SRI LANKA

මදීනා පුරවරය නිද්‍රාශීලී වන විට මධ්‍යම රාත්‍රිය නික්මගොස් තිබිණි ...!


සෑම තැනකම නිහඩ පසුබිමක් දිස් විය.

ආකාසයේ තැනින් තැන දිලිසෙන තාරුකා ආකාශය විචිත්‍රවත් කළේය.

 මෙම අවස්ථාවේදී එවකට රටේ පාලකවරයා වූ ජනාධිපති උමර් රලියල්ලාහු තුමාණෝ  වීදි බැස නගර පරීක්ෂාවට පැමිණියේය.

ඔහු නගරයේ සීමාව  පසු කර යනවිට පේනතෙක් මානෙක  හුදකලා වූ  කුඩා කූඩාරමක් ඹහු නෙත ගැටුණේය .

එම කූඩාරම තුලින් කුඩා එළියක් දිස්වන්නට විය .එය දැකපු  උමර් රලියල්ලාහු තුමාණෝ ඒ දෙසට සෙමින් සෙමින් ගමන් කළේය.

 කූඩාරමට  ළගාවූ  විට  හිස නමාගත් එක්තරා  පුද්ගලයෙකු එහි  වාඩි වී  සිටියේය.

උමර් රලියල්ලාහු  තුමාණෝ දෙවතාවක් ඔහුට සලාම් පැවසූහ නමුත් ඔහු ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් තෙවැනි වරටත් සලාම් පැවසුවේය.

එවිට  කෝපයට පත් වූ එම පුද්ගලයා තමාගේ පසෙක  තිබූ කඩුව අමෝරා ගෙන 

 “ ඔබ යන්නේ නැද්ද? ඔඹ හිඟන්නෙක් වගේනම් පේන්නෙ නැහැ  මට හිතෙන්නේ ඹබ  මංකොල්ලකාරයෙක් වගේ " යනුවෙන් 

ඔහු කෑගැසුවේය.

එවිට උමර් රලියල්ලාහු තුමාණෝ සාමකාමීව මෙලෙස පැවසුවේය.

 “මිත්‍රය....! ඔබ හිතන පරිදි මම  හිඟන්නෙක්වත් මංකොල්ලකාරයෙක්වත් නොවේ.

මා සිතන්නේ  ඔබ විදේශිකයෙක් වගේ

 ඒකයි මට ඔඹත් සමග කතා කරන්න හිතුනේ.

එවිට කූඩාරම ඇතුලේ සිට  කාන්තාවකගේ  වේදනාබර  හඩක්  ඇසුණි  එම මොහොතේ කම්පනයට පත් උමර්  රලියල්ලාහු තුමාණෝ

“ කවුද ඔතන කෑගසන්නේ යනුවෙන් විමසූවේය .
එවිට එම පුද්ගලයා ඇය මගේ බිරිඳයි යනුවෙන් පිළිතුරු දුන්නේය.

 එවිට උමර් රලියල්ලාහු තුමාණෝ " ඇය විලාප දෙන්නේ ඇයි දැයි? නැවත  විමසීය. 

“අපි  ආගන්තුයෝ  අපි මෙහෙට  ආවේ ජීවනෝපායක් පතාගෙනයි  පැමිණී ස්ථානයේ මගේ බිරිද ට ප්‍රසූත වේදනාව ආරම්භ වී ඇත.

 මම මෙතන ඉඳගෙන කල්පනා කරන්නේ මොනවා කරන්නද කියලා දන්නේ නැතුවයි " යනුවෙන් ඉතා කනස්සල්ලෙන් ඹහු පිළිතුරු දුන්නේය.

මෙය ඇසු උමර් රලියල්ලාහු තුමාණෝ වහා නැඟිට " දරු ප්‍රසූතියේ  වැඩකටයුතු උදෙසා මම වින්නඹු මාතාවක් ගෙන එන්නම් යැයි පැවසූ විට කූඩාරම ඇතුලේ  සිටි කාන්තාව "නෑ, එපා" යැයි කෑගැසුවාය.

 එවිට උමර් රලියල්ලාහු තුමාණෝ ඔබට වින්නඹු මාතාවක් අවශ්‍ය නොවන්නේ ඇයි?දැයි   ප්‍රශ්න කලේය  

“ අපට  වින්නඹු මාතාවකගේ අවශ්‍යතාවය තිබුනද ඇයට ගෙවන්නට මා ළග මුදල්  නැහැ යනුවෙන් ඔහු දුකෙන් කීවේය.

 “ මම ගෙනෙන වින්නඹු මාතාව සල්ලි ගන්නේ නැහැ. "කලබල වෙන්න එපා,"  යනුවෙන් කියමින් උමර් රලියල්ලාහු තුමාණෝ ඉතා ඉක්මනින් පිටතට ගියේය.

 වහා තම නිවසට පැමිණි උමර් රලියල්ලාහු තුමාණෝ තම බිරිඳ අමතා වහාම පිටවයන්නට සූදානම් වන මෙන්  ඇයට නියෝග කළේය.

