SRI LANKA

අනුර රජය ගෙන යන ක්‍රියාමාර්ග හේතුවෙන්, ශ්‍රීලංකා යලි පිබිදේවිද?


කඩා වැටුනු ශ්‍රී ලංකා මාතෘභූමිය යළි ගොඩනැගීම අභියෝගාත්මක දැවැන්ත අරගලයකි. එය නිවැරදි කිරීමේ අරමුණින් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සිය නායකයා ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කරමින් ප්‍රතිසංස්කරණ වෙමින් ගමන් කරමින් සිටියි. 

කථානායක, නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ සියලුම ආරක්ෂකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති අතර, මන්ත්‍රීවරුන් 85 දෙනෙකුගේ පමණ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සහ වරප්‍රසාද අහිමි වනු ඇත. 

නව රජයේ විදේශ වියදම් පාලනය කිරීමේ අරමුණින් විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ප්‍රධාන තනතුරු දැරූ හිටපු රජයේ අමාත්‍යවරුන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් යළි කැඳවයි. 

ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය මේ මස සිට හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කර ඇති අතර මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරය ලබාදීමට තීරණය කර ඇත. 

ඉන්ධන මිල සහ බස් ගාස්තු අඩු කර ඇත්තේ භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු කරන බවට වූ පොරොන්දුවේ මූලික උත්සාහයක් ලෙසය.

ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 311ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 377ක්, ඕඩෝ ඩීසල් රුපියල් 283ක්, සුපර් ඩීසල් රුපියල් 319ක් සහ භූමිතෙල් රුපියල් 183ක් ලෙස නව මිල අඩු කර තිබේ. අඩුම බස් ගාස්තුව ලෙස රුපියල් 27ක් නියම කර තිබෙනවා. 

බිත්තර  පාලන මිල?


බිත්තර මිල පහළ ගොස් ඇති බව ප්‍රකාශ කර පාලන මිල රුපියල් 28-30ක් ලෙස නියම කර තිබුණද, මේ වන විට සෑම තැනකම බිත්තර මිල ඉහළ යමින් පවතී.  කුකුල්කැම  මිල අඩු නොවී බිත්තර අඩු මිලට අලෙවි කිරීමට අපහසු නිසා බ
මිල වැඩි කරන බවට බිත්තර නිෂ්පාදකයෝ  පවසයි.

කුකුළු මස් මිල අඩු කරන අතර ඉදිරි සති කිහිපය තුළ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් සියයේ සිට රුපියල් එකසිය පනහ දක්වා අඩුවිය හැකි බව සමස්ත ශ්‍රී ලංකා කුඩා ව්‍යාපාර හිමියන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා පැවසුවේ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000ත් 1100ත් අතර වන අතර එය රුපියල් 900ත් 850ත් දක්වා අඩුවිය හැකි බවයි. 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව වෙළඳ හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කර ඇති හෙයින් එහි ප්‍රතිලාභ පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇත.

උත්සව පැවැත්වීම සඳහා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සහ මහජන සම්පත් නාස්ති කිරීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ. 

අතහැර දමා තිබූ ව්‍යාපෘති 11ක් ජපානය යළි ආරම්භ කර තිබේ. 

පසුගිය රජයන් මගඩි සඳහා පහසුකම් ලබාදීමට කොළඹ නගරයේ තැනින් තැන වසා දැමූ මාර්ග රැසක් මේ වන විට විවෘත කර තිබේ. 

විදේශයන්හි සේවය කරන අපේ ජාතිකයන් නව රජය කෙරෙහි විශ්වාසය තබමින් තම කැමැත්තෙන් ඩොලර් යැවීමට පටන් ගෙන ඇත. 

ලංකාවට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව  සහ ලෝක බැංකු සංවර්ධන සංගමයේ කණ්ඩායම 

විදේශ සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හොඳින් හසුරුවන අතරවාරයේ රජයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ පෙළේ කණ්ඩායමක් 2024.10.02 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. 

සංචාරයේ අරමුණ වූයේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඩොලර් බිලියන 2.9 ක දීර්ඝ කළ මූල්‍ය පහසුකමේ සිව්වන වාරිකය ලැබීමයි. 

ශ්‍රී ලංකාව කෙරෙහි පවතින ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් රජය යටතේ රට තුළ සිදු කෙරෙන නව ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළහ. 

ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සහ අඛණ්ඩ ජාත්‍යන්තර සහයෝගය සඳහා තීරණාත්මක පියවරක් ද එහි දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සහ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සඳහා සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් අනුමත කර ඇත. 

ගිවිසුමට අත්සන් තැබීම 2024.10.07 දින ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඉදිරියේ, ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍ය කේ.එම්.  මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් විසින් අත්සන් කරන ලදී. 

ශ්‍රී ලංකාවේ ප්‍රතිනිර්මාණය, ස්ථායීකරණ සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සඳහා මුදල් යෙදවීම සඳහා වන වැඩ සැලැස්මේ දෙවන අදියර යටතේ මෙම මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා ගත හැකිය.  

2023 වසරේ ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු අදියරත් සමඟ ප්‍රධාන අංශ තුනක් යටතේ වැඩසටහන් හතක් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වේ.

