
වෙසක් පොහොය දිනය බෞද්ධයන්ට වැදගත් වන්නේ ගෞතම බුදුන්වහන්සේ උපත, බුද්ධත්වයට පත් වීම, සහ පිරිනිවන් පෑම, යන තෙමගුල් කරුණු වෙසක් පුන් පොහොය දින සිදුවීම හේතුවෙනි. ක්‍රිස්තු පූර්ව 623 වෙසක් පොහොය දින වර්තමාන නේපාලයේ දකුණු මායිමට ආසන්නව පිහිටි කපිලවස්තු නුවර පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ පුතණුවන් ලෙස සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවිනි සිද්ධාර්ථ කුමරුගේ උපත පිළිබඳ අනාවැකි කරුවන් විසින් අනාවැකි දෙකක් ප්‍රකාශ කර තිබිණි. එනම් කුමරු ගිහිගෙයි නවතා ගැනීමට සමත් වුවහොත් රාජ්‍ය පාලකයකු විසින් දැරිය හැකි අති ප්‍රබලම තනතුරවන චක්‍රවර්ති රජු හෙවත් සක්විති රජකු වන බවත් ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට එළඹිය හොත් සම්මා සම්බුදුවරයකු වන බවත්ය. එහිදී ලෞකික අපේක්ෂා සහිත දෙමව්පියන්ගේ කැමැත්ත වූයේ සිදුහත් පුතණුවන් බලගතු සක්විති රජ පදවියට පත් වෙනූ දැකීම බැවින් ඔවුහු ඒ සඳහා නිසි වටපිටාව සකස් කිරීමට වගබලා ගත්හ. ඒ අනුව සිදුහත් කුමරුගේ වාසය සඳහා සෘතුවලට ගැලපෙන සුවපහසු කමින් යූත් රම්‍ය සුරම්‍ය සහ සුභ නමින් ප්‍රසාද තුනක් සාදා දීමත් ජීවිතයට ඇළුම් කරන්නාවූ සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය කිරීමත් සිදුවුනි.
සතර පෙරනිමිති ලෙස සඳහන් මෙලොව උපත ලැබූ පුද්ගලයකුට ගැලවීය නොහැකි මහලු වීම,ලෙඩවීම, මරණය, යන දුක්ඛදායක අවස්ථා සහ ගිහි ගෙන් නික්ම ගතකරන පැවිදි ජිවිතයක ශාන්ත බව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගත් සිදුහත් කුමාරයාට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා ඉමහත් කැමැත්තක් පහළ විණි. එම කැමැත්ත මුදුන්පත් කරගනිමින් ගිහි ජිවිතයේ සියලු සම්පත් අතහැරිය සිදුහත් කුමාරයා ක්‍රිස්තු පූර්ව 594 ඇසළ පොහෝ දින තම බිරිඳ වූ යසෝධරා දේවිය හා පුතු රාහුල කුමරුද හැරදමා තවුස් දිවියට එළැඹිණි.
ජීවිතයේ යථාර්ථය සහ එමඟින් දුකින් ගැලවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය සොයා ගැනීම සඳහා එකල සිටි උසස් ඥාන ගවේෂණයේ යෙදුණු ආචාර්යවරුන්ගේ සෙවනේ සිදුහත් තවුසාණන් තවුස්දම් පිරීමේ නිරත විය. බොහෝ කලකින් ඔවුන්ගේ ධර්මය වටහා ගත් නමුත් එමගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත නොහැකි බව බව උන්වහන්සේ පසක් කරගත්හ. ශරීරයට දැඩි දුක් දෙමින් අත්තකිලමථානුයෝගී මාර්ගයේ දීමෙන් හෝ හෝ පහසුකම් සහිත වූ කාමසුඛල්ලිකානුයෝගී මාර්ගයේ ගමන් කිරීමෙන් හෝ ජීවිතය පිළිබඳ යථාර්ථය වටහා ගැනීමට නොහැකිබව අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමන්ගේ අභිප්‍රාය මුදුන් පත් කරගත හැකි බව පසක් කළහ. දැඩි වීර්යය හා අධිෂ්ඨානය මෙහෙයවීමෙන් ඥාන මාර්ගයේ සිත පුහුනූකල සිදුහත් තවුසාණෝ ක්‍රිස්තු පූර්ව 588 වෙසක් මස පූර පසලොස්වක දින උරුවෙල් ජනපදයේ ගයානම් ස්ථානයක දී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළහ.
බුදුන් වහන්සේ තමන් වහන්සේ අත්පත් කරගත් බුද්ධත්වයේ ස්වභාවය පැහැදිලි කරන උදාන වාක්‍ය සහ ඒයින් අර්ථ ගැන්වෙන අදහස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එනම් සංසාරයේ නැවත නැවත ඉපදීම දුකකි. ඉපදීම නමැති ගේ සදන්නා වූ තණ්හාව නමැති වඩුවා මා විසින් දක්නා ලදී. වඩුවාණනි. නුඹට යළි එම ගෙය ගොඩනැගීමට ඉඩ නොදෙමි. කෙලෙස් නැමති පරාළ බිඳ දැමුවෙමි. මෝහය නැමැති කැණිමඩල ගලවා දැමීමි. සිත නිදහස් විනි තණ්හාව නිමා විනි යළි ඉපදීමක් සිදු නො වේ. යනුවෙනි.
මෙම ප්‍රකාශයෙන් ජීවිතය පිළිබඳ යථාව බෝධය ලබාගැනීම සඳහා වන මාවත පෙන්වා දෙයි. ඒ තණ්හාව වෛරය හා මෝහ යන යන සිතිවිලි වලින් මුසපත්ව සිටින පෘථග්ජන මිනිසාට මෙම ගැඹුරු ධර්මය අවබෝධ කරගැනීමේ නොහැකියාව පසක් කළ බුදුන් වහන්සේ ලෝකවාසීන්ට දහම් දෙසීම පිළිබඳ උකටලී විය.
ඉන්පසු තවූස් දිවිය ගත කරද්දී තමන්ට මඟපෙන්වූ ගුරුවරුන් හට ධර්මය දේශනා කිරීමට තීරණය කළ නමුදු ඔවුන්ද ඒ වන විට මිය පරලොව ගොස් සිටි බැවින් දිගු කාලයක් තමන් ඇසුරු කල සගයන් වූ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේය. ඔවුන් ක්රමයන් ධර්මය අවබෝධ කරගත් පසු බුදුන්වහන්සේගේ ප්‍රතම අනුගාමිකයන්වූ ප්‍රථම ශ්‍රමණ පිරිස බවට පත් වූහ.
පුරා වසර45ක් උතුරු ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ධර්ම චාරිකාවේ නිරත වූ බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදයයේ කුසිනාරා නුවර "උපවන් තන" නම් සල් උයනේදී පිරිනිවන් පෑහ. ඓතිහාසික වශයෙන් මෙම සිදුවීම ක්‍රිස්තු පූර්ව 543 වෙසක් පුර පසළොස්වක පොහොය දින සිදු වූ බවත් සටහන් වී තිබේ
මිනිස් ජීවිතයේ සැබෑ යථාර්ථය තෙමගුල ලෙස සිහිකරන මේ උතුම් දිනයේ ශ්‍රි ලාංකික ජනතාවට ජාති ආගම් කුලමල භේද සියල්ල පසෙකලා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගනිමින් යථාර්ථවාදී බෞද්ධයන් වීමට ඉමහත් අධිෂ්ඨානයක් ඇතිකර ගත හැකි මාහැඟි දිනයක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන
සබාපති
විශ්වකලා විගමණික සංසදය
0 Comments