දන් දෙන්නාට අල්ලාහ් තආලා ලබාදෙන වටිනාකම් ( කුසල් ) පිළිබදව අවධානය යොමු කරමු !

ඹහු රෝගියෙක්නම් එම රෝගයෙන් ඹහුට සම්පූර්ණ සුවය ලැබේ !
ඹහු විසින් සිදු වූ සියළුම සුළු පාපකර්මයන් ක්ෂමා කිරීමට ලක්වේ !
දරිද්‍රතාවයන් , දුක්, කම්කටොලු ඇත්නම් ඒවා මගහැරේ !
ඹහුගේ ධනය හා වස්තුව ෂෛතාන් නැමති ( යක්ෂයාගේ ) කුමන්ත්‍රණ වලින් අල්ලාහ් තආලා ආරක්ෂා කලා ( එම නිසා තමා ඹහුට පින් දහම් කිරීමේ වාසනාව උදා උනේ ) !
ඹහු වෙනුවෙන් අල්ලාහ්ගේ " මලාඉකාවරයෙක් " ( දූතයෙකූ ) ප්‍රාර්ථනා කරමින් සිටින්නේය !
අවාසනාවන්ත මරණයෙන් ඹහු ආරක්ෂිත වේ !
"කබ්ර්" නැමැති භූමිදානයට ලක්වූ තැනෙහි වේදනාවෙන් සහමුලින්ම ඉවත්කෙරේ !
ඹහුගේ කුමක් හෝ පවක් අල්ලාහ් තආලා ගේ කෝපය ඇතිකළේ නම් මෙම ධානය හේතුකොටගෙන අල්ලාහ්ගේ එම කෝපය සහ මුලින්ම තුනී වේ !
අති භයානක විනිශ්චය දිනයේ දී ඹහු කිසිදු බියක් , දුකක් නැතිව සැනසීමෙන් සිටී !
කෙනෙකු රහසිගතව දන් දුන්නේ නම් කිසිදු සෙවනැල්ලක් නැති විනිශ්චය දිනයේදී එම සැදැහැවතාට අල්ලාහ් තආලා ගේ "අර්ෂ්" නැමැති ආසනය ඹහුට සෙවන ලබාදේ !
ඹහුට බයානක නිරයෙන් නිදහස ලැබේ !
එක හා සමාන වස්තූන් දෙකක් තිබී එවැනි වස්තූන් දෙකක් දන් දුන්නේ නම් ඹහු ස්වර්ගයේ විශේෂ දොරටුවක් හරහා ස්වර්ගස්ථ වේ !
ඹහුට ඉමහත් වූ කුසල් ස්වර්ගයේ හිමිවේ !
එම කුසල්ද සීමාවෙන් තොරව ලැබේ !
ඹහු දන් දීමේදී කොපමණ අසීමිත ප්‍රමාණයක් දන්දුන්නද, ඒ කිසිවක් විනාශ නොවී අල්ලාහ් තආලා ලග ඒ සියල්ලක්ම මරණයෙන් මතු දිවියේ ආයෝජනයන් ලෙස තැන්පත්ව ( සුරක්ෂිතව ) ඇත !
තමන් අනුභව කරන කෑම ටික දන් දුන්නේ නම් මනසෙහි සියුම් දැහැමි ගති ලක්ෂණ ඇතිවේ !
දන් දීම "තක්වා "නැමැති බිය භක්තිය ඇති අයගේ ගති ලක්ෂණනය වේ !
ඹහු දන් දෙන ප්‍රමාණයට අනූව අල්ලාහ් තආලා ද ඹහුගේ වස්තුවේ අභිවෘද්ධිය ලබාදේ !
අල්කූර්ආනයේ මෙලෙස ප්‍රකාශ වේ
ඹබට මරණය ලගාවීමට පෙර මා ඹබට ලබාදුන් දෙයින් අන් අයට පිහිට වන්න "
" ඒ ඹබගේ අයිතිය නොවේ ඒ ඹවුන්ගේ ( දුප්පතුන්ගේ ) උරුමයන් වේ ! එය ඹබ සතු කරගැනීම ඹබට අයිති නැත ! එය එසේ තබාගැනීම දඩුවමට භාජනය විය හැකි වැරදි ක්‍රියාවන් වේ !
අවධානයෙන් සිටින්න. !!!
" අහෝ විශ්වාස වන්තයිනි ! ඹබලා අන් අයට දන් දීමේදී ඹබලා ලබාදෙන දානය හරහා දානය ලබාගන්නා අයව අපහසුතාවයට පත්කරමින් , ඹබ ආඩම්බර වී ,උඩගුකම් පාමින් , ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන් දන් දීම තූලින් ඹබට ලැබෙන්නට තිබෙන ( මෙවැනි ) කූසල් විනාශ කරගන්න එපා " ..!!!
දන් දීමේදී අල්ලාහ් තආලා වෙනුවෙන් " ඉහ්ලාස් " නම් අවංක සිතින් නබිතුමාණන් දන් දුන් ආකාරය අනුගමනය කරමින් දන් දීම ඉතාමත් අගනේය .....
" අප සියල්ලන්ටත් අල්ලාහ් තආලා මෙම භාග්‍යයන් ලබාදෙත්වා " !!!
( සියළු වාර්තා අල් කුර්ආන්,අස්සුන්නාහ් මූලාශ්‍රයන් මූලික කරගෙන වේ !
අෂ් ෂේයික් කලීලුර් රහුමාන් රඹුක්කන.
0 Comments