SRI LANKA


 

ඉන්දික තොටවත්තගේ අභූත හා වෛරී චෝදනා පිළිබඳ විග්‍රහයක් - 2

අල් කුර්ආනයේ 4න පරිච්ඡේදයේ 34වැනි වැකිය සඳහන් කරමින් ඉන්දික තොටවත්ත ඔහුගේ සුපුරුදු  අපහාසාත්මක ස්වරයෙන් පවසා සිටියේ තම බිරිඳ ව ඇඳෙන් පහළට තල්ලුකර දමන්නටත් පහර දෙන්නටත් මෙයින් අවසරය ලබා දී ඇති බවයි. තවදුරටත් පවසා සිටියේ මෙම වැකියේ ඉංග්‍රීසි පරිවර්තනය ඉතා කපටි අයුරින් විකෘති කොට ඉදිරිපත් කොට ඇති බවයි.  ඔහුගේ දැනගැනීම පිණිස මෙම වැකියේ ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් ඉදිරිපත් කොට ඇත්තෙමු. පරිවර්තකයා ඔහුට පහසු හා සුදුසු යයි හැඟුණු වචන යොදා ඇති අතර මුලික අර්ථයේ වෙනස්කමක් මෙහි දක්නට නොමැත.  

Sahih International: 

Men are in charge of women by [right of] what Allah has given one over the other and what they spend [for maintenance] from their wealth. So righteous women are devoutly obedient, guarding in [the husband's] absence what Allah would have them guard. But those [wives] from whom you fear arrogance - [first] advise them; [then if they persist], forsake them in bed; and [finally], strike them. But if they obey you [once more], seek no means against them. Indeed, Allah is ever Exalted and Grand.

Pickthall: 

Men are in charge of women, because Allah hath made the one of them to excel the other, and because they spend of their property (for the support of women). So good women are the obedient, guarding in secret that which Allah hath guarded. As for those from whom ye fear rebellion, admonish them and banish them to beds apart, and scourge them. Then if they obey you, seek not a way against them. Lo! Allah is ever High, Exalted, Great.

Yusuf Ali: 

Men are the protectors and maintainers of women, because Allah has given the one more (strength) than the other, and because they support them from their means. Therefore the righteous women are devoutly obedient, and guard in (the husband's) absence what Allah would have them guard. As to those women on whose part ye fear disloyalty and ill-conduct, admonish them (first), (Next), refuse to share their beds, (And last) beat them (lightly); but if they return to obedience, seek not against them Means (of annoyance): For Allah is Most High, great (above you all).

Shakir: 

Men are the maintainers of women because Allah has made some of them to excel others and because they spend out of their property; the good women are therefore obedient, guarding the unseen as Allah has guarded; and (as to) those on whose part you fear desertion, admonish them, and leave them alone in the sleeping-places and beat them; then if they obey you, do not seek a way against them; surely Allah is High, Great.

Muhammad Sarwar: 

Men are the protectors of women because of the greater preference that God has given to some of them and because they financially support them. Among virtuous women are those who are steadfast in prayer and dependable in keeping the secrets that God has protected. Admonish women who disobey (God's laws), do not sleep with them and beat them. If they obey (the laws of God), do not try to find fault in them. God is High and Supreme.

Mohsin Khan: 

Men are the protectors and maintainers of women, because Allah has made one of them to excel the other, and because they spend (to support them) from their means. Therefore the righteous women are devoutly obedient (to Allah and to their husbands), and guard in the husband's absence what Allah orders them to guard (e.g. their chastity, their husband's property, etc.). As to those women on whose part you see illconduct, admonish them (first), (next), refuse to share their beds, (and last) beat them (lightly, if it is useful), but if they return to obedience, seek not against them means (of annoyance). Surely, Allah is Ever Most High, Most Great.

Arberry: 

Men are the managers of the affairs of women for that God has preferred in bounty one of them over another, and for that they have expended of their property. Righteous women are therefore obedient, guarding the secret for God's guarding. And those you fear may be rebellious admonish; banish them to their couches, and beat them. If they then obey you, look not for any way against them; God is All-high, All-great.

