මෙය උතුම් රමළාන් මාසයයි. රමළාන් මාසය යනු වාර්ෂිකව මිනිසාට තම ශාරීරික හා මානසික පාරිශුද්ධත්වය , නිර්මල තාවය ඇතිකරගැනීම නැතිනම් පුනරුත්ථාපනය කරගැනීම උදෙසා ලැබෙන අද්විතීය සුවිශේෂී අවශ්ථාවයි .!
මෙම මාසයේ කෙරෙන ආගමික වතාවන්හි මූලික ස්ථානය හිමි වන්නේ අනිවාර්ය වූ උපවාස ශීලයටයි.
" තක්වානම් " බියගැතිභාවය ඇතිකරගැනීම වස් පෙර විසූ සමාජයන්හට උපවාසය අනිවාර්ය කලාක්මෙන් ඹබටද අප රමළාන් මස උපවාසය අනිවාර්ය කලෙමු...! යනුවෙන් සර්වබලධාරීයාණන් මිනිසාට ( විශ්වාසවන්තයාට ) උපවාසය අනිවාර්ය කිරීමේ අරමුණ පිළිබදව අල්කූර්ආනයේ ( සූරතුල් බකරා_ 183) වාක්‍යයේ පැහැදිලි කරන්නේය.
මෙවැනි පසුබිමක ස්වාමියා සහ ගැත්තා අතර උපවාස ශීලය හරහා ඇතිවන මෙම ප්‍රේමනීය සම්බන්ධතාවයේ මහඟු භාවය ඹප්නංවන ක්‍රියාවලිය වන්නේ කෙනෙකු තවත් කෙනෙකුට උපකාර කිරීමයි මෙයට Zසකාත් , සධකා , හදියා , නැමැති විවිධ නාමයන් පරිහරණය කෙරේ...
Zසකාත් නැමැති නාමයෙන් දන් දීම අනිවාර්යය වන අතර සධකා , හදියා , නැමැති දානයන් සුන්නත් නැමැති අනිවාර්ය නොවන වෛකල්පිත ක්‍රියාවන් වේ.
කෙසේ වෙතත් මිනිසා මිනිසාට උදව්,උපකාර කිරීම තරම් වටිනා , ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් තවත් නැති තරම්ය යනුවෙන් ඉස්ලාම් , බෞද්ධ , කතෝලික , හින්දු නැමැති සියළුම ධර්මතාවයන් එකහෙළාම අවධාරණය කරන්නේය.
( මෙම දන්දීමේ භාග්‍යයන් සර්වබලධාරීයාණන් අප සියල්ලන්ටම උදාකරත්වා )...!
ආමීන්..!
කෙසේ වෙතත් ධර්මයන්තූලින් මිනිසා ගවේෂණය කර ලබාගන්නට උත්සාහ කරන ස්වර්ගය නැතිනම් නිවන හුදෙක්ම රඳාපවතිනුයේ මිනිසුන් අතර ගොඩනැගෙන යහපත් මානුෂීය සම්බන්ධතාවයේ ප්‍රථිපල පදනම්කරගෙනය .
මානවයාගේ වගකීම් පැහැර හරින්නා දෙවියන් ඉදිරියේ පමණක් පූජනීය වීමේ ඵලක් නැත.
එම නිසා තමන් විසින් තවත් කෙනෙකුට උපකාර කිරීම තරම් පුණ්‍ය කර්මයක් වෙනත් නැතිතරම්ය .
මෙහිදී නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් මෙලෙස වඳාලහ...
" ඉර්හමූ මන් ෆිල් අර්ළි යර්හමු මන් ෆිස්සමාඉ "
මිනිස්සුනි.. ! ඹබලා මේ විශ්වයේ විසිරී සිටින සියල්ලන්ටම කරුණාව දක්වන්න , දයාබරිත වන්න , උදව් උපකාර කරන්න, එවිට උසස්තැන වැඩසිටිනා සර්වබලධාරීයාණන් ඹබට කරුණාව දක්වයි , දයාබරිත වේ ,උපකාර කරයි...
යනුවෙනි.
තවද උන්වහන්සේ මිනිසාට උපකාර කිරීමේ අත්‍යාවශ්‍යතාවය පිළිබදව මෙලෙසද අවධාරණය කලේය...
තම අසල්වැසියා නිරාහාරව සිට කුසගින්නෙන් වේදනාවට පත්වෙද්දී ඹබ පමණක් කුස පුරවාගන්නේනම් ඹබ සැබෑ විශ්වාසවන්තයෙකු (මුස්ලිම් වරයෙකු ) නොවේ යනුවෙනි...!
එම නිසා අනෙකාට උදව් කිරීමේ මෙම උතුම් දානමය කටයුතු වලට කවුරුන් සම්බන්ධ වන්නේද , එවැනි ක්‍රියාවන්හි අවංකව , දැහැමි සිතින් මෙන්ම උපකාරය ලබාගන්නා පුද්ගලයාගේ චරිතයද ආරක්ෂා කරමින් ගෞරවාන්විත ලෙස ඉටුකරන්නේද ඹහුට සර්වබලධාරීයාණන් ලබාදෙන ව්ශේෂිත ප්‍රතිඵලයන් සමහරක් පිළිබදව නබිතුමාණන් මෙලෙස දැනුම් දුන්නේය....
