{ ඉස්ලාම් දහමේ පරිපූර්ණතාවය සංකේතවත් කරමින් ශුද්ධවූ අරෆා පිටියේ සිට ලෝක වාසී ජනතාව වෙනුවෙන් 1'20 000 ට ආසන්න තම සගයින් ( සහාබාවරුන් ) ඉදිරියේ අවශාන වක්තෘ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් විසින් කරන ලද අවශන් හරවත් දේශනාව }

දැනට හිජ්රි වර්‍ෂ 1444 කට පෙර හිජ්රි 10 න අවුරුද්දේ සර්ව බලධාරී අල්ලාහ් තආලා විසින් " ජීබ්රීල් " නැමැති දූතයාණන් හරහා අප නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන්හට ඉස්ලාම් දහමේ පරිපූර්ණත්වය සංකේතවත් කරන ශුද්ධ වූ අල්කුර්ආන් වැකිය පහළ කලේය. ඒ දූල්හජ් මස 9 වන සිකුරාදා අරෆා දිනයේදීය.එම වැකියේ අර්ථය නම් :
* " අද දින මම ඹබලා වෙනුවෙන් ඹබලාගේ දහම පරිපූර්ණ කලෙමි.
* තවද මාගේ දායාදයන් ඹබලාට මහඟු කලෙමි.
* එලෙසම ඹබලා වෙනුවෙන් ඉස්ලාමය මා දහමක් ලෙසට පිළිගත්තෙමි."
යන ප්‍රකාශයයි.
එම මොහොතේ නබි තුමාණන් රැදී සිටියේ ශුද්ධ වූ අරෆා පිටියේය.
එම අවශ්ථාවේ උන් වහන්සේ විසින් තම අවශාන දේශනය සමස්ථ ලෝකවාසී ජනතාව උදෙසාම සිද්ධ කලේය.
එම දේශනය තුල සුවිශේෂී වූ කරුණු 10 ක් ඹස්සේ තම සෙනෙහෙ බර ඉල්ලීම ඉදිරිපත් කරමින් මෙලෙස අවධාරණය කළේය. ඒවානම් :
( 01 ) " අහෝ මාගේ ආදරණීය සගයිනි...!
මම අද දින ඹබලාට කියනදේ හොදින් අවධානයෙන් සවන් දෙන්න.
මන්ද කිවහොත් මීළග අවුරුද්දේ මෙවැනි දිනෙක මෙම ස්ථානයේ සිට මට ඹබලාව මුනගැසීමේ ,කතා කිරීමේ අවකාශය ලැබේවිදෝ මා නොදනිමි.
මෙම දිනයත්,මෙම මාසයත්,මෙම නගරයත් අති පාරිශුද්ධයි.එලෙසම ඔඹලාගේ ජීවිතයත් ,ඹබ සතූ වස්තුවත් ,ඹබලාගේ ගෞරවයත් පාරිශුද්ධයි.
අවශාන දිනය දක්වාම එය පාරිශුද්ධත්වයෙන්ම තිබිය යුතුය.
කිසිවෙකුටත් එයට ඇගිලි ගසන්නටත් , එය සූරා කන්නටත් ඉඩ නොතැබිය යුතුය.නියත වශයෙන්ම අල්ලාහ් තආලා ඉදිරියේ මේ සියල්ල උදෙසා පිළිතුරු ලබාදීමට ඹබලා බැඳී සිටින බව හොඳින් දැනගන්න.
( 02 ) අහෝ මිනිස්සුනි....! කෙනෙකු යම් වැරැද්දක් කලෝතින් එම වැරැද්දට දඩුවම ඹහුගේ පවුලේ උදවියට නොව ඹහුට පමණක්ම ලබාදිය යුතුය.
දරවෙකු තම පියාණන් හට හෝ පියෙකු තම දරවෙකුට අපරාධයක් නොකල යූතුය.ඒ වගේම දරුවෙකු කළ වරදට පියෙකුද, පියෙකූ කළ වරදට දරුවෙක්ද , දඩුවමට භාජනය නොවිය යුතුය.
( 03 )අහෝ ජනතාවනි...! ( නූගත් කාලයේ ) ඉස්ලාමයට , පෙර යුගයේ අනාවබෝධයෙන් කළ මිනීමැරුම්, අපරාධයන්හට පළි ගැනීමේ අයිතිය අද පටන් බළ රහිතවේ.
