SRI LANKA


 

ඇතැම් මුස්ලිම් අයගේ අනවශ්‍ය මැදිහත් වීම

මා  මෙම අදහස බෙදා ගන්නේ දමිළ බාෂාව කියවන්න නොදන්නා ඇතැම් මුස්ලිම් සහෝදරයන්ටය. 

මෑතකසිට විනය විරෝධී බික්‌ෂුන්ගේ වැරදි  පිලිබඳ පුවත්  සමාජ  ජාලයේ  දක්නට  ලැබෙනවා. මේවට. ප්‍රතිචාර දක්වන  මුස්ලිම් අයත්  සිටිනවා. එහි ඇතැම් profile බැලුවම ඔවුන් මුස්ලිම්ද, මුස්ලිම් නමින් පෙනී  සිට, මතු  අවශ්‍යතා  සඳහා පොස්ට් හදනවද  කියලා මට  සැකයක් තිබෙනවා. මෙය  සොයා බලන්න  බුද්ධි අංශයට  බාර කරමි.

මෙහි මුස්ලිම් වරයෙකු ලෙසින් ඔබ  පළමුව  දැකිය  යුත්තේ, ඉස්ලාම් ධර්මය හෝ ශරීයා  නීතිය කුමක්ද  කියන්නේ කියා.  දෙවනුව  සිංහල බෞද්ධ ජනතාවගේ සිතන  පතන ආකල්පයන්  කෙසේද කියලා. ඉන් පසුව තමා  ඔබගේ ප්‍රතිචාරය  ඔබ  දැක්විය යුත්තේ.  එසේ නොවන්නට ඔබ  කරන  අධූර දර්ශී දෙයක් මුළු මහත් මුස්ලිම් ජනතාවටම  වන්දි ගෙවන්නක් විය  හැකිය.

නබි තුමාගේ හදීසයක් පවසන්නේ " *කුල්ලු බනී ආදම හත්තා ඌන් "

* ආදම්ගේ පරම්බරාවේ සියල්ලන් වැරදි කරනවා කියන අර්ථයයි. වැරදි  නොකරන අය  නැත. අතට  හසුවෙන අය  බොහොම ටිකයි.

වැරදි කරන කෙනාට මුහුණටම   වරද පෙන්වා දෙන්න අයිතියක් ඉස්ලාමයේ තිබෙනවා. නමුත්, වැරදි කරුගේ වරද වුවත් ප්‍රචාරය කිරීම හා එයට  සහය වීම  "රීබත් " නම් කේලම් කාණ්ඩයේ පවට (මළ මිනියේ මස් අනුබව කරන ) ඔබ  පත් වෙනවා.

ඔහු කවුරු වුවත්  න්‍යායධාන දිනයේ (The day of judgment ) ඔබ‍ට වග  කියන්න  වෙනවා.  අපට  විරුද්ධව එන  කෙනාට පිළිතුරු දෙන්න, පහදා දෙන්න. එය  පිණක්.  පුද්ගලික චරිත සමග  සෙල්ලම් නොකරන්න. ඒ වගේම  තමා කාන්තාවන් පිළිබඳවත් පරිස්සම් වෙන්න. ඇය  ගන්කාවක් වුවත්  එය  ප්‍රචාරය  කරන්න ඔබ‍ට  අයිතියක් නැත. ඇය  රහසෙන් කළ  පාපයට  වඩා  ප්‍රසිද්දියේ එම  වුර්තිය කරන්නට, එය  සමාජයට  හානියක්  කරන්නට  ඔබ  හවුල් කරුවෙකු  වෙන බව  තේරුම් ගන්න.  කාදි උසාවියක කාන්තාවගේ චරිතය ආරක්ෂා වෙන විදිය ඔබලා  දන්නවා  නේද?  මුස්ලිම් නායකයෙක් වුවත්, ඔහු ජනතාව හොඳින් පාලනය කරමින්, පුද්ගලිකව  පාපතරයෙක් වුවත්, ඔහුගේ චරිතය විනාශ නොකර යහපත් ලෙස වරද  පහදා දෙන්න කියලා තමා ඉස්ලාම් විද්වතුන් කියන්නේ.  එතකොට, අන් ආගමික පූජක වරුන්ගේ චරිතය කෙළසන්න ඔබ  කවුද? 

බික්ෂුන්ගේ වැරදි  සිංහල බෞද්ධ ජනතාව  බලාගන්න දන්නවා. එහි මුස්ලිම් ඔබ‍ට සමාන  ඓතියක් නැත. එසේ සිතීම,යාම  සදාචාර නොවන්නේය.  ඇතැම් විට  එය  ප්‍රතිවිරුද්ද ආකල්පයට හැරී  වරදට එරෙහිව  පෙනී  සිටීමේ මනසද  වෙනස් කළ  හැකිය.  එහෙමත් නැත්නම් කබරගොයා තලගොයා  නියාය සිදුවෙන රටේ, හෙට දින  මේ සියල්ල NGO හා තම්බිලා එකතු වෙලා කළේ. මේවා බොරු. කියලා කීවත් එය  විශ්වාස කරලා  අපට තලන්න පිරිසක් ආවත් පුදුමයක් නොවේ. සිංහල ජනතාව  සමගම එකට කාලා බීලා බුදියලා සේවය කරලා  හිටියත්, සහරන් හා ශාෆි  නාටක සමයේ, මාවත්  වපර ඇසේන් බැලු හා ඉතිහාසයක් මටත් තිබෙනවා. එය  මට  අදටත් වද දෙනවා. නමුත්  කිසිදු වෙනසක් නැතිව  මා  වෙනුවෙන් කතා කළ  අයත්  සිටිනවා. එය  ලොකු සැනසීමක්.

එම නිසා සමාජ ජාලයේ පොරක් වෙන්න කලින්, ඉස්ලාමිය ඉගෙන්වීම් තේරුම් ගන්න.  මෙම  රට  සිංහල බෞද්ධ රටක්  ලෙස  ( බෞද්ධ දර්මය තුලින් බහුතරයේ වග කීමෙන් ධර්මිෂ්ට කම ආරක්ෂා කරන ) රටක් ලෙසට පවතින්න සහය වෙමු.  විනයානු ස්වාමින් වහන්සේලාට හා  සියලු  ආගමික  නායකයින්ටම  ගරු  කරමු. වැරදි කරන බික්ෂුට  දඬුවම් දීම ඔවුන්ගේ වැඩක්. අපට එය  අනවශ්‍ය ඉදිරිපත් වීමකි.

Dr Ajmal hassan

Post a Comment

0 Comments