මෙහිදී තොටවත්ත පවසන ආකාරයට කිසිදු පරිවර්තකයෙක් විසින් කිසිදු ආකාරයක කපටි ලෙසින් කටයුතු කොට ඇති බව පෙනෙන්නට තිබේ ද? අවශ්‍යය නම් මෙම වැකියේ වදනින් වදන පරිවර්තනය ද ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැක. ඉස්ලාමිකයින් දේව වාක්‍යයන් පිළිබඳව කටයුතු කරන්නේ තම හෘදසාක්ෂියට එකඟව අවංකව හා සත්‍යවාදී ලෙසයි. තොටවත්ත පවසන අන්දමට වංක හා කපටි ලෙස ක්‍රියා කිරීම ඉස්ලාමීය පිළිවෙත නොවේ. 

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය මගින් සකස් කරණ ලද  අල් කුර්ආන් සිංහල අර්ථ දැක්වීමේ මෙම වැකිය අර්ථ දක්වා ඇති ආකාරය වෙත අවධානය යොමු කරමු. 

“පිරිමින් ස්ත්‍රීන්ව පරිපාලනය කරනනෝ වෙති. ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා අල්ලාහ් ශ්‍රේෂ්ඨ කර ඇති හෙයින් හා ඔවුන් (ස්ත්‍රීන්ට) තම ධනය විය පැහැදම් කරන හෙයිනි. එබැවින් යහපත් වූ ස්ත්‍රීහු වන්නේ අවනත වන්නියන්ය. අල්ලාහ් (ඔවුන්ව) ආරක්ෂා කළ හෙයින් (තමන්ව ද සැමියාගේ වස්තුන් හා ගෞරවය ද ඔහු) නොමැති අවස්ථාවන්හි ආරක්ෂා කර ගන්නියන්ය.  (භාර්යාවන් අතුරින්) කවුරුන්ගේ අකීකරුකම පිළිබඳව නුඹලා බියවන්නේ ද ඔවුනට නුඹලා උපදෙස් දෙව්. පසුව (ඉන් ඔවුන් කීකරු නොවන්නේ නම්) නිදි යහනින් ඔවුන්ව දුරස් කරවූ. පසුව (එයින් ද ඔවුන් කීකරු නොවුයේ නම්) ඔවුන්ට ගසවූ. ඔවුන් නුඹලාට අවනත වුයේ නම් ඔවුන්ට එරෙහිව අන් කිසි පියවරක් නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් උත්තරීතරය, අති ශ්‍රේෂ්ඨය. (අල් කුර්ආන් 4:34) 

මෙම කුර්ආන් වැකිය සම්බන්ධයෙන් දී ඇති පාදසටහන කෙරෙහි ද අවධානය යොමු කරමු. 

‘බිරියකගේ අයහ හැසිරීමෙන් යහ මගට ගෙන ඒම සඳහා යෝජිත ක්‍රියා මාර්ගයන් තුනක් මෙහි දැක් වේ. මෙහි දක්වා ඇති අනුපිළිවෙළින් එක් මගක් සාර්ථක වන්නේ නම් ඊළඟ මගට නොයා යුතුය. විශේෂයෙන් ම නබි මුහම්මද් තුමාණන් තුන්වන ක්‍රියා මාර්ගය වන තරවටු කිරීම පිළිබඳ ව නිශ්චිත උපදෙස් ලබා දී ඇත. ඉතා අන්ත තත්ත්වයකදී හැරෙන්නට තරවටු නොකළ යුතුය. විවිධ නබි වදන් (හදීස්) මගින් පැහැදිළි කොට ඇත්තේ බිරියට තරවටු කිරීම අප්‍රසාදයට ලක් වූ ක්‍රියාවක් බවය. එක් ප්‍රකාශයක් අනුව ‘යහ මිනිසුන් වන්නේ තම බිරියට නොගසන්නන්ය’. (මුලාශ්‍රය: රූහුල් මආනි, බයිහාකි) අල් කුර්ආනය අවසාන පියවරක් ලෙස මෙය අනුමත කොට ඇතිමුත් නබි මුහම්මද් තුමාණන් කම්මුලට ගැසීම හා ශරීරයේ සලකුණු පිහිටන සේ පහර දීම ආදිය තහනම් කොට ඇත. මෙම පියවරෙන් අපේක්ෂිත වන්නේ බිරියගේ මනසෙහි තම වැරදි ක්‍රියා මාර්ගය පහර දීමට තරම් බරපතළ කමක් යැයි ඒත්තු ගැන්වීම මිස කායික රිදවීමක් නොවේ’, 

මෙම පාදසටහනින් 4;34 වැකියේ අර්ථය ඉතා යහපත් අයුරින් විග්‍රහ වන්නේය. තොටවත්ත පවසන අන්දමට නිදි යහණින් පහතට තල්ලු කර දමා පහරදීමට මෙම වැකියෙන් උපදෙස් දී ඇති බවක් නොවේ.   

