
ටිලිං ටිලිං සිලිං සිලිං හඩ පැතිරෙනවා
සීනූ නදින් සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල් අසිරිය එනබව ලොවට දැනෙනවා
සතුටු සිනා මල් පිබිදී ලොව බැබලෙනවා
හිරු පායා ලස්සන වී අහස දිලෙනවා
මල් පිපිලා මල් සුවඳින් ලොව නැහැවෙනවා
හමන සුළන් ගතට සිතට සුවය ගෙනෙනවා
නත්තල් අසිරිය දොරකඩ ළඟ හිනැහෙනවා
රෑ යාමේ තරු පායා අහස දිලෙනවා
තරු එළියෙන් අඳුර මැකී රැය සැරසෙනවා
කැවිලි පෙවිලි හදන සුවඳ දසත රැඳෙනවා
නත්තල් සිරියේ අසිරිය සැමට දැනෙනවා
දෙවිදුගෙ ආදරේ සුවඳ ලොව පැතිරෙනවා
ජේසු උපත ඒ සුවඳින් සිහිගන්වනවා
ලොවේ උතුම් මිනිසා ඔහු බව සිහි වෙනවා
සාපෙන් අපි මිදෙව්වාට තුති පුද දෙනවා
ටිලිං ටිලිං සිලිං සිලිං හඬ පැතිරෙනවා
ගැලවීමේ සතුට දසත පැතිරී යනවා
ජේසු උපන් නත්තල් දින අද සමරනවා
එතුමන් ගත් මග යන්නට ඉටා ගන්නවා
සරත් කුමාර දුල්වල
ලැබුවා වූ මේ නත්තල ඔබට, සැමට,
සමාව දීමේත් සාමය ශාන්තිය ගොඩනැගීමේත් ආනන්දය සතුට දැනෙන අසිරිමත් නත්තල් දිනයක් වේවා!





0 Comments