ප්‍රථමයෙන් මම මගේ පවුලේ කෙනෙකුවන " රබීආ බින් හාරිද් " යන අයගේ ඝාතනය වෙනුවෙන් පෙරලා පළිගැනීමේ අදහස අද පටන් පරිපූර්ණ අවංක සිතින් අත් හරින්නෙමි.
නූගත් කාලයේ සිදූවෙමින් පැවති වෛරයට වෛරය , ක්‍රෝධයට ක්‍රෝධය,ඉර්සියාවට ඉර්සියාව, පළියට පළිය, දඩුවමට දඩුවම යන එකට එක කිරීමේ නූගත් ප්‍රතිපත්තිය මින් මතුවට ක්‍රියාත්මක නොවේ.
( 04 ) අහෝ ජනතාවනි...!
අද පටන් පොළී ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම්. වේ නූගත් කාලයේ පොළී ගනුදෙනු හරහා එකතුවූ මුදල්වල පොළිය අද පටන් අවලංගුවේ.
පොළියට මුදල් ගත් අය එහි මුදල පමණක් ලබාදිය යුතු බවටත් එයට පොළියක් ලබාදීම අවශ්‍යනොවන බවත් ඉතාමත් කරුණාවෙන් මතක් කරමි.
පළමුව මගෙ සුළු පියාණන්වන " අබ්බාස් ඉබ්නූ අබ්දුල් මුත්තලිෆ්ගෙන් " ඹබලා ණයට ලබාගත් මුදල්වලින් ඹහුට ලබාදිය යුතු සම්පූර්ණ පොළිය කපාහරිමි.
( 05 )අහෝ මිනිස්සුනි...! කාන්තාවන්ගේ විෂයෙහි අල්ලාහ් තආලා ට බිය වන්න.
ඹබගේ ආදරණීය බිරිඳගේ විෂයෙහි ඹබට ඇති අයිතිවාසිකම් මෙන්ම ඹබගේ විෂයෙහි ද ඹබ බිරිඳට පූර්ණ අයිතිවාසිකම් ඇත.
ඹවුන් ඹබලාගේ දෑත් අතරට මැදිවූ ,ඹබලාගේ වගකීම්වලට ප්‍රාත්‍ර වූ සුවිශේෂී වස්තූන්ය .අල්ලාහ්ගේ නාමයෙන් ඹවුන්ව ඹබලාගේ භාරකාරත්වය ට ඹබලා බිරිඳන් ලෙස ලබාගත්තේය.
ඹවුන්ගේ වගකීමනම් ඹබලා අකමැති අයව ඹබ නිවසට කැදවාගැනීමෙන් ඹවුන් වැලකී සිටිය යුතුයි. බැරිවෙලාවත් ඹබලාගේ බිරින්දෑවරුන් යම් අවශ්ථාවක එයට පටහැනිව ක්‍රියාකලේනම් එක් වරම දරදඩු තීරණ වලට නොයා දින කිහිපයක් ඹවුන්ව නිදියහනෙන් දුරස්ව තබන්නට , හෝ තුවාල ඇතිවන ආකාරයට පහර නොදී ,නිවසෙන් පිටමංකරනු වස් එලවා නොදමා සියුම් , අවවාදාත්මක දඩුවමක් කිරීමට අවශ්ථානුකූලව ඹබට අයිතියක් ඇත.එයත් හොදින් සිතා බලා කලයුතුයි.
එලෙසම ඹබගේ වගකීම නම් ඹවුන්ට අත්‍යාවශ්‍ය දේ වන ආහාර,පාන, ඇදුම් පැළදුම්, ඉදුම් හිටුම් යන දේ මෙන්ම ආරකෂාව, රැකවරණය,ලබාදෙමින් කරුණාවෙන්,දයාවෙන්, ප්‍රේමයෙන් පෝෂණය කර සර්ව බලධාරී අල්ලාහ් තආලා ට බිය වී ඹබට ලැබුණු බිරිඳ නම් වූ ඒ අසීමිත දායාදය හොදින් රැකබලාගැනීමයි.
(06 ) අහෝ මිනිස්සුනි ...! මගේ ප්‍රකාශයන් හොදින් ශ්‍රවණය කරන්න.
