SRI LANKA


 

ආශිර්වාදයෙන් මිදී පව් සමාව උදෙසා

" මග්ෆිරත් " නම් පව් සමාවේ දින 10 දහයට අවතීර්ණ වූ අප මේ ගැනත් සිතමු...

අද පටන් අප " මග්ෆිරත් " නැමැති පව් සමාව ඇයදීමේ කාලයට  ප්‍රවිශ්ඨ වී සිටින්නෙමු ....

"රහ්මත්" නැමැති ආශිර්වාදයෙන් මිදී පව්  සමාවට ප්‍රවිෂ්ට වූ අප එය ලබාගත යුත්තේ කෙසේද යනුවෙන් මදක් පරිශිලනය කරමු.

මෙම පව් සමාව උදෙසා රමළානය   අප පරිහරනය  කල යුත්තේ කෙසේද යනුවෙන්  නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් මෙලෙස වදාලහ....

" මන් ශාම රමළාන ඊමානන් වහ්තිසාබන් ගුෆිරලහූ මා තකද්දම මින්  zසන්බිහී "

( කවුරුන් රමළාන් මාසයේ දහවල් කාලය පුරාවටම උපවාස ශීලයේ නියැලෙන්නේද, ඹහුගේ පෙර පව් සියල්ලක්ම ක්ෂමා කිරීමට ලක්වේ ) යනුවෙනි !...

ඒ වාගේම උන් වහන්සේ මෙලෙසද විග්‍රහ කලා...

" මන් කාම රමළාන ඊමානන් වහ්තිසාබන් ගුෆිර ලහූ මා තකද්දම මින් zසන්බිහී " ...

( කවුරුන් රමළාන් මාසයේ රාත්‍රී කාලයන්හි අවදිවී සීට අනිවාර්ය සහ වෛකල්පිත ක්‍රියාවන්හි නිරත වන්නේද ඹහුගේද පෙර පව් සියල්ලක්ම ක්ෂමා කිරීමට ලක්වේ ) යනුවෙනි.!

එහෙනම්... " ශියාමූන් නහාර් "  නැමැති දහවල් උපවාසයයි , " කියාමුල් ලෛල් "  නැමැති රාත්‍රී වන්දනීය කටයුතුයි දෙක ඒකරාශී වීමෙන් තමා පෙරපව් ක්ෂමා කිරීමට ලක්වන්නේ .....

නමුත් මේ ක්‍රියාවලියන් දෙකට මූහුන දෙන බැතිමතා එයට අවතීර්ණ විය යූත්තේ කොන්දේසි දෙකක් හරහාය. එව්ටයි ඹහුගේ  පව් ක්ෂමා කිරීම සාර්ථක වන්නේ .

ඒ පිළිබදව නබිතුමාණන් සැල කිරීමේදී  " ඊමානන් , වහ්තිසාබන්  " විශ්වාස වන්ත භාවය සහ කුලිය ලැබේ යන අධිෂ්ඨානයෙන්  මෙයට මුහුණ දිය යූතුවේ     එසේ නොමැතිව හුදෙක්ම නිරාහාරව සිටීම හෝ  රාත්‍රී අවදිවී සිට  වතාවත්වල  නිරතවීම සේම '  මම උපවාසය රකින්නේ නැතිනම් , ආගමික වතාවත්වල නිරත නොවන්නේ නම් අ පේ සමාජය මට දොස් නගාවි , මාව කොන්කරාවි , මට උදව් උපකාර නොකරාවි යන අරමුණ මුල්කරගෙන  පමණක්ම ක්‍රියා කිරීම   පව් ක්ෂමාවට ප්‍රමාණවත් නොවේ ..එය ආසාර්ථක  උත්සාහයකි .

තවද උපවාසයේ නියැලෙන බැතිමත්හු අනෙක් කාලයන්ට වඩා තම ශාරීරික හා මානසික නිර්මලතාවය රැකගෙන උපවාස ශීලයේ නිරත විය යූතුයි .

මුසාබස් දෙඩීම , අනුන්ව විවේචනය කිරීම , රණ්ඩු සරුවල් කිරීම , ගහමරා ගැනීම ඇතුලු අනෙකත් වැරදි සහ අකුසල්වලින් සහමුලින්ව ඉවත්න කටයුතු කළ යුතුයි.

 තමුන් සමග කෙනෙකු අනවශ්‍ය  ප්‍රශ්නයකට මැදිහත් වන්න උත්සාහ කලත් නැතිනම් රණ්ඩු සරුවල් වලට මුල පිරුවත්

 " ඉන්නී ශාඉමුන් , ඉන්නී ශාඉමුන්  " 

මම උපවාසයේ නිරතවී සිටින්නෙමි මාව අත්හරින්න යයි පවසා ඉවත්වන්න යැයි  වදාළහ.

එසේ නොමැතිව අපද එකට එක කරමින්  කටයුතු කලේ නම් රමළාන් මාසය අපට ලබාගැනීමෙන් කිසිදු පලක් නොමැත. 

නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් ද ඒ  පිළිබදව මෙලෙස අවධාරණය කලේය.

" කම්මින් ශාඉමින් ලෙයිස  ලහූ මින් ශියාමිහී ඉල්ලල්  ජූව්උ , වල් අතිෂ් , වකම්මින් ශාඉමින්  ලෙයිස ලහූ මින් ශියාමිහී ඉල්ලස් සහර් " 

මෙහි අර්ථය නම්,

( උපවාස ශීලයේ නිරත බොහෝ දෙනාට ඹවුන් කුසගින්නෙන් සිටීම සහ පිපාසයෙන් සිටීම හැරුණු කොට වෙනත් ථලක් නැත.

ඒවාගේම රාත්‍රීයේ අවදිවී සිට වතාවත්වල නිරතවන බොහෝමයකට ඔවූන් අවදිවී සිටීම හැරුණු කොට වෙනත් ථලක් නැත ) යනූවෙනි..!

එතුමාණෝ මෙලෙස පවසන්නට මූලික හේතුව මා ඉහත සදහන් කරපු යම් කරුණු කාරණා හේතුවේ ..

එපමණක් නොව මෙම උපවාසය යනූ අනෙකුත් ආගමික වතාවත්වලට වඩා උතුම් සහ අද්විතීය වේ .

එම නිසා තමා සර්වබලධාරීයාණන් උපවාසයට කුළිය ලබාදීම පිළිබඳව කතා කිරීමේදී  " උපවාසය යනු මගේ දෙයකි එය නිවැරදිව පිලිපදින බැතිමතූන්ට මම ම  කුළිය ලබාදෙමි යනුවෙන් පොරොන්දු වන්නේය ...

එම නිසා මෙම අද්විතීය,මහඟු පුන්‍ය කර්මයේ දෙවැනි අදියරට පා තබන අප එකී පරිච්ඡේදයේ සුවිශේෂී අංගය වන " පව් ක්ෂමාව නිවැරදිව ලබාගන්නට කටයුතු කරමු ඒ වෙනූවෙන් දයාබරිත අල්ලාහ් තආලා අප සියලු දෙනාටම ඹහුගේ ආශිර්වාදය ලබාදෙත්වා....! 

ආමීන් ....

පිළිගනූ මැනවි යා අල්ලාහ්....!

සටහන : 
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු අෂ් -ෂේයික් K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා

Post a Comment

0 Comments