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහ. “ඉතාමත්ම අංගසම්පූර්ණ විශ්වාසිකයා කවුරුන්දයත් ඔහුගේ ගතිගුණ යහපත් වූ තැනැත්තාය. ඔබගෙන් විශිෂ්ඨතම පුද්ගලයා කවුරුන්ද යත් සිය බිරිය සමග කාරුණිකව හැසිරෙන්නාය.” (අත් තිර්මිදි)

මෙය ගෘහස්ත හිංසනය සඳහා වූ වැකියක් ලෙස නියත වශයෙන් ම දැකිය හැක්කක් නොවේ. තම බිරිඳ ඝාතනය කොට සූට්කේස් එකක දමා බස්නැවතුම් පොළේ දමා යන රටක මෙම වැකියෙන් උපදෙස් දී ඇත්තේ විවාහ ජීවිතයේ ඇතිවිය හැකි අප්‍රසන්න තත්ත්වයක් නිරාකරණය කරගැනීමට සුදුසු උපදෙස් ය. මෙම වැකියේ හරය වඩාත් නිවැරදි අන්දමින් තේරුම් ගැනීමට මීළඟට ඇති 4:35 වැකිය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වෙයි. 

"ඔවුන් දෙදෙනා (සැමියා හා බිරිඳ) අතර බෙදීමක් ඇතිවේ යැයි නුඹලා බියවන්නේ නම් ඔහුගේ පවුලෙන් තීරකයෙකු ද ඇයගේ පවුලෙන් තීරකයෙකු ද (ඔවුන් දෙදෙනා වෙත) යවවු. (තීරක) ඔවුන් දෙදෙනා සමාදානය ඇති කළ යුතුය යැයි අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් (අඹුසැමි) ඔවුන් දෙදෙනා අතර සමතයක් ඇති කරනු ඇත. සැබැවින් ම අල්ලාහ් සර්වඥ හා අභිඥානවන්ත වන්නේය".  (අල් කුර්ආන් 4:35)  

විවාහ ජීවිතයේ මග පෙන්වීම 

     I.විවාහයක් වෙන්වීමකින් අවසන් වීමේ තර්ජනයට මුහුණ දුන් විට සැමියා හා බිරිඳ විසින් තම පවුලේ  අයගේ මැදිහත් වීමක් මගින් ප්‍රශ්න හා ගැටළු නිරාකරණය කර ගැනීමට කටයුතු කළ යුතුය. 

    II.ඇතැම් අවස්ථාවන් හි එකඟතාවක් නොතිබීම විවාහයක සාමාන්‍යය කටයුත්තකි. 

   III.එකඟතාවක් නොතිබීම හේතුවෙන් පළමු පියවර ලෙස දික්කසාදය සඳහා කටයුතු නොකළ යුතුය. 

   IV.ඔවුන්ගේ එකඟතා නොතිබීම නිරාකරණය කර ගැනීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් මහා    කාරුණික අල්ලාහ් ඒ සඳහා මාවත් විවෘත කොට දෙනු ඇත.

   V.අඹුසැමි දෙපාර්ශවයම පිටස්තර අය වෙත ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට පෙර තම පවුලේ සාමාජිකයින්    වෙතා ඒවා පළමුව ගෙන යා යුතුය. 

ගෘහස්ත හිංසනය කිසිදු වාර්ගික ආගමික භේදයෙන් තොරව හැම තැනම පවතින්නකි. මෙය නැති කොට සාර්ථක හා සාමකාමී විවාහ ජීවිතයකට මෙම ඉගැන්වීම් විශාල මග පෙන්වීමක් ලබා දෙයි. 