අනතුරුව ඒවා නිවැරැදිව තේරුම් ගන්න.සෑම මුස්ලිම් වරයෙක්ම එකිනෙකාට සහෝදරයන් වේ. එකම සහෝදරත්වය තුලින් බැදීමට ලක්වූ ඹබලා තම සහෝදර මුස්ලිම් වරයා විසින් තමන්ගේ පරිපූර්ණ එකගතාවය මත යම් වස්තුවක් ලබානොදෙන්නේනම් එය ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වී ඇත.
අන් අයට අබමල් රේණුවක තරම් හෝ අපරාධයක් කිරීමේ විෂයෙහි හොදින් අවධානයෙන් සිටින්න.
එම විෂයෙහි අල්ලාහ් තආලා ට බිය වන්න.
එවැනි ක්‍රියාවන් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වන්න.
මා ඹබ සියල්ලන්ගේම දෑතට ඉතා වටිනා වස්තූන් දෙකක් භාරකර යන්නෙම්. ඒවා හොදින් පිළිපදින,අනුගමනය කරන තාක්කල් ඹබලා කිසිදාක නොමග යනු ඇත .
එයින් පළමුවැන්න අල්ලාහ් තආලා ගේ උතුම් ධර්තාවය වන ශුද්ධ වූ අල්_ කුර්ආනයයි,
දෙවැන්න ඔහුගේ ශාස්තෘවරයාණන් වන මාගේ සුන්නාහ් නම් වූ මග පෙන්වීමයි.
( 07 ) මාගේ ආදරණීය සගයිනි...!
මම ශාස්තෘවරුන්ගේ අවසාන මුද්‍රාවයි. මට පසුව තවත් ශාස්තෘවරයෙක් පැමිණෙන්නේ නැත.
තවද මාගෙන් පසු දහමක් හෝ තවත් සමූහයක්ද නොපැමිණේ.
දැනගන්න....!
ඹබලාව මවා පාලනය කරමින් පෝෂණය කරන්නාවූ සර්ව බලධාරී අල්ලාහ් තආලා ට අවනත වන්න.
අල්ලාහ් තආලා සහ ඹබ අතර ඇති ( ඊමානය ) විශ්වාසවන්ත භාවය රැකගැනීම සඳහා පස්වේලේ සලාතය හොදින් අඛණ්ඩව ඉටුකරන්න.
තවද රමළාන් මාසයේ උපවාසය රකිමින් ඹබගේ ආධ්‍යාත්මික හා ශාරීරික ප්‍රවනතාවය වර්ධනය කරගනන්න.
තවද ඹබගේ ධනයට,වස්තුවට අයිති ( සකාත් ) නැමති වාර්ෂිකව අන් අයට ලබාදිය යුතු කොටසේ වගකීම නිවැරදිව ඉටුකරමින් ඹබව නිර්මල කරගන්න.
තවද අල්ලාහ් තආලා ගේ නිවසවන මක්කාවේ ඇති ශුද්ධ වූ කඃබා සිද්ධස්ථානයට ජීවිතයේ එක් වතාවක් හෝ ගොස් එකී වගකීම ඉටුකරමින් බැතිබර වන්න.
තවද ඹබට නායකත්වය දෙන නිවැරදි, දැහැමි පාලකවරුන්ට අවනත වන්න .
මේ හේතුවෙන් ඹබලා වෙනුවෙන්ම වෙන්කරන ලද ස්වර්ගයට ඹබට යෑමට හැකිවේ.
( 08 ) අහෝ මිනිස්සුනි දැනගන්න....!
ඹබලා ඉතා ඉක්මනින් ඹබගේ සර්ව බලධාරීයාණන්ව මුණගැසෙණු ඇත.ඹහු ඹබගේ සියළු ක්‍රියාවන් පිළිබදව ප්‍රශ්න කරමින් විනිශ්චය කරනේය.
මට පසුව ඹබලා එකිනෙකා ගහමරාගනිමින් මිනීමරුවන් හැටියට පත්වී අකටයුතුකම්වල නිරත නොවනු...!
දැනගන්න ඹබව නොමග යැවීම උදෙසා ඉමහත් වූ නින්දිත අරගලයක නිරතවන්නා වූ ( ශෛතාන් ) නැමැති යක්ෂයා ඹබ ඹහුට අවනත වනු ඇතැයි රැවටීමට ලක්ව බලාපොරොත්තු සූන් වී කුමන හෝ මොහොතක ඹබව ආක්‍රමණය කරමින් වැටලීමේ ප්‍රයන්තයක උත්සාහ කරමින් සිටින්නේය.
