SRI LANKA


 

මොකක්ද මේ නීපා වයිරසය?

මොකක්ද මේ නීපා වයිරසය Nipah virus කියන්නෙ?

ඔයාලට මතක ඇති අපි මීට අවුරුදු කීපයකට කලින් හුස්ම ගැන කතා කළා. හුස්ම රදවගන්න අපේ පෙනහලු පරිස්සම් කර ගන්න අපිට පුදුම සටනක් කරන්න උනා. ඒ කොරෝනා වෛරයස නිසා.


ඒත් අද අපි කතා කරන්නෙ ඒ ගැන නෙමේ. ඉස්සරහට අපි මොලේ පරිස්සම් කර ගන්නෙ කොහොමද කියල; ඒකට හේතුව ඔයාල දැනටමත් දන්නව ඇති.

නීපා වයිරසය  අලුත් දෙයක් නෙමේ. 1998 වර්ෂයේ මැලේසියාවේ හදිසි තත්වයක් ඇති කරපු වෛරසයක්. හැබැයි මේ පාර නම් ටිකක් වෙනස්; දැනටමත් ඉන්දියාවේ ප්‍රදේශ කීපයක් හුදකලා කරන්න මේ වෛරයස දින කීපයක් ඇතුලත සමත් වෙලා. ඒ කියන්නෙ මේ වෛරයස සීග්‍රයෙන් පැතිරෙන්න පටන් අරන්.

මොකක්ද මේ නීපා වයිරසය කියන්නෙ?
මේක zoonotic virus එකක්. ඒ කියන්නෙ පැතිරෙන්නෙ සතුන් මගින්. මේක paramyxoviridae කාණ්ඩයට අයත් RNA වෛරස් එකක්.
සතුන්; කව්ද ඒ?

විශේෂයෙන් ම වව්ලන්. වව්ලන් කිව්වත් පළතුරු ආහාරයට ගන්න වව්ලන් විශේෂයක් මගින්. මෙයාලට flying fox කියලත් කියනව. ඒ විතරක් නෙමේ ඌරන් මගිනුත් මේ වෛරසය ව්‍යාප්ත වෙන බව හොයාගෙන තියෙනව. විශේෂයෙන් ඌරන් ආශිත කර්මාන්ත වල යෙදෙන අයට වැඩි අවදානමක් තියෙනව රෝගය ආසාදනය වෙන්න!

මේ වෛරසය ආසාදිත රෝගීන් ගෙන් බෝවෙන්නෙ නැත්ද; කොරෝනා වගේ?

මුලින් හිතන් හිටියේ එහෙම තමයි. ඒත් මේ රෝගීන්ට උපස්ථාන කරපු සෞඛ්‍ය සේවකයෙකු මිය යාමත් සමග කරපු සොයා බැලීම් එක්ක අදුන ගන්න ලැබුනා රෝගීන් එක්ක සමීපව කටයුතු කරන අයට මේ රෝගය බෝවෙන්න පුළුවන් කියල. විශේෂයෙන් රෝගීන්ගෙ ඛේටය, මල, මුත්‍ර, දහඩිය වගේම රුධිරයෙනුත් මේ රෝගය බෝවෙන්න පුළුවන් කියල විස්වාස කරනව.

වාතය හරහා බෝවෙන්න බැරිද? ආයේ මාස්ක් දාන්න වෙයිද?
දැනට තියෙන නිගමනය නම් මේ වෛරසයේ ස්කන්ධය වැඩි නිසා සුලග හරහා බෝවෙන්න විදියක් නෑ කියන එක. හැබයි මාස්ක් භාවිතය නම් කෝකටත් ඇගට ගුණයි!

කොහොමද රෝගය වැළදිලා කියල දැන ගන්නෙ?

මෙහෙමයි සාමාන්‍යයෙන් රෝගය වැළදිලා
දින  2-14ක් වගේ කාලයකදි තමයි රෝග ලක්ෂණ පහල වෙන්නෙ. උණ සහ හිසරදය තමයි ප්‍රදානම රෝග ලක්ෂණ වෙන්නෙ. මේ දැඩි හිසරදය අඩු නොවී දිගටම එක වගේ පවතින්න පුළුවන්.

ඊට අමතරව නිදිමත ස්වභාවය, මානසික ව්‍යාකූලත්වය, අවබෝධය පිළිබද සංඥා රහිත වීම සිද්ධ වෙන්න පුළුවන්. ආක්ෂේප (ගැස්ම) සහ රෝගියා කෝමා තත්වයට පත්වෙන්න උනත් පුළුවන්. මෙහෙම වෙන්නෙ වෛරයස මොළයේ මජ්ජා කොටස ප්‍රදාහයට (encephalitis )ලක් කිරීම හේතුවෙන්. එම නිසා මොළයේ ඉදිමීමක් වෙන්න පුළුවන්. මීට අමතරව කැස්ස,  ස්වසන අපහසුව වගේ පෙනහළු ආශිත රෝග මෙන්ම හෘත් ප්‍රදාහ ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඔක්කාර, වමන, අරුචි වගේම උගුරේ ප්‍රදාහ තත්වයක් ඇති වෙන්නත් පුළුවන්.

මේ රෝගයට බෙහෙත් තියෙනවද?
කරුමෙට නෑ. විශේෂිත බෙහෙතක් හෝ එන්නතක් තවම සොයාගෙන නැහැ!

හැදුනොත් මැරෙනවද?

හ්ම්ම්.... ආසාදිතයන් ගෙන් 45% - 75% අතර සංඛ්‍යාවක් මිය යනව.
කොහොමද මේ රෝගයෙන් අපි බේරෙන්නෙ?

රෝගය වැළදීම හා පැතිරීම වලක්ව ගන්න එක තමයි සුදුසුම. වව්ලන් හා ඌරන් ගෙන් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න! එම සතුන් ගැවසෙන ප්‍රදේශ වල ගැවසීමෙන් වලකින්න.

විශේෂයෙන් සතුන් විසින් කා දමන ලද පළතුරු ආහාරයට ගැනීමෙන් වලකින්න.

අහුලාගත් පළතුරු භාවිතයත් අවදානම්.

පළතුරු යුෂ, පළතුරු බීම වර්ග නොදන්නා තැන් වලින් ලබාගැනීමත් අවදානම්!

ඒ වගේම ආසාදිත පුද්ගලයන් සමීපව ඇසුරු කිරීමෙන් වලකින්න. ඔව්න් වෙන්කර තබන්න.

සමහර විට නිවාස, ගම්මාන පිටින් හුදකලා කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. නිතර සබන් යොදා දෑත් සෝදන්න.

අලුත් දෙයක් නෙමේනෙ මතකනෙ ගියපාර; ඒ විදියට පරිස්සම් වෙන්න!
ආසාදිත රෝගියෙකු රැකබලා ගන්නෙ කොහොමද?

ඇද විවේකය දෙන්න. දියර වර්ග වැඩිපුර ලබාදෙන්න.රෝගියාගේ ප්‍රතිශක්තිය ඇති කිරීම වැදගත්. ඒ වගේම පහලවෙන රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන්.

ලංකාවේ ආසාදිතයන් ඉන්නවද?

වාසනාවට තාම නෑ! හැබයි ආසන්නම රටේ ආසන්න ප්‍රාන්තයක ප්‍රදේශ බොහොමයක් දැනටමත් හුදකලා කරල.ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න. පරිස්සමෙන් ඉන්න.

මේපාර නම් අපිට අපි විතරයි.

එරංග කරාදුගොඩ
Source: WatsApp.

Post a Comment

0 Comments