SRI LANKA

වසර 24කට පසු ශ්‍රී ලංකාවේ අගමැතිනිය; මහාචාර්ය හරිනි අමරසූරිය!


අනුරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු, යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරියලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යවරිය හරිනි අමරසූරිය පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත!   ඇතුමිය ශ්‍රී ලංකාවේ 16 වැනි අගමැතිවරයා වනු ඇත.  

"රට කඩාවැටීමේ අත්දැකීම අපට නිසැකවම නැත. නමුත් රට ගොඩනැගීමේ අත්දැකීම අපට ලැබෙනු ඇත" ඇතුමිය   සඳහන් කරයි. 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියවන හරිනි අමරසූරිය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඇතුමිය ගෞරවනීය ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයෙක්, අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියෙක් සහ දේශපාලනඥයෙක්.
ඇතුමිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුවනු ඇත; 2019 සිට ජාතික ජනබලයට එක්විය.  මතවාදීව ඇතුමිය ජාතික ජන බලවේගයේ  ප්‍රධාන අංගයකි. 

ස්වයං ප්‍රකාශිත ලිබරල් ශාස්ත්‍රාලිකයෙකුවන ඇතුමිය තරුණ විරැකියාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳ පර්යේෂණ සඳහා ප්‍රසිද්ධය. 

මේ වන විට ඇතුමිය  ‘NEST’ නම් ශ්‍රී ලංකා ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකවරියකු ලෙසද කටයුතු කරයි. 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මීට පෙර අග්‍රාමාත්‍ය ධූරය දරා ඇත්තේ කාන්තාවන් දෙදෙනකු පමණි. 

ශ්‍රීමා ඕ බණ්ඩාරනායක 1960 ජූලි 21 සිට 1965 මාර්තු 25 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.  ඇය ලොව පළමු අගමැතිනියයි.  ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 අගෝස්තු 19 සිට 1994 සැප්තැම්බර් 12 දක්වා අගමැතිනිය ලෙස කටයුතු කළාය.   ඇය  ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ විට ඇයගේ මව ශ්‍රීමා ඕ බණ්ඩාරනායක අගමැති කළාය.  ඇය 1994 නොවැම්බර් 14 සිට 2000 අගෝස්තු 9 දක්වා අගමැති ලෙස කටයුතු කළේය. 

2000න් පසු රත්නසිරි වික්‍රමනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ඩී.එම්.  ජයරත්න සහ දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරය දැරූහ.  අවසානයේ දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 

එවන් පසුබිමක වසර 24කට පසු කාන්තාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම සතුටට කරුණකි.  සුභ පැතුම්!
නීතියට අනුව  පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 66ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසම පවසයි.  පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත බව දන්නා කරුණකි. 

මහ මැතිවරණය පවත්වා නව රජය පිහිටුවනතුරු ක්‍රියාත්මක වන අන්තර්වාර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනාට අමාත්‍යාංශ 15ක් හිමිවනු ඇති බවද දැනගන්නට ඇත.


I.A. සත්තාර්.
nisshin88@gmail.com 

Post a Comment

0 Comments