එවිට ඇය තම ස්වාමියා දෙස බලා  " ස්වාමීනි ඔඹ  ආහාර අනුභව කරන්නේ නැද්ද ?  යනුවෙන් ඇසීය එවිට එතුමාණෝ " නැහැ එම කෑම වේල තව කෙනෙකුට අවශ්‍යයි යනුවෙන් කීය. 

"අඩුම තරමේ කිරි ටිකක්වත්  බොන්න"  යනුවෙන් ඇය පින්සෙන්ඩු  විය.

 එවිට එතුමා පැවසුවේ " නැහැ  ප්‍රසූත වේදනාවේ සිටින මවකට එම කිරිටික අවශ්‍යවේ යනුවෙන් කියමින් ඒ ටික අරගෙන සූදානම් වන්න  මම ඔටුවා  දක්කගෙන පැමිණෙන්නම් යනුවෙන් පවසා වහා පිටව ගියේය. 

මද වේලාවකට පසු උමර් රලියල්ලාහු තුමාණන් සහ ඔහුගේ බිරිඳ කූඩාරම වෙත ළඟා වූ අතර උමර් රලියල්ලාහු තුමාණන් තම බිරිඳ කූඩාරම තුළට යවා  කූඩාරමේ  පිටත සිට අනෙක් පුද්ගලයා සමග කතා කරමින් සිටියේය.

" දැන් මේ රටේ නායකයා උමර් ද ? "

" ඔව් "

" මිනිස්සු කියනවා ඔහු දැඩි වැඩියි කියලා "

" එය ඔවුනොවුන්ගේ මතය මත රඳා පවතී " 

" ඹඹ උමර්ව දැක තිබේද ? "

" ඹව් මම ඹහුව  දැක තිබෙනවා "

"ඹහුට  වස්තුව මිළ මුදල් ගොඩක් ඇති නේද ? "

" ඹහුට ඇති වස්තුව මිළ මුදල් මොනවද ? "

" කුමන හාස්‍යය ද ? රටේ  පාලකයෙක් ධනය රැස්නොකරනවා කියන්නේ කොහොමද? " 

" අපි එහෙම ධනය රැස්කරන්නන්ව පාලකයින් වශයෙන් තෝරගන්නේ නැහ "
යනුවෙන් උමර් රලියල්ලාහු තුමාණන් පිලිතුරු දුන්නේය.

මේ අවස්ථාවේ කූඩාරමේ වින්නඹු මාතාවක් ලෙසින් දරු ප්‍රසූතියේ වැඩකටයුතු කරමින් සිටි උමර් රලියල්ලාහු තුමාණන් ගේ බිරිඳ හඩ නගා 

" ජනාධිපතිතුමණි...! " ඔබේ මිතුරාට සුභාරංචි පවසන්න  ඔහුගේ බිරිඳ පිරිමි ළමයෙකු බිහි කළේය යනුවෙන් පැවසුවාය.

‘‘ජනාධිපති’’ යන වචනය ඇසූ  සැනින් ඹහු  වෙව්ලමින් උමර් රලියල්ලාහු තුමාණන් ගේ දෙපා ළඟ වැද වැටෙන්න පෙලඹුණේය.

එවිට උමර් රලියල්ලාහු තුමාණෝ ඹහුව වැළද ගෙන කරුණාවෙන් ඇයි ඔච්චර බය? කුමක්ද සිදු වූයේ ? යනුවෙන් පැවසුවේය.

තවද ඹහු උමර් රලියල්ලාහු තුමාණන් ගෙන්  " එහෙනම් මගේ බිරිඳට   දරු ප්‍රසූතියේදී උදවු කරපු ඇය කවුද ? යනුවෙන් ඇසුවේය.

" ඇය මගේ බිරිඳයි " යනුවෙන් උමර් රලියල්ලාහු තුමාණෝ පිලිතුරු දුන්නේ ය.

 තුෂ්නිම්භූත වූ මිනිසා කෘතවේදීත්වය මුසු හඬින් “ මේ රටේ නායකයාණෙනි...! ඔබතුමාද  මෙතරම් සේවාවක්  මට කළේ? යනුවෙන් කෘතවේදීත්වය පල කිරීමේ හඩින් පිරිනැමුවේය.

“ කුමක්ද මගේ මිත්‍රයා මේකේ තියෙන පුදුමේ? රටක නායකයා ඒ රටේ ජනතාවගේ සේවකයා නොවේද ? 

හෙට ඇවිත්  මාව හමුවන්න. ඔඹට රැකියාවක් ලබාදෙන්නට කටයුතු කරන්නම්  යනුවෙන් පවසා පිටත්ව ගියේය.

එවකට රටේ පාලන හෙබවූ උමර් රලියල්ලාහු තුමාණන් වැනි ශ්‍රේෂ්ඨ පාලකවරුන් ජන මෙහෙවර සිදු කළේ මෙවැනි උසස් චරිතාංග සමගයි.

අල්ලාහ් තආලා ඹවුන්ට ආශිර්වාද කරත්වා....!

එවැනි දැහැමි පාලකවරුන් හරහා අප දේශය දැහැමි කරත්වා....!

Post a Comment

0 Comments