සුවහසක්
ජනතාවගේ සෝසුම් මැද
ආයීෂා
දැරිය තම ජීවිතයෙන් අද දින
වන්දිගෙව්වෙත්...
මින් පෙර
මෙවැනිම අමුනුෂ්‍ය ක්‍රියාවන් අභියස අප අහිංසක දුවා, දරුවන් තම ජීවිතයෙන් සමුගත්තෙත්....
" අප ජීවත්
වන්නේ යක්ෂ,පෙරේතයින්ටත්
වඩා නින්දිත වූ සමාජ පසුතලයකයි
ආගම්
වශයෙන්...
බෞද්ධ,කතෝලික, ඉස්ලාම්,හින්දු, කියන ධර්මතාවයන් දේශනයට ලක්වූවවත්
..
ජාතීන්
ලෙසින්...
සිංහල,
දමිළ, මුස්ලිම්,ක්‍රිස්තියානි ,බර්ගර් යන අය ජීවත් වූවත් ....
සිද්ධස්ථාන
ලෙසින්...
පල්ලි ,
පන්සල් ,කෝවිල් , මස්ජිද්
දර්ශනය
වූවත්...
මෙයින් කුමන
හෝ ජාතියකට ,ආගමකට (
නාමිකවහෝ )
හිමිකම් කියන මනුෂ්‍ය වේශයෙන් ජීවත් වන අණක් ,
ගුණක් නැති , ආගමට , දහමට අවනත නොවන
තිරිසනෙක් , හෝ
කණ්ඩායමක්...
ද්වේශය ,
හෝ ලෞකික තණ්හාව
හේතුවෙන්...
කුමන හෝ
මොහොතක ඔඹටත් මට මෙන් විපත්තියක්
කරාවි....
මාව විනාශ කලාක් මෙන් ඔඹවත් විනාශ කරාවි....
මාව ඝාතනය කලාක් මෙන් ඔඹවත් ඝාතනය කරාවි....!
අවධානයෙන්
සිටින්න යන ආදරණීය ආයාචනාව....
කදුලු පිරී දෑසින්.....
වේදනාබර හැගීමෙන් ....
ඉදිරිපත්
කරමින්ය.....
සර්වබලධාරීයානෙණි....!
ඇයට උතුම්
ස්වර්ගයේ නිත්‍ය වූ වාසස්ථානය ලබාදෙනු මැනවි...
මහපොළොවත්
නූසුලන
මෙම සාපරාධී ,
මිලේච්ඡ,නින්දිත,පහත්,ක්‍රියාවට දායකවූ සැමට
ඹබගේ තීන්දුව ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වන්නෙමු ....
ඔබ හැර නීතීය,සාධාරණත්වය නිවැරදිව
ඉටුකරන්නෙකු මේ මිහිපිට අපට විශ්වාස කළ නොහැකිය...
" අහෝ
සර්වබලධාරියානෙණි...!
ඇයට සාධාරණයක්
ඉටුකරනු මැනවි....
ඇයගේ පවුලේ
උදවියට අස්වැසිල්ලක් ලබාදෙනු මැනවි...
ආමීන්......!
සටහන:
සමස්ත
ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලවි....
0 Comments