ලොව ප්‍රධාන දහම් අතුරින් ඉස්ලාමය විවාහය දිරි ගන්වන දහමකි. අනගාරික හෝ බ්‍රහ්මචාරී ජීවිතයක් සඳහා අනුබල දීමක් ඉස්ලාමයේ නොමැත. සැබැවින්ම එවන් ජීවිතයක් මිනිස් ස්වභාවයට අනුකුලත්වයක් දක්වන්නක් නොවන බව සැමට පැහැදිලි කරුණකි. මේ හේතුව නිසාම විවාහයෙන් ආරම්භ වන පවුල් ජීවිතය පිළිබඳ මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් පහල කරන ලද මහා කාරුණික දෙවිඳුන්ගේ අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයෙත් මුහම්මත් තුමාණන්ගේ ජීවිත පිළිවෙත (සුන්නාහ්) තුලත් විවිධ මග පෙන්වීම් දැකගත හැක. මෙහිදී අල් කුරානයේ අඩංගු විවාහ මග පෙන්වීම් පිළිබඳ ව ඇති වැකි කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට අපේක්ෂා කරන්නෙමු.   

"තවද නුඹලා සහකාරියන් තුළින් සැනසුම ලබනු පිණිස නුඹලා වෙනුවෙන් නුඹලා අතුරින්ම ඔවුන් ව මවා නුඹලා අතර ආදරයක් හා කරුණාවක් ඇති කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින් ම ගැඹුරින් සිතා බලන අයට මෙහි  සංඥාවන් ඇත". (අල් කුර්ආන් 30:21)

විවාහ ජීවිතයේ මග පෙන්වීම 

       I.විවාහයෙන් ආරම්භ වන සාර්ථක පවුල් ජීවිතයක සාමයික හැඟීම, කරුණාව, දයාව හා ආදරය         ස්ථාපිත වී තිබිය යුතුය. එය දෛනික ජීවිත ක්‍රියාවලියේ පිළිබිඹුවිය යුතුය. යමෙකුගේ විවාහ ජීවිතයේ   මෙවන්  හැඟීම් ස්ථාපිත වී නොමැති නම් ඔවුන් එවන් පරිසරයක් ගොඩ නගා ගන්නට අවංක  ප්‍රයත්නයක නියැලෙන්නට අවශ්‍යය වෙයි. 

     II.විවාහය මහා කාරුණික අල්ලාහ්ගේ සංඥාවකි. නමුත් එය අපගේ ජීවිත පරමාර්ථයක් නොවේ.       සංඥාවන් මගින් සිදුකෙරෙන්නේ අපගේ පරමාර්ථය වූ මහා කාරුණික අල්ලාහ් වෙත අපව යොමු      කිරීමය. අපගේ සියළු අවධානයන් විවාහය වෙත පමණක් යොමු නොකළ යුතුය. අප විවාහය දැකිය      යුත්තේ අපගේ සැබෑ ඉලක්කය වෙත, එනම් මහා කාරුණික අල්ලාහ් වෙත, සමීප වීමේ සංඥාවක් ලෙස  ය.  

"විශ්වාස කලවුනි, ස්ත්‍රීන්ව (ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් මරණයට පත් වූ පසු) බලහත්කාරකමින් උරුමකර ගැනීමට නුඹලාට අවසර නැත. ඔවුහු පැහැදිලි දුරාචාරයේ යෙදුනේ නම් හැර ඔවුනට නුඹලා දුන් දැයින් (මහ්ර් වලින්) සමහරක් ලබා ගැනීම පිණිස ඔවුන්ව (විවාහයෙන්) නොවළක්වවු.   තවද යහ අයුරින් ඔවුන් සමග නුඹලා කටයුතු කරවූ. නුඹලා ඔවුන්ව පිළිකුල් කරන්නේ නම් (නුඹලා ඉවසීමෙන් සිටිවූ. මන්දයත්) නුඹලා යමක් පිළිකුල් කරන්නේ ද එහි අල්ලාහ් වැඩි යහපතක් තැබීමට ද පුළුවන". (අල් කුර්ආන් 4:19)

විවාහ ජීවිතයේ මග පෙන්වීම 

       I.ඇතැම් විට ඇතැම් හේතු නිසා අපගේ අඹුවන් සම්බන්ධව අපට ඇත්තේ නොකැමත්තකි. නමුත්  ඔවුන් සම්බන්ධව අප නිතර කටයුතු කළ යුත්තේ කරුණාව, දයාව හා සාධාරණත්වය පදනම් කරගෙන ය.  

