මෙය 27/05/2022 දින පළ වූ ලිපියේ ( දෙවන කොටසයි )
"අර් රස්සාක් " යන පදය අපට ලබාදෙන පණිවිඩ බොහොමයක් ඇත...
අද..එතැන් සිට
" සතා සිවුපාවුන් ඇතුළුව අප සියල්ලන්ගේම අවශ්‍යතාවයන් තීරණය කර ලබා දෙන්නේ සර්ව බලධාරීයාණන් පමණි. ඹහු හැරුණු කොට අන් කිසිවෙකුටත් එය පරිපූර්ණව කල නොහැකිය "..
ඒ පිළබදව ශුද්ධ වූ අල් _කුර්ආනයෙහි මෙලෙස වදාරන්නේය..
" නබි තුමණි...!ඔඹ ප්‍රතික්ෂ්‍රේප කරන්නන් දෙස බලා ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරන්න. අහෝ මිනිස්සුනි.....!
අහසේ සහ මහ පොළොවේ සිට ඔඹලාහේ අවශ්‍යය තාවයන් සපුරා ලන්නේ කවුරුන්ද ....?
ඉක්බිතිව... ඔඹ පවසන්න ඒ අප සියල්ලන්ගේම සර්ව බළධාරීයානන්ගේ ක්‍රියාවක්ය යනුවෙන්...
එලෙසම ඔවුන්ට ඔඹ අභියෝග කරන්න ...
" ඔඹට ලැබියයුතු ඔඹගේ අවශ්‍යතාවයන් ලබා නොදී ඔහු විසින් වලක්වනු ලබන්නේ නම් ඉන් අනතුරුව ඔඹගේ අවශ්‍යතාවයන් ඔඹ වෙනුවෙන් කාහට සපුරාලිය හැකිද යනුවෙන්..?
ශ්‍රී ලාංකීය ජනතාව ලෙස අප වර්ථමානයේ අත්විඳින මෙම ආර්ථික අර්බුදය අභියස අපට මනාව මෙය නිරීක්ෂණය කළ හැකිය...
අපි කිසිවෙකූත් බලාපොරොත්තු නොවු ආකාරයට අප වටා දරිද්‍රතාවය දිනෙන් දින උග්‍ර වූවත් අපවෙනුවෙන් සර්වබලධාරීයානන් නිර්ණය කරනලද අපගේ අවශ්‍ය තාවයන් කුමන හෝ ආකාරයකට සපුරාලමින් සිටින්නේය .
නමුත් මෙම භයානක පසුබිම පහව ගොස් යහපත් ආර්ථික සමාජ ගතවීමක් සිදුවන්නට නම්...
මහපොළොවේ පයගසා ජීවත්වන මානවයාගේ සිතුම්, පැතුම්,කල් ක්‍රියාවන්,ගති ලක්ෂණ සියල්ලක්ම පාහේ දැහැමි විය යුතුය, නිර්මල විය යුතුය...
මහපොළොවේ සිටින්නන්ගේ බහුතරයේ සම්බන්ධ තාවය සර්ව බලධාරීයාණන් සමගින් නිවැරදි වනතාක්කල් ආකාශයේ සිට සමාජ පැවැත්ම සඳහා වූ කිසිදු යහපත් පහළවීමක් සිදූනොවන බව නිවැරදිව අවබෝධ කරගනිමු...
මා සිතන ආකාරයට මහ ජනතාවට වගකිවයුතු පාර්ලිමේන්තුවේ පාළන තන්ත්‍රය අද සහමුලින්ම කණපිට පෙරළී ඇත.
එහි වග උත්තර කරුවන් බහුතරයක් දූෂිතයින්,සහ යහපත් හැසිරීමෙන් තොරවූවන් බවට සමාජය හංවඩු ගසා ඇත...
එයට ආවේනික සිදුවීම් මාලාවක් අතීතයේ සහ වර්තමානයේ ද සිදුවෙමින් පවතී. සමීපයේද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විලිලැජ්ජා සහගතව හැසිරුනු බව ජන මාධ්‍ය වල දක්නට ලැබිණි.