2024.10.  07 වැනිදා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ටකභූමි කදෝනෝ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවී සාකච්ඡා කළේය. 

ශ්‍රී ලංකාවේ විදුලිබල හා කුඩා ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ලබාදීමටත්, මූල්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ලබාදීමටත් ඔහු එකග විය. 

ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය සඳහා සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය පහසුකම් සඳහා මුල්‍ය ආධාර ලබාදීමටත්,  ජනාධිපතිතුමා ඉල්ලා සිටි පරිදි උතුරේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහය ලබාදීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා එකඟ විය. 

දූෂණ විරෝධී සම්පූර්ණ හෙළිදරව්

‘සම්පූර්ණ හෙළිදරව්’ කිරුළ යටතේ ‘දූෂණ විරෝධී’ සංවිධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී දූෂණයට අදාළ ලිපිගොනු 560කින් ලිපිගොනු 165ක් කඩිනම් විමර්ශනයට ගැනීමට නියමිත බව අනාවරණය වී තිබේ. 

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාර, බැඳුම්කර මගඩිය, 'මිග්' අල්ලස්, ලසන්ත වික්‍රමසිංහ, තාජුඩීන්, එක්නැලිකොඩ නඩු ආදී කරුණු විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභා කඩිනම් කර ඇත. 
රට සියලු අභියෝගවලට මුහුණ දී නිවැරදි මාවතේ ගමන් කිරීමට පටන් ගෙන ඇතැයි ජනතාව විශ්වාස කළත් මෙවැනි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීම නිසා විරුද්ධ පක්ෂවල අයහපත් අදහස් පළ කරනවා. 

ජනාධිපතිවරණය පාදක කර ගනිමින් මහ මැතිවරණයට එළඹීම සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු සුළු පක්ෂ සියල්ලම ව්‍යාකූල තත්ත්වයක සිටියද නාමයෝජනා පත්‍ර භාරදීම සිදුවෙමින් පවතී. 

රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට අවතීර්ණ වී තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය වී ඇති, ජාතික ජන බලවේගයට තනිව ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි බව, ජනාධිපතිවරණයෙන් ඔප්පු වී ඇත. 

අතීතයේ දේශපාලන පක්‍ෂවල ක්‍රියාකාරකම් ජනතාව කෙතරම් පිළිකුල් කරනවාද යන්න මේ වාමාංශික පක්‍ෂයේ සාර්ථකත්වයෙන් ඔප්පු වී ඇත! 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය දශක ගණනාවක් ශ්‍රී ලංකා දේශපාලනයට දැවැන්ත බලපෑමක් කළ පක්ෂයි. 

නමුත් අද ඒ පක්ෂ රටේ දූෂණය වංචාව, ආර්ථික අර්බුදය දුප්පත්කම දුන් බව තේරුම් ගත් ජනතාව, දේශපාලන වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රතිඵලයක් තමයි වමේ පක්ෂයේ ජයග්‍රහණය! 

පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරුන් තිදෙනකු වුවද, තමන් ජනාධිපති වුවහොත් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තම සාමාජිකවරුන් සමඟ ඉතා සවිස්තරාත්මකව සාකච්ඡා කළ පක්ෂ නායක අනුරකුමාර දිසානායක මහතා, කාර්යක්ෂම ආර්ථික කළමනාකරණයක් සිදු කරන බවට ජනතාවට පොරොන්දු විය. 

මැතිවරණ ප්‍රතිඵල විමසා බැලීමේදී ජාතික ජන බලවේගය ජාතික සංහිඳියාව සඳහා වූ බලවේගයක් ලෙසත්, සුළු ජනවාර්ගික අයිතිවාසිකම් පිළිගන්නා බලවේගයක් ලෙසත්, ආණ්ඩුවේ සෑම අංශයකටම අවස්ථා සලසන අදහස් ජනතා විශ්වාස කරන ආකාරයෙන් පෙනී සිටිම මෙම සාර්ථකත්වයේ රහසයි.

ජාතික ජන බලවේගය රටේ ආර්ථික සංවර්ධනය සඳහා විවිධ ආකාරයෙන් සැලසුම් ඉදිරිපත් කළා.  විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනයත් සමඟම සමාජ ආරක්ෂණ විධිවිධාන ගැනද ඔවුහු තම අදහස් ඉදිරිපත් කරති.  එමෙන්ම පසුගිය දූෂණ විමර්ශනය කර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන බවටද ඔවුහු ජනතාවට සහතික වූහ. 

ඒ නිසා තමයි 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය මේ නව දේශපාලන ප්‍රවණතාවයට ජනතාව ආකර්ෂණය වී ඇති බව මුළු ලෝකයටම පෙන්වා දී තිබෙන්නේ. 

3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ඇති පක්ෂයකට ඉතා කෙටි කාලයක් තුළදී 40%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ මානසිකත්වය කෙතරම් වෙනස් වී ඇත්ද යන්න පැහැදිලි වේ! 

ඒ අර්ථයෙන් ගත් කල, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පක්‍ෂයන් කම්පනයට පත් කර ඇත;  දූෂිත අපේක්ෂකයන් සොයා වෙනත් පක්ෂවලට පවා දුවන්න බල කරලා! 

අනෙකුත් පක්