     II.අපගේ සහකාරියන් පිලිබඳ ව අප ඇති කර ගන්නා මතයන් නිතර නිවැරදි නොවිය හැක. ඔබ අකැමැති සහකාරිය සැබැවින් ම යහකමේ මුලාශ්‍රයක් විය හැක. 

".... දෙමාපියන් සාකච්චාවකින් හා ඔවුන් අතර වූ එකඟතාවකින් (වසර දෙකක් ඇතුලත) මව්කිරි වැරීමට සිතන්නේ නම් ඔවුන් දෙපොළට (එසේ කිරීම) වරදක් නැත....."(අල් කුර්ආන් 2:233)

 විවාහ ජීවිතයේ මග පෙන්වීම 

       I.සැමියා හා බිරිඳ අන්‍යෝන්‍ය එකඟතාවකින් ඔවුන්ගේ සම්බන්ධතාවන් හා ක්‍රියාවන් පවත්වාගෙන යා  යුතුය. 

      II.පවුලේ කටයුතු පිළිබඳ ව සැමියා හා බිරිඳ අතර විමසීම් සිදු කර ගනිමින් කටයුතු කළ යුතුය. 

"තවද ඔවුහු කවරහුදයත් 'අපගේ පරමාධිපතියාණෙනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ පරම්පරාවෙන් ද අපට නෙත් පිනවීම පිරිනමනු මැනව'! යැයි පවසන්නොය". (අල් කුර්ආන් 25:74) 

විවාහ ජීවිතයේ මග පෙන්වීම 

       I.අප විසින් සතුට හා සාමය සපිරි පවුල් ජීවිතයක් හා පවුල් ලබා දෙන ලෙස මහා කාරුණික අල්ලාහ්   වෙත ප්‍රාර්ථනා කළ යුතුය. 

      II.සතුට සපිරි සාමකාමී පවුල් ජීවිතයක් තිබීම හේතුවෙන් ම අන් අයව ද යහමග වෙත ආරාධනා කිරීමට   අවස්ථාව උදාකර ගත හැකි වනු ඇත. 

"නුඹලා හා නුඹලාගේ භාර්යාවන් ප්‍රීති ප්‍රමෝදයෙන් ස්වර්ගයට පිවිසෙවූ ( යැ'යි අල්ලාහ් ප්‍රකාශ කරයි)". ( අල් කුර්ආන් 43:70)  

විවාහ ජීවිතයේ මග පෙන්වීම 

       I.අපගේ සහකරු හෝ සහකාරිය සමග මෙලොවින් සමුගත්තයින් පසු ස්වර්ගයේ භාග්‍යය හිමි උදවිය  ලෙස මෙලොව ජීවත් විය යුතු ව ඇත. මෙය විවාහ බැඳීම් වඩාත් ශක්තිමත් කිරීමට හේතු සාධක වෙයි. 

      II.අපගේ ස්ථිර හා සදාකාලික නිවහන වන්නේ මරණින් මතු ජීවිතයේ අප ලඟා කර ගන්නා ස්ථානයයි. විවාහක යුවල විසින් මෙම යථාර්ථය සිහි තබා යහකම් කරමින් හා පාප ක්‍ෂමාව ඇයද සිටින්නට කටයුතු  කළ යුතු වෙයි. 