මහ ජනතාවගේ ආර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍යය පිළිබදව සාකච්ඡා කර ක්‍රම වේදයන් සම්පාදනය කළයූතු එකී කේන්ද්‍රස්ථානය අද සහමුලින්ම බිද වැටීම හේතුකොටගෙන මහ ජනතාව මහපාරේ අරගල කරති , පාලනය සහ පාලකවරුන් පිළිබදව විශ්වාසය බිද වැටී ඇත. හිටපු ජනාධිපතිවරයා,සහ නාමික නව අගමැතිවරයා හිත්පිත් නැති ආකාරයට දිනෙන් දින විදුලි වේගයෙන් බඩුමිළ ඉහළ දමාගෙන ඇත,රටේ ජනතාවගේ වැඩි පිරිසක් මේ උතුම් දේශයෙන් විදේශයට පිටමංවෙමින් සිටිති..
කෙසේ වෙතත් ධාර්මික කෝණයෙන් බලන කල අප තේරුම් ගත යුතු දෙයක් ඇත මානව උන්නතියේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුවේ පරිපාලනය මෙලෙස බිද වැටෙන්නට පරිහානියට ලක් වන්නට මූලික වන්නේ අපගේ ධාර්මික සහ ආගමික සිද්ධස්ථාන යන්හි පාලනයන් තුල ඇති වෙච්ච බිද වැටීම් මූලීක වීමයි ....
නබි නායක මුහම්මද් තුමාණන්ගේ අදහසට අනූව නම් ආගමික සිද්ධස්ථාන තුලින් මානව සම්බන්ධතා ගොඩනගමින් ඹවුන්ගේ ධර්මතාවය සුරක්ෂා කොට සමාජ යහපත උදෙසා මෙහෙයැවිය යුතුය.නමුත් වර්ථමානයේ සිද්ධවන්නේ කුමක්ද අප ආගමික ශාස්තෘවහන්සේලා බලාපොරොත්තු වූ අරමුණ අප ආගමික දේශකවරුන් හා සිද්ධස්ථාන හරහා සිදුවේද යනු ප්‍රශ්නාර්ථයකි...
විශේෂිත වූ ආගම් 4 ක් මේ රටතුල ක්‍රියාත්මක වුවද අද මේ රට කෙතරම් දූෂිතද ? එදා ධර්මද්වීපය නමින් හැදිනවුනු අප රටේ වර්තමාන තත්වය කුමක්ද ?කුඩා දරුවන් මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයින් හරහා දූෂණයට ලක්ව වඳවෙමින් පවතී, තවද කුඩා දරුවන්ගේ,තරුණ,තරුණියන්ගේ ජීවිත මත් උවදුරට ගොදුරු වෙමින් විනාශ වෙමින් පවතී , තවත් සමහරුන්ගේ ජීවිත නන්නත්තාර වෙමින් පවතී .පන්සල්, කෝවිල්, මස්ජිද්,පල්ලි මේ හැමදෙයක්ම අභිබවා තැබෑරුම්,ගණිකා මඩම්, සූදූපොලවල්, අනාචාරයේ වාසස්ථාන,මිනිස්මෙන්ම සත්ව ඝාතකාගාර කෙතරම් වර්ධනය වී ඇද්ද..? කෙතරම් සූක්ෂමව ක්‍රියාත්මක වන්නේද? මේ හැමදේම මෙලෙස පිරිහෙද්දී පාර්ලිමේන්තුව පමණක් කෙසේ නිර්මල වේද...?එහෙනම් අපගේ වගකීම් අප කොහෙන් ආරම්භ කලයුතුද?
මදක් සිතමු....
සර්වබලධාරීයාණන් ආගම්,ජාති,කුල,මල කිසිදු බේදයකින් තොරව සෑම කෙනෙකුටම ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ලීම ඔහූගේ දයාබරිත භාවයේ සංකේතයක් වුවද ,
පිනට වඩා පව පෝෂණය වේනම්,කුසලට වඩා,අකුසල බහු වේනම්, අනිවාර්යයෙන්ම ඔහුගේ පරීකෂාවන් විවිධ අංශයන් හරහා සමාජ ගතවෙනු නිත්‍යයි. එයින් එකක් නම් ආර්ථික දරිද්‍රතාවය....
අද අප ප්‍රායෝගිකව මුහුණ පා සිටින්නේ එම ශාපයටයි ...
විශේෂයෙන් සමාජ වගකීම් කරපින්නාගත් පාලකවරුන් ,නායකවරුන් තම වගකීම් පැහැර හැරීම තරම් හූනියමක් ,ශාපයක් නැති තරම්ය එ නිසා අහිංසක ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකළයුතු ඔඹුන්ම මෙතරම් දූෂිත රාක්ෂයන් බවට පත්වේනම් සර්වබලධාරීයාණන් ගේ
කෝපය කෙතරම් සාධාරණ ද?
