SRI LANKA


 

ජාත්‍යන්තර කම්කරු දින ස්තුති ගෞරව ප්‍රණාමය පුද කිරීමයි!

2023 වසරේ මැයි මස පලවෙනි දින වන අද දිනය ලෝක කම්කරු දිනයයි. ශතවර්ෂාධික කාලයක් ලොව වටා ශ්‍රමය දහඩිය වගුරුවන කම්කරු ජනතාව මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව කම්කරු දිනය සමරති. 1886 අමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේදී පැය අටක වැඩ මුරයක් ඉල්ලා උද්ඝෝෂණය කළ ඇමරිකානු කම්කරුවන්ට එරෙහිව දියත් කළ මර්ධනයත්, එම සටනට නායකත්වය දුන් පිරිසක් ජීවිතක්ෂයට පත්කිරීමත්, තවත් පිරිසක් මරණ දඬුවමට පත් කිරීමත්, තවත් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඩුවමට පත්කිරීමත්, සහ කම්කරුවන් විශාල පිරිසක් ශාරීරික වද හිංසනයට ලක් කිරීම, ආදී කම්කරු අරගල ඉතිහාසයේ වැදගත් අනුස්මරණීය සිදුවීම් සමරනු සඳහා 1889දී ප්‍රංශයේදී එවකට කම්කරු පන්තියේ ලෝක නායකයකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී ඇමරිකාවේ හේමාකට් සිදුවීම සැමරීමට මැයි1 දිනය යොදාගත යුතු බව සම්මත කෙරුණා.
ඒ අනුව ලෝක කම්කරු දිනය මැයි පළමු වන දාට යෙදී තිබෙනවා.
ලෝක කම්කරු දිනය සමරන මේ ඓතිහාසික වැදගත් දිනයේදී විගමණික ශ්‍රමිකයන් ලෙස ලොව විවිධ රටවල සේවය කරන ශ්‍රි ලංකා විශ්ව කලා පුරවැසි සංසදයේ ගෞරවණීය සමාජිකයන් වන ඔබ සැමගේ අභිමානවත් ප්‍රෞඩ ශ්‍රමයට, උදාර කැප වීමට, සහ ලෝකය වෙනුවෙන් ඉටු කරන මාහැඟි සේවයට ශ්‍රි ලංකා විශ්ව කලා පුරවැසි සංසදයේ උත්තමාචාරය පිරිනැමූ.

විශේෂයෙන් ගෝලීය වසංගත තත්ත්වයක් පවතින මේ අභියෝගාත්මක මොහොතේ විගමණික ශ්‍රමිකයන් ලෙස ඔබ අතිමහත් අභියෝග රැසකට මුහුණ දෙමින් මරණයේ සෙවනැලි අභිමුව සිට ගනිමින් අභීතව අධිෂ්ඨානශීලීව ධෛර්යය සම්පන්නව සහ ආරක්ෂාකාරීව ක්‍රියාකරමින් ඔබේත් ඔබේ පවුල්වල උදවිය ගේත් රටේත් ජාතියේත් අභිවෘද්ධියට තවමත් කැපවී සිටීම මුළුමහත් ශ්‍රී ලංකා ජාතියටම අභිමාණයක් බව අප ඔබට ගෞරවයෙන් ප්‍රකාශ කරමු.

ආදරණීය මෑණිවරුන්, පියවරුන්, බිරින්දෑවරුන්, පුතණුවරුන් දියණිවරුන් ඥාතිවරුන් ඥාතිවරියන් ලෙසින් ඔබ ඔබේ ස්වකීයන්ගේ ජීවිත සැපවත් කරනු සඳහා මාතෘ භූමියෙන් බැහැරව එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අදිටන් කරගෙන විදේශගත සංක්‍රමණික ශ්‍රමිකයෙක් ලෙස කටයුතු කරන්නේ ස්වාර්ථය පමණක් නොව පරාර්ථය ද මුල් කර ගනිමිනි.

විදේශගත සංක්‍රමණිකයන් ලෙස ඔබ ඔබටම ආවේණික වූ විශාල ගැටලු සමුදායකට මුහුණ දෙමින් ඒවා දරාගනිමින් ලෝකයේ සංවර්ධනයට වැදගත් දායකත්වයක් ඉටු කරමින් සිටී.

ඉදින් අද සමරන ජාතික කම්කරු දිනයේ දී ඔබ මහත් අවදානමක් දරමින් ලෝකයට කරන මා හැගි සේවය වෙනුවෙන් ඔබට ඔබේ අයිතීන් හා වරප්‍රසාද හිමිකරදීමට ඇවැසි ජාත්‍යන්තර අවධානය යොමු කරවාගැනීමට අප අදිටනින් පෙළගැසුමූ. යැයි යෝජනා කරමු.

විශේෂයෙන් අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් සිය දහඩිය කඳුළෙන් උපයා අපේ රටට එවන විදේශ මුදල් සම්භාරයයි. ඉනූත් ඉහළ ප්‍රතිශතයක් සඳහා දායකත්වය සපයන්නේ ගෘහ සෙවිකා මට්ටමය වැඩ කරන අපේ රටේ කාන්තා පරපුරයි. යථාර්තය එසේ වුවත් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ශ්‍රි ලංකා රජයේ මෙන්ම ජාතියේ ද අවධානය ප්‍රමාණවත් ලෙස යොමු වී නැත. අද ඔවුන් ඊනියා රටවිරු නාමයෙන් රවටන ලබමින් සිටිති. එනිසා මෙම සංචාරක ශ්‍රමික කණ්ඩායම එක්සත් ධජයක් යටතේ ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා අධිෂ්ඨානශීලීව නොනවතින අරගලයක නිරතවීමට මෙම මැයි දිනයේදී අධිෂ්ඨාන කර ගත යුතුය.

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ ශ්‍රමාභිමානය ට ජය වේවා!
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ට ජයවේවා!
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ කුසලතාවයන්ට ජය වේවා!


සරත් කුමාර දූල්වල.
සභාපති
ශ්‍රී ලංකා විශ්ව කලා සංසදය

Post a Comment

0 Comments