SRI LANKA


 

නරි හිවලුන් අපිව අන්ඳලා....


සිහලුනි  සිහලුනි
අවදි වියව්  අවදි වියව්!!!
නුඹේත් මගෙත්
මුතුන් මිත්තන්
අභීත රණ විරුවන්
දිවි හිමියෙන් රැක දුන් මේ මව් බිම 
රැක ගනිව්!!!!

කාසියේ  මුහුණු දෙක සේ
නරි හිවලුන්
අපිව අන්ඳලා....

තරුණ අයට මතෙන්  තිත තබලා
කුහක උගතුන්ට
නිල බල දීලා
කෙලෙසයි රට ජාතියම විකුණලා....

නිධන් මත සිට 
සිඟමනට අතපානා 
නුගත් පරපුරක්ද 
අපි සොයුරේ....

ආගම් ජාති කුල මල
බේද  උගුල් අටවා ....
එක මවගෙන් කිරි බිව්
එකම පරපුරක
අප බේද බින්න කරවා
සුර සැප විදින්නන් 
තේරුම් ගනිමු පහදා....

ගනින් සිහිය
නුඹේ සිතට .
වරෙන් පෙරට
උදාර වූ අප මව් බිම 
රැක ගන්නට....

කුහක හැතිකරය
නුඹේ කොන්දේ
වහල්කම ලියන්න හදනවා.... 

තාම නැතහොත් නුඹ අවදි වුයේ 
නුඹට ලක්‌ මව දුන් කිරි බිඳු අපරාදේ.....

Dr. Ajmal hassan.

Post a Comment

0 Comments