".... ඔවුහු (සහකරු හෝ සහකාරිය) නුඹලාට වස්ත්‍රයකි. තවද නුඹලා ඔවුනට වස්ත්‍රයකි..." (අල් කුර්ආන් 2:187)

විවාහ ජීවිතයේ මග පෙන්වීම: 

      I.සහකරු හෝ සහකාරිය එකිනෙකාට වස්ත්‍රයක් මෙනි. වස්ත්‍ර මගින් අපි දැඩි සීතෝෂ්ණ කාලගුණ තත්ත්වයන්ගෙන් අපව ආරක්ෂා කර ගන්නෙමු. ජීවිතයේ ඇති විය හැකි ගැටළු, ප්‍රශ්න හා දුෂ්කරතාවන්   හි දී මේ අයුරින් ම එකිනෙකා ආරක්ෂා කර ගත යුතුය. වස්ත්‍ර අපට අලංකාරය ලබා දෙයි. එලෙසින්ම   එකිනෙකාට අලංකාරයක් වන අයුරින් දෙදෙනාම ජීවත් විය යුතු වෙයි. වස්ත්‍ර මගින් අපි සදාචාරාත්මක       වන්නෙමු. එලෙසම එකිනෙකා සදාචාරාත්මක වීමට අවශ්‍යය කටයුතු එකිනෙකාගෙන් ඉටුවිය යුතුය.  

"විශ්වාසිකයින් ද විශ්වාසික කාන්තාවන් ද, ඔවුන්ගෙන් එකිනෙකා අනිකාගේ මිතුරන් ය. ඔවුහු යහපත අණ කරති. තවද අයහපත (ජනයින්ගෙන්) වළක්වති. සලාතය ස්ථාපිත කරති. සකාතයද ලබා දෙති. තවද අල්ලාහ්ට ද ඔහුගේ රසුල්වරයාට ද අවනත වෙති. ඔවුන්ටමය අල්ලාහ් දයාව දක්වනුයේ. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්‍රඥාවන්තය". (අල් කුර්ආන් 9:71) 

විවාහ ජීවිතයේ මග පෙන්වීම:

       I.විවාහක යුවල අතර එකිනෙකා පිළිබඳ මිතුදමක් තිබිය යුතුය. දෙදෙනාම අල්ලාහ් වෙත යොමු වූ  මගෙහි ගමන් කරන්නන් බවට පත්විය යුතුය.  

      II.විවාහයේ ප්‍රධාන අරමුණ බවට පත්විය යුත්තේ අල්ලාහ් ට ඔහුගේ ධර්මදුතයාණන් වූ මුහම්මද්  තුමාණන්ගේ මග පෙන්වීමට අනුව ජීවිතය සකසා ගැනීමය. 

පවුල් ජීවිතයේ සාර්ථකත්වය 

සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.  මිනිසා ඇතුළු සත්ව ලෝකයේ සෑම සතෙකුම තම වර්ගයාගේ පැවැත්ම සහතික කර ගැනීම පිණිස ලිංගික ක්‍රියාව මත පදනම් වූ ප්‍රජනන කටයුතු වල නියැලෙති. මේ සඳහා පෙළඹවීම සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවන ලිංගික උත්තේජනය   මගිනි.

පවුලක් යනුවෙන් අප අර්ථ දක්වන්නේ දෙමව්පියන් හා දරුවන්ගෙන් සංයුක්ත වන ඒකකයටයි. සමාජයක් සෑදෙන්නේ මෙවන් පවුල් රාශියක් ඒකරාශී වීමෙනි. නීත්‍යානුකුල ලෙස 'නිකාහ්' නම් විවාහ ගිවිසුමට එළැඹුණු පිරිමියෙකුගෙන් හා ස්ත්‍රියකගෙන් ඉස්ලාමීය පවුලක් ආරම්භ වෙයි. ඔවුන්ට දාව උපදින දරුවන් එම පවුලේ සාමාජික සාමාජිකාවන් වෙති.  විවාහයට අවතීර්ණ වන්නන් තම ආගමික වගකීම්වලින් අඩක් සම්පුර්ණ කළ අය බව වරෙක මුහම්මද් තුමාණන් පවසා සිටියහ. 

"මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පවසා සිටියහ, ස්ත්‍රියක් ව විවාහ කර ගැනීම කරුණු හතරක් මත සිදු කෙරේ. ඇගේ ධනය, ඇගේ පවුල් වංශවත්කම, ඇගේ රුපාලංකාරය, ඇහේ දහම (දැහැමිකම). මෙයින් ඔබ විවාහ විය යුත්තේ දැහැමි ස්ත්‍රියක් සමගය. එසේ නොවුවහොත් ඔබ අසාර්ථක විය හැක". (බුහාරි 4802, මුස්ලිම් 1466)    

ස්ත්‍රියක් ව විවාහය සඳහා තෝරා ගැනීමේ දී ඇගේ දැහැමිකමට ප්‍රමුඛතාවක් දිය යුතු බව මෙයින් දැක්වේ. අනෙකුත් සාධක කෙරෙහි ද සැළකිල්ලක් දැක්වීම තහනම් නොවන අතර නමුත් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා දැහැමිකම  මගින් ලැබෙන්නේ ඉතා විශාල දායකත්වයකි. 