* දන් දෙන්නා රෝගීභාවයෙන් පෙලෙන්නෙකුනම් අල්ලාහ් තආලා ඹහුගේ දානයේ මහඟුභාවය මුල්කරගෙන ඹහුට සුවය ලබා දෙන්නේය.!
( අබූදාවූද්_ 105 )
* දන් දෙන්නාට ඹහුවිසින් සිදුකරන ලද සුළු පාපකර්මයන් ක්ෂමා කෙරේ.!
( සුරා අල්බකරා_271 ).
* දන් දෙන්නා දරිද්‍රතාවයන් , අපහසුතාවයන් ඇත්තෙකුනම් ඒ සියල්ලම වහා දුරුවේ.!
( තිර්මිදි_ 2863 )
* දන් දෙන්නාගේ සියළුම වස්තූන්ව අල්ලාහ් තආලා ෂෛතාන් නැමැත්තාගේ අකටයුතු කම් වලින් ආරක්ෂා කලේය එම නිසාතමා ඹහුට දන්දීමේ භාගය්‍යද උදාවූයේ.!
( මුස්නද්,අහ්මද්_22962 ).
* දන් දෙන්නාට දන්දීමේ හේතූවෙන් දේවදූතයෙකු නිරතුරුවම ප්‍රාර්ථනා කරමින් සිටින්නේය.!දේවදූතයින්ගේ සුභාශිංසනය මිනිසෙකුට ලැබීම යනු විශාල භාග්‍යයකි.!
( සහීහුල් බුහාරි_1442 ).
* දන් දෙන්නාට අභාග්‍යසම්පන්නලෙස මරණයට පත්වීමේ අවස්ථාව මගහැරේ.!
( සුනනු තිර්මිදී_664 ).
* දන් දෙන්නාට නිරයේ අත්විඳින්නට සිදුවන්නාවූ භයානක දඩුවම් සහමුළින්ම ඉවත් කෙරේ.!
( මුඃජමුල් කබීර් _787 ).
* දන්දෙන්නාට ඹහුගේ කුමක් හෝ පවක් නිසා අල්ලාහ් තආලා කෝපයට පත්වී සිටීනම් ඹහුගේ දානය අල්ලාහ් තආලා ගේ කෝපය සහමුලින්ම තුරන් කරයි.!
( සුනනු තිර්මිදි_664 )
* අති භයානක විනිශ්චය දිනයේදී දන් දුන් පුද්ගලයා කිසිදු බියක්,සැකයක් නැතිව නිදහස්ව සිටී .!
( සූරතූල් බකරා_ 262 ).
* දන් දූන් පුද්ගලයා කිසිදු
ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවී රහසිගතව දන්දුන්නේ නම් කිසිදු සෙවනක් නැති විනිශ්චය දිනයේදී අල්ලාහ් තආලා ගේ "අර්ෂ්" ස්ථානය එම යහගැත්තාට සෙවන ලබාදේ.!
( සහීහුල් බුහාරි_ 660 ).
* දන් දුන් ඒ පුද්ගලයාට නිරයෙන් නිදහස්වීමේ භාග්‍ය උදාවේ.!
( සහීහූල් මුස්ලිම් _ 1016 ).
* දන් දෙන්නා තම සතු එකම ආකාරයේ වස්තූන් දෙකක් කෙනෙකුට දන් දුන්නේ නම් ඹහු ස්වර්ගයේ විශේෂ දොරටුවක් හරහා ස්වර්ගයට පිවිසේ.!
( සහීහුල් බුහාරි _ 1897 )
* දන් දෙන්නාට ඉමහත් වූ කුසල් ලබාදේ.!
( සූරතුල් හදීද් _07 ).
* දන් දෙන්නාට ලැබෙන කුසල් ද විශාල ප්‍රතිලාභ සහිතව ලබාදීමට කටයුතු කෙරේ.!
( සූරතූල් බකරා _ 245 ).
* දන් දෙන්නා කොතරම් විශාල ලෙස දන්දුන්නද ඒ කිසිවක් විනාශ නොවී අල්ලාහ් තආලා ඉදිරියේ විනිශ්චය දිනයේ ඹහගේ යහපත් ආයෝජනයන් ලෙස ඉතිරිකිරීමට ලක්ව ඇත.!
( සහීහුල් මුස්ලිම්_ 2959 ).
තමන් අනුභව කරන ආහාරය කෙනෙකු දන් දුන්නේනම් ඹහුගේ සිතෙහි යහපත් සව්ම්‍ය සිතුවිලි නිර්මාණය වේ.!
( මුස්නද් අහ්මද් _ 7576 ).
* දන්දීම යනු " තක්වා "නැමති බියගැතිභාවය ඇති අයගේ යහපත් ගති පැවතුමකි.!
( සූරතුල් බකරා_03 ).
*දන් දෙන්නා අන් අයට ලබාදෙන දානයේ ප්‍රමාණයට අනූව අල්ලාහ් තආලා ඹහුගේ වස්තුවෙහි සංවර්ධනය ඇති කරයි.!
( සහීහුල් මුස්ලිම් _ 1029 ).
මහා කාරුණික පරම දයාබර සර්වබලධාරී අල්ලාහ් තආලා මෙම උතුම් රමළාන් මාසයේ ඉහත සදහන් සියළුම භාග්‍යන් ලබාගැනීමේ අවශ්ථාවන් අපට උදාකරත්වා....!
ආමීන්...!!! යාරබ්බල් ආලමීන්.!
( සටහන: සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු අෂ් -ෂේයික් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.)





0 Comments