නමුත් මේ ඛේදවාචකයෙන් අපි හැමෝටම විඳවන්න වීම අති දුක්ඛිතය...
කෙසේ වෙතත් මෙම ලිපිය මින් එහාට දීර්ඝ නොකර අවසන් කරන්නටත් ජන හදවත්වලට මෙලෙස සමීප වීම කාලානුරූපව වටිනේයයි අදහස් කල නිසාත් ශුද්ධවූ අල්_කුර්ආන් පාඨයකින් සහ නබිතුමාණන් ගේ පණිවිඩයකින් මෙය නිමා කරමි....
සර්වබලධාරීයාණන් ශුද්ධවූ අල්_ කුර්ආනයේ මෙලෙස අවබෝධ කළේය...
" නියත වශයෙන්ම කවුරුන් සැබවින්ම සර්වබලධාරීයානන් ව විශ්වාස කරමින් යහපත් ලෙස, දැහැමි ලෙස, ජීවත් වන්නේද? ඔඹුන්ට ඔහු නිවැරදි මාර්ගය පෙන්නුම් කරනවා සේම ,ඔඹුන් බලාපොරොත්තු නොවූ ආකාරයට ඹවුන්ගේ අවශ්‍යතාවයන් ද ඉටුකරදේ " ...
තවද නබිනායක මුහම්මද් තුමාණෝ මෙලෙස වදාළහ...
" කවුරුන් තම ව්ශ්වාසය නිවැරදිව තබාගෙන දැහැමි ජීවිතයක් ගොඩනගා ජීවත් වෙමින් තම ආර්තිකය සකසා ගන්න උත්සාහ කරන්නේද
ඔහුගේ සියළුම අවශ්‍යතාවයන් ඉටුවන්නේ ආකාශයේ පියාසර කරන පක්ෂියාගේ අවශ්‍යතාවයන් ඉටුවන්නා ආකාරයටයි,එම පක්ෂියා උදෑසන තම කැදැල්ලෙන්
පියඹා යන්නේ අධික කුසගින්නෙන් නිරාහාරවයි ,,,
නමුත් සවස් භාගයේ තම කැදැල්ලට නැවත පියාඹා එන්නේ තම කුස පුරවාගෙනයි...
සැබෑ දැහැමි විශ්වාසවන්ත පුද්ගලයාගේ අවශ්‍යතාවන්ද මෙසේ සපුරාලීමට ලක්වේ...
හරියටම සහල් මිටක් දෑතට ගත් පුද්ගලයා එය කුරුල්ලෙකු කැදවා එක තැන තබන්නේනම් එම කුරුල්ලා එකතැන වාඩිවී තම ආහාරය නිදහස්ව අපහසුතාවයකින් තොරව ලබාගනී...
එ වගේම එම සහල් මිටම එම පුද්ගලයා කුරුල්ලා ඉදිරියේ සී සී කඩ විසික්කලේනම් එම කුරුල්ලා එය සම්පූර්ණයෙන්ම ලබාගන්නට කෙතරම් අපහසුතාවයට ලක් විය යුතුද....?
මෙන්න මේ ප්‍රතිපත්තියම තමා අපටත් පොදුවන්නේ අපි ධාර්මිකයි නම් අපට තීන්දු වූ දේ පහසුවෙන්ම ලබාගත හැක.
අපි අධාර්මිකයි නම් හැමදේ වෙනුවෙන්ම අතිමහත් දුකක් විද ලබාගන්න සිදුවේවි.....
සර්වබලධාරීයාණෝ...
ධාර්මිකයින්ව මහා ඉහළින් පරීක්ෂා කරයි දුක්,කරදර, වේදනා,කම්කටොලු,එකින් එක ලබාදේ නමුත් කවදාවත් ඔඹුන්ව අත්නොහරී....
නමුත් එම සර්වබලධාරීයාණෝම... අධාර්මිකයාට , දූෂිතයාට හැමදේම පමණටත් වඩා ලබාදේ. නමුත් කෙටි කලකින් අත්හැර දමයි එවිට ඔහුට උදව් කරන්නට කිසිවෙකුත් නැත..
සිතමු.....අවබෝධකරගනිමු,..... අපද වෙනස්වෙමු,.....සමාජයද වෙනස් කරමු...
මරණයෙන් මතු භවයේ සැබෑ පිංවතාට ලැබෙන ශ්‍රේෂ්ඨතම දායාදය ස්වර්ගයයි...
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා...
0 Comments