SRI LANKA


 

ඇඳිරි නීතිය නොතකා විරෝධතා අඛණ්ඩව


ශ්‍රී ලංකාවේ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද විරෝධතාකරුවන් සිය අරගල දිගටම කරගෙන යයි.

අද පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 7 දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඊයේ රාත්‍රියේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.

අංගොඩ ප්‍රදේශයේදී පොලිස් බස් රථයකට වෙඩි තැබීමට උත්සහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එලෙසම සිංගරාජ වනාන්තර ප්‍රදේශයේ යෝෂිත රාජපක්ෂට අයත් බව කියන අවන්හලකටද ගිනි තබා තිබෙනවා.

මේ අතර, විරෝධතාකරුවන් පිරිසක් නුගේගොඩ ප්‍රදේශයේ මහින්දවාදී සංගීත නිර්මාණකරුවෙකු වන රාජ් වීරරත්නගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළා.

ඇඳිරි නීතිය නොතකමින් උද්ඝෝෂණ සිදුවෙමින් තිබීම විශේෂත්වයකි. 


Post a Comment

0 Comments