SRI LANKA

ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම


වැරදි කළා. දඬුවම් ලැබුනා. බොහොම හොඳයි කියන මතය මුස්ලිම් අපට අනුමත කරන්න පුලුවන්ද?  ඇත්තටම අපට එය කරන්න බැහැ.  මෙහි පසුබිම හා අනාගතය දකින අතරතුරම, මුහම්මද් නබිනායක තුමාගේ ආදර්ශයන් ගැනද සැලකිල්ලට ගත යුතුයි.

පළමුව අපි නීතිය නිසි සේ පක්ෂ පාට ආගම් බේදයකින් තොරව ඉටුකළ විනිසුවරුන්ට ප්‍රණාමය දිය යුතුයි.  දේවනුව උන්වහන්සේගේ දඬුවම ලිහිල් කිරීමට මුස්ලිම් සමාජයේ දායකත්වයක් ලබා දිය යුතුයි මගේ මතයයි.

හේතුව, උන්වහන්සේගේ නොමනා ක්‍රීයකාරකම් නිසා මුස්ලිම් අයට මුහුණපාන්න වූ අපහසුතා බොහෝය.  එම කාර්‍යයන් පිලිබඳව සිංහල බෞද්ධ ජනතාව තුල පවා තරහක් තිබෙන බව සත්‍යකි.

නමුත් අපට ඊටත් එහා සිතන්න අවශ්‍ය වෙනවා. 

උන්වහන්සේ මුස්ලිම් වරුන්ට විරුද්දව පාවිච්චි වූ ඊතලයකි. උන්වහන්සේව හසුරුවූ දේශපාලන හස්තයට ලැබුණු දඬුවම කුමක්ද? පාරම්පරික පාරම්පරික කියාගෙන උන්වහන්සේගේ කාර්යාලයටම ගොස් උඩගෙඩි දුන් මුස්ලිම් නානලාට ලැබුණු දඬුවම් මොනවාද?

එම නිසා උන්වහන්සේ පමණක් වරදකරු නොවේ.

තවද, මෑත කාලයේ උන්වහන්සේ නිහඩියාවක්  පෙන්නුම් කළා.  මුස්ලිම් ජනතාවගෙන් සමාවත් ඉල්ලුවා.

උන්වහන්සේ නිහඩ වුයේ දේශපාලන අවශ්‍යතා නොතිබුණු නිසාද?  නැත්නම් සිය වැරදි මත නිවැරදි කරගත් නිසාද අපි නොදනිමු.

මුහම්මද් නබිතුමා   මෙම හිමි නමට වඩා දරුණු අපරාද කරුවන්ටත් සමාව දී තිබෙනවා.  එමනිසා, උන්වහන්සේගේ දඩුවම ලිහිල් කිරීමට හෝ පොදු සමාවක් දීමට කටයුතු කර, උන්වහන්සේට ඉස්ලාම් පිළිබඳව තිබෙන වැරදි චිත්‍ර තුරන්කරන්න ප්‍රමාණවත් ඉස්ලාම් දැනුම ලබාදීම අවශ්‍ය කරුණකි . තවද උන්වහන්සේ කුමක් කළත් චීවරධාරියෙක්, චීවරයට ගරු කිරීම යන මතය බොහෝ බෞද්ධ සිත්තුල තිබිය හැකිය. මෙයත් අපි තේරුම් ගත යුතුයි.

උන්වහන්සේට සමාවක් ලබාදීම තුලින් උන්වහන්සේටත්, රටටත්, මුස්ලිම් අපටත් සිදුවෙන්නේ යහපතක්මය. මෙම ආදර්ශය තුල මින් මතුවට මෙවන් නොමග යවීම්ද සිදු නොවිය හැකිය.  එසේ නැත්නම්, කුමන ක්‍රමයකින් හෝ උන්වහන්සේව නිදහස් කරමින්, නැවත පුරුදු ජාතිවාදයට පැන්නරයක් ලබාදීමක් සිදුවිය හැකිය.

තවද උන්වහන්සේ හදවත් හා දිය වැඩියා රෝගියෙක් නිසා, ඇතිවෙන මානසික ආතතිය තුලින් ජීවිත අවදාණාමක්ද සිදුවිය හැකිය.
මුස්ලිම් විද්වතුන් ඉහත සියල්ල cසලකා බලා ආදර්ශමත් තීරණයකට පැමිණිය යුතුයි මගේ අදහසය.

Dr Ajmal hassan

Post a Comment

0 Comments