SRI LANKA


 

අන්ධ ආදරය.!


කුසේගින්න ඇවිලෙනවිට
පාන් උනත් රසයි..
පිපාසයට දිය උගුරක් 
තිබුනත් හරි අගෙයි..

අන්ධ උනොත් ආදරයෙන්..
රුව ලස්සන නොපෙනේ..
හිත ගිය තැන සුරංගනා
ලොවක් එතැන මැවුණේ.......

සොඳුරු උනත් ආදරයෙන්
ජීවත් වනු නොහැකි..
හිතේ තිබෙන සිහින සැබෑ
ආදරයෙන් නොරකී...

මුදල් හදල් නොමැති විටදි
ආදරයත් පරදී....
හිතේ සතුට සොයාගන්න
නැතොත් නුඹට වරදී.

Dr. Ajmal hassan.
31/10/2022.

Post a Comment

0 Comments