ඹබ සුළුකොට සිතන දේකින් පවා ඹබව නොමග යවමින් ජයග්‍රහනයෙන් උද්දාමයට පත්වන්න මාන බලමින් සිටී.සෑම මොහොතකම අවධානයෙන් සිටින්න රැවටෙන්න එපා.
අහෝ මා ප්‍රියාදර ජනතාවනි....!
හොදින් තේරුම් ගන්න ඹබගේ සර්වබලධාරීයාණන් ඒකීයයි , ඹහු හැරුණු විට තවත් වැඳුම් පිදුම් වලට සුදුස්සෙකූ නොමැත .
ඹබලාගේ පියාණන් ද එක්කෙනකි.
සැබෑ විශ්වාස වන්තභාවයෙන් ක්‍රියා කරමින් දැහැමි ලෙස ජීවත්වන්නා හැරුණු කොට ,ඔබලාගේ අරාබි වරුන් සහ අරාබි නොවන්නන් අතර වෙනස්කම ඹබගේ ගෞරවය පිළිබිඹු නොකරයි,තවද ඔබලාගේ කළු,සහ සුදු වර්ණයේ වෙනස්කම ඹබලාගේ උස් පහත් භාවය සංඛේතවත් නොකරයි. හැමෝම ආදම්ගේ පරමිපරාවේ උරුමයන්ය.
ආදම්ව අප මැව්වේ පයට පෑගෙන පසෙන්ය.
අද දින ජාති,කුළ, මල , බල,
බේදයන් මාගේ දෙපා අභියස දමා වලලමි "......
තම උපදේශය අවශන් කල නබිතමාණෝ රැස්ව සිටි ජනතාව දෙස බලා මෙලෙස විමසූහ.
( 10 ) අහෝ මා දයාබර ජනතාවනි.....!
මා මාගේ සර්වබලධාරී අල්ලාහ් තආලා විසින් මා හට භාර කරන ලද ශාස්තෘ පදවියේ වගකිම ඹබලාට නිවැරදිව භාරකළ්ද,?
මාගේ ප්‍රායෝගික ජීවිතයේ එය නිවැරදිව පෙන්නුම් කළේද.?
යනුවෙන් විනිශ්චය දිනයේදී ඹබෙන් මා පිළිබදව අල්ලාහ් තආලා ප්‍රශ්න කලේනම්, ඹබලා පෙරළා කුමන පිළිතුරක් ලබාදෙන්නේද...?
එව්ට ( සහාබාවරුන් ) වන නබිතුමාණන් ගේ සගයින්,එක හඬින් ම " නබි තුමණි....! නියත වශයෙන් ඹබ වහන්සේ අල්ලාහ් තආලා විසින් ඹබට භාර කරන ලද වගකීම නිවැරදිව ඉටුකළේය,තවද ඹබගේ ශාස්තෘත්වයේ වගකීම් නිවැරදිව සමාජ ගත කළේය,
එසේම අපට අවශ්‍ය සියළුම මග පෙන්වීම් නිවැරදිව ලබාදුන්නේය ,යනුවෙන් අපි සාක්ෂි දරන්නෙමු "
යන්නාවූ එකී ජන ගංගාවේ එකම හඩ වාතලය දක්වා විහිදී ගියේය.
එවිට නබිනායක මුහම්මද් තුමාණෝ තම දෑත් වාතලයට විහිදුවා
" අල්ලාහුම්මෂ්හද්"
" අල්ලාහුම්මෂ්හද් "
" අල්ලාහුම්මෂ්හද් "
යා අල්ලාහ් ඹබම මෙයට සාක්ෂි දරන්න යනුවෙන් තුන්වතාවක් ප්‍රාර්ථනා කළේය.....
තවද මෙහි සහභාගී වූවන් මෙහි නොපැමිණි සියල්ලන්ටම මාගේ මෙම පණිවිඩය ලබාදෙන්න. මන්ද කිවහොත් මෙය මාගෙන් සජීවීව අසනු ලැබූ අයට වඩා අසාදැනගත් අය මේ පිළිබදව හොදින් වටහා ගැනීමට ඉඩ ඇත. "
( මූලාශ්‍ර ග්‍රන්ථයන් _ බුහාරි මුස්ලිම්,අබූදාවූද්,මුස්නද් අහ්මද්,තිර්මිදි, )
සටහන:
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු අෂ් ෂේයික් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.
0 Comments