍රීවරුන් තිදෙනා යළි පාර්ලිමේන්තුව දෙසට ගමන් කර ඇත.
divaina.lk
0 Comments