බිරිඳ හා සැමියාගේ වගකීම් හා අයිතිවාසිකම් 

ඉස්ලාමීය පිළිවෙත අනුව පිරිමියෙකු හා ස්ත්‍රියක් අතර සිදුවන විවාහය ආර්ථික හෝ මුල්‍යමය හෝ ශාරීරික අවශ්‍යතාවන් මත පමණක් එක්ව විසීමක් නොවේ. එසේ එක්ව විසීම සඳහා  මහා කාරුණික දෙවිඳුන් විසින් ලබා දෙන ත්‍යාගයක් මෙන්ම එය පිවිතුරු ගිවිසුමකි. එමගින් ප්‍රීතිමත් තෘප්තිකර ජීවිතයක් සකස් කර ගනිමින් තම පරපුර පවත්වාගෙන යෑමට කටයුතු කිරීම  අපේක්ෂිතයි.  මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ ඔබලා අතුරින් යහ මුස්ලිම්වරයා වන්නේ තම පවුලට යහ වූ පුද්ගලයාය. 

සැමියාගේ ප්‍රධානතම වගකීම් වන්නේ තම බිරිඳට කරුණාව, ආදරය, ගෞරවයෙන් යුක්තව, හා ඉවසීමෙන් කටයුතු කිරීමයි. 

බිරිඳගේ පුර්ණ ආර්ථික වගකීම පැවරෙන්නේ සමියාටය. බිරිඳට ආදායම් මාර්ග තිබුනත් ඒවා ඇගේ අනුමැතියෙන් තොරව ගැනීමට සැමියාට අයිතියක් නොමැත. 

බිරිඳ විසින් තම සැමියාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි තම පතිවත රැකගෙන කටයුතු කළ යුතු වෙයි. තම සැමියාගේ වස්තුව හා ධනය ආරක්ෂා කිරීමට ද ඇය බැඳී සිටියි. 

"..... ඔවුනට (ස්වාමි පුරුෂයින් සඳහා කළ යුතු වගකීම්) තිබෙන්නාක් සේ යහ අයුරින් ඔවුන් සඳහා (ස්වාමි පුරුෂයින්ගෙන් ලැබිය යුතු නිසි අයිතිවාසිකම්) ද ඇත. (එහෙත්) ඔවුනට වඩා පුරුෂයින්ට තරාතිරමක් ඇත. අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්‍රඥාවන්තය". (අල් කුර්ආන් 2:228)  

බිරිඳට ජීවත්වීම පිණිස නවාතැනක් (නිවසක්), ඇඳුම් පැළඳුම්, පෝෂණය, රෝගී අවස්ථාවන් හි උපස්ථානය  මෙන්ම යහපත් අයුරින් සියල්ල ඉටු කිරීම සැමියාගේ වගකීම් වෙයි.    

සැමියා විසින් තම බිරිඳ සම්බන්ධව ඉටු කළ යුතු දෑ 

    I.මහා කාරුණික අල්ලාහ් විසින් ස්ථාපිත නීතිය අනුව තම බිරිඳ සම්බන්ධව ස්වාමියා විසින්  සාධාරණ හා     යුක්ති සහගත අයුරින් කටයුතු කළ යුතු වෙයි.

   II.ඇගේ හැඟීම් සම්බන්ධව ගරුකිරීමක් මෙන්ම අවධානයෙන් යුතුව කටයුතු කරන්න. ඇය සමග    කාරුණිකව කටයුතු කරන්න. 

  III.ඇය පිළිබඳ පිළිකුලක් හෝ දෙගිඩියාවකින් හෝ අව්නිශ්චිතභාවයකින් කටයුතු නොකරන්න. 

  IV.ඇයට හිංසනයක් කිරීමේ චේතනාවෙන් ඇයව රඳවා නොතබාගන්න. ඇගේ සාධාරණ හා යුක්ති සහගත   නිදහසට බාධා නොකරන්න.

