SRI LANKA


 

අභිමානවත් ගමනක් එඩිතර නායකත්වයක්

බලය , අප්‍රමාණ වූ ලෞකික ධනය , සුඛෝපභෝගී ජීවිතය යනාදිය මිනිසුන් විසින් සොයා යන ඉලක්කගත අරමුණු වේ.....
ඉතිහාසයේ ජීවත් වූ සහ වර්තමානයේ ජීවත්වන  බොහෝ නායක පාර්ශවයන් මීට කදිම නිදසුන් වේ....

අපි සමාජය යහමගට හරවමු ,නව ලොවක් ගොඩනඟමු , නීතිය තරාතිරම නොබලා අකුරටම ඉටුකරමු 'යි අහිංසක ජනතාවට 1000 ක් පොරොන්දු දී බලය ලබා  කටයුතු කරන්නට පටන්ගත් පිරිසද , බලය අතට ලැබුණු විට හෝ ලෞකික ධනය දෙපාමුල ගොඩගැසෙන කල , නැතිනම් තම රාජ්‍ය බලය බිඳවැටෙන මොහොතක එය රැකගැනීම වස් තම නිවැරදි ප්‍රතිපත්ති වලින් බැහැර වී ලැබෙන ඹ්නෑම කණ්ඩායමක් සමගින් සන්ධාන ගතව දීගකන මොහොතක ඹවුන්ගේ දෘෂ්ටි කෝණවලින් පෙර දුන් පොරොන්දු සියල්ලක්ම සුනුවිසුනු වී යනු ඇත වර්තමානය එය හොදින් පෙන්වා දේ '

එවැනි කූට දේශපාලන රාමුවෙන් බැහැර වූ චරිතයක් ලෙස ඹබගේ දේශපාලන ඉතිහාසය ද , වර්තමානයද මා විනිවිද ව හදුනාගත්තෙමි...

 එබැවින් මා තේරුම් ගත් සත්‍ය ජනසතු කිරීම මාගේ අසීමිත වගකීමක් ලෙස සිතා ඹබ දේශපාලන ඉතිහාසයෙන් මදක් විවරකරන්නට අවසර පතමි....

" සමහරවිට මෙය ගංවතුරක අඩිතාලම වන ජල බිංදුවක් විය හැක "

පසුගිය සතියක යාපනයේ සංචාරයක නිරත වූ අධිකරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව අරගලයක නිරතවූ කණ්ඩායමට  අමාත්‍යතුමා තම පාලන කාලයෙහි කලාවූ අසීමිත කැපවීම සහ  සමාජ මෙහෙවරන් පිළිබදව අවබෝධයක් නැතිබව පෙනීයන්නේය.

එම නිසා අමාත්‍ය වරයෙකු ලෙසින් තම බුද්ධිය සහ කැපවීම මුල්කරගෙන පොදු ජනතාවට කුමක් කල ඇත්තේද යන්න පිලිබඳව මතක් කරදීම සුදුසු යැයි සිතමි.

ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19  වන සංසෝධනය සිදුකරමින්  ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතීය ආරක්ෂා කිරීමට ඉමහත් කැපවීමෙන් කටයුතු කර ඇත.

තවද  තොරතුරු දැනගැනීමේ පනත ඇති කරමින් එම අයිතිය මහජනතාගේ මූලික අයිතිවාසිකමක් ලෙසින් පාර්ලිමේන්තු ව්‍යවස්ථාව තුල සම්මත කරගැනීමට ඉමහත් උත්සාහයක් දරා ඇත.

හිංසනයට ලක්වූවන් මෙන්ම සාක්ෂි ආරක්ෂා කිරීමේ මූලධර්මය ඉටුකරගැනීමට ඉමහත් උත්සාහයක් දරා ඇත.

තවද බලය බෙදා හැරීමේ නීතියෙහි පෙන්නුම් කරන අවුරුදු 10 ට ඉඩමක් පරිහරණය කරන්නේම් එය එම පරිහරණය කරන පුද්ගලයාට අයිති වාසිකම් කීමේ නීතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට විශේෂ සැලකිල්ලක් ලබාදීමේ නීතීමාලාවේ සංශෝධනයක් ඇතිකරමින් විශේෂ සැලකිල්ලක් ලබාදීමේ කාලය  2015 වර්ෂය දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ තුමන් විසින් පියවර ගනු ලැබුවේය.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් වල ඇති ගැටළු විසඳීමට විශේෂ එකගතා කමිටු නීතීමාලාව ඇතිකිරීමට කටයුතු කර ඇත.

මෙම එකගතා කමිටු නිවැරදිව ක්‍රියාකිරීම  හේතුකොටගෙන එම නීතීය රටේ  අනෙකුත් ප්‍රදේශ වලටත්  හදුන්වාදීමට  ලක්වූබව 
විශේෂයෙන් හදුන්වාදිය හැක.
එලෙසම අතුරුදහන් වූ වන් පිළිබදව ක්‍රියාත්මකවන කාර්යාලය නිල වශයෙන්   පැවතුනද ගෙවීගිය අවුරුදු 4 ක කාලයක් තුල විමර්ශනයට ලක් විය යුතු නඩු 7500 නඩු 65 ක් පමණක්  විමර්ශනයකර තීන්දු ලබාදී ඇති තත්වය මත ගරු විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරය බාරගත් ගෙවීගිය මාස හතරක කාලය තුළ  නඩු 2000 සම්පූර්ණයෙන් විමර්ශනය කර තීන්දුකර ඇත.

උතුරේ විවිධ ප්‍රදේශවල නවීකරණයට ලක්වූ අධිකරණයන් ගොඩනගන්නට අමාත්‍ය වරයා තම විශේෂ දායකත්වය සපයා ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලවකවානුව තුළ වවුනියා අධ්‍යාපන කලාපය විශ්ව විද්‍යාලයේ තරාතිරමට උසස් කිරීමට කටයුතු යොදා ඇත.

6 කට වඩා අධික සංස්කෘතික මධ්‍යස්ථානයන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටුවා ඇත.

ශ්‍රි ලංකාවෙහි ඇති අති විශේෂ නීති පොත් ප්‍රථම වරට  අමාත්‍යතුමන් බලයේ සිටින කාලවකවානුව තුළ දමිළ භාෂාවෙන් මුද්‍රණයටද ලක්විය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත සැක සහිත විශාල පිරිසක් නිදහස් කිරීමට පියවර ගත් අතර ඹවුන් සම්බන්ධ නඩු  ඉතා නිවැරදිව විමර්ශනය කර අවශන් කිරීමට කොළඹ ප්‍රදේශයේ විශේෂ මහා අධිකරණයන්  දෙකක් සහ අනුරාධපුරයේ එක් විශේෂ මහාධිකරණයකුත් ගොඩනැගුවේය.

උතුරේ රාජකාරියේ නියැලෙන පොලීස් නිලධාරින් දමිළ භාෂාවෙන් රාජකාරී කටයුතු වල නිරත වීම උදෙසා ඹවුන්ට දමිළ භාෂා දැනුම ලබාදීම වස් විවිධ වැඩපිළිවෙළවල් හදුන්වාදීමට කටයුතු කළේ ය.

උතුරේ ජනතාව මුහුන දෙන විවිධ ප්‍රශ්න ගැටළු විසඳීමට තම අමාත්‍යාංශ ලේකම් වරයාගේ නායකත්වයෙන් විශේෂ කාර්ය බලකායක් පිහිටුවා ඇත.

තවද උතුරු ජනතාව මුහුණ දෙන  තර්ජනාත්මක  මත් උවදුරට එරෙහිව උතුරු පලාත් ආණ්ඩූකාරවරයාගේ නායකත්වයෙන්  කාර්ය බලකායක් ගෙවීගිය 31-10-2022 දින පිහිටුවන ලදී.

එවකට රටේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් නැවත පැමිණ ඇති 11792 ජනතාව විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටින්නෝය. 
ඹවුන් තම ජාතික හැඳුනුම්පත , උප්පැන්න සහතිකය , ඉඩම් ඹප්පු ,යන මෙකී සියළුම ලිය කියවිලි අනන්‍යතා ලේඛන අහිමි කරගෙන ඇත.

එම ජනතාව එකී  ලියකියවිලි සාදාගැනීමට කාර්යාලවලට දිනපතා ගමන්කරමින් හෙම්බත් වී  සිටින මොහොතේ අමාත්‍යවරයාගේ  තීරණයකට අනුව විෂයට අදාල ජංගම කාර්යාල දෙකක් කඩිනමින් පිහිටුවා එකී ජනතාවගේ  ප්‍රශ්න සියයට අසූවක් පමණ නිරාකරණය කර දුන් බවට අනාවරණය වේ.

ඒ වගේම ඉන්දියාවේ  අධ්‍යාපන ලබා ලංකාවට නැවත පැමිණි අයගේ අධ්‍යාපන සහතිකපත්  ලංකාවේ පිලිනොගන්නා පසුබිමක පැවති අතර එම අධ්‍යාපන සහතිකපත් පිලිගැනීම උදෙසා පියවර 
ගනු ලැබී ඇත.

මෙවැනි යහපත් ක්‍රියාවන් නිසා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පිලිබදව ජනතාව අතර  විශ්වාසයක් ගොඩනැගී ඇති අතර

 නිතී රීති පිලිබදව මනා අවබෝධයක් ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්දිරන් සහ විග්නේෂ්වරන් යන මහත්වරුන්  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයන් පිලිබදව දැඩි විශ්වාසයකින් සහ තෘප්තිමත් භාවයට පත්වී ඇතිබවත්  අමාත්‍ය වරයාගේ යාපනය සංචාරයේදී තම පූර්ව අනුග්‍රහය ලබාදුන් බවටත් ඹවුන් විසින්ම පාර්ළිමේන්තුවේදී  දැනුම් දීම අවධානයට ලක්වුණ විශේෂ කරුණකි....!

දූගඳ හමන මඩ වගුරක පිපුනද ' නෙළුම් මල එය පවිත්‍ර වූ  
වර්ණවත්වූ පුෂ්පයකි සුවඳ හමන කල 
නෙළුම් අලයේ මහිමයේ  ඵලයකි මෙම වෙනස්කම 
කොහේ සිටියද '  කුමක සිටියද නොවෙනස්ය  සැබෑ යහපත "
අමාත්‍ය තුමණි ඹබට තිළිණයකි....!

මීට  හිතවත් 
M.H.M නියාස් 
සාමවිනිසුරු (මුළු දිවයිනටම )

හිටපු
ලුණු ලේවායේ අධ්‍යක්ෂක  හම්බන්තොට

අධ්‍යක්ෂක
Watersedge බත්තරමුල්ල
සමෘද්ධි අමාත්‍යාංශය .

Post a Comment

0 Comments