  V.විවාහ බන්ධනයෙන් ඇය තෘප්තිකර නොවන්නේ නම් හෝ සැමියා ඇයට ආදරය හා දයාවක් නොදක්වන්නේ නම් විවාහ බන්ධනයෙන් නිදහස් වීමට ඇයට අවස්ථාව ලබා දෙන්න. 

බිරිඳ විසින් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු දෑ 

  I.විවාහයේ කොටස් කාරියක් ලෙසින් පවුලේ සතුට හා සාර්ථකත්වය උදෙසා ඇය විසින් තම දායකත්වය   ලබා දිය යුතුය. 

  II.තම සැමියාගේ හැඟීම් සම්බන්ධව අවධානයෙන් හා පංගු කාරියක් ලෙසින් කටයුතු කළ යුතුය

 III.තම සැමියාගේ සතුට හා සැනසීම පිළිබඳ ව ඇය වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතුය. තම සැමියා සම්බන්ධයෙන් හිංසාකාරී හෝ පීඩාකාරී අයුරින් කටයුතු නොකළ යුතුය. මේ පිළිබඳ වඩාත් සුදුසු අයුරින් අල් කුර්ආනය කරුණු දක්වා ඇති අයුරු වෙත අපගේ අවධානය යොමු කරමු. 

 IV."තවද ඔවුහු කවරහුදයත්,  'අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ පරම්පරාවෙන් ද අපට නෙත් පිනවීම ලබාදෙනු මැනව! තවද අපට බිය භක්තිකයින් ලෙස මෙහෙය වන්නෙකු බවට පත් කරනු මැනව! යැ'යි පවසන්නන්ය". (අල් කුර්ආන් 25:74) 

 V.ඉහත දක්වන අයුරු වීමට නම් සැමියා හා බිරිඳ එකිනෙකාට ලැදිව, විශ්වසනීයත්වය රැක ගනිමින් හා  අවංක අයුරින් කටයුතු කළ යුතු වෙයි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් බලපාන සාධකයන් ය. 

 VI.තම සැමියාහට පමණක් ඇති අයිතීන් ලෙස සැලකෙන දෑ සම්බන්ධව අන් කිසිදු පිරිමියෙකුට සමීපතාවක් හෝ ප්‍රවේශයක් ලබා ගැනීමට ඉඩ නොහැරිය යුතුය. විශේෂයෙන් ම ලිංගික සම්බන්ධතාව පිළිබඳ ව මෙය ඉතා වැදගත් අයුරින් ම ක්‍රියාත්මක කළ යුතුය.  තම සැමියා අකැමැති කිසිවෙකු ව ඇය විසින් තම නිවසට නොකැඳවිය යුතුය.  

තව බොහෝ කරුණු මෙයට එකතු කිරීමට ඇතත් ඉහත කරුණු පිළිපදින්නේ නම් සඳහන් නොකළ කරුණු නිරායාසයෙන්ම ඉවත්ව යනු ඇත. පවුල් ජීවිතයක් අසාර්ථක වීමෙන් තමන්ගේ දරුවන් මානසික වශයෙන් පත් වන්නේ ඉතා කම්පනීය තත්ත්වයකටය. අප සිතේ ඇතිවන උද්වේගය අනුව ක්‍රියා නොකොට නිතර ඉවසිලිවන්තව කටයුතු කරන්නේ නම් අපගේ ජීවිත ඉතා අලංකාර වනු නිසැකය.

අප මෙම අදහස් සියල්ල ඉදිරිපත් කළේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයක එකිනෙක පිළිබඳ ව දැනුවත්වීම තුළින් අප අතර සුහද හා සාමකාමී බැඳියාවක් ගොඩ නැගීමට උපකාරී වේ යයි යන අදහසිනි. අපි සත්‍යය දැනගනිමු. සාමකාමී රටක් ගොඩ නැගීමට මෙමගින් එකට අත්වැල් බැඳගෙන අප සැමගේ දායකත්වය ලබා දෙමු.  (මතු සම්බන්ධයි)

සැකසුම: මුහම්මද් දහලන්  

Post a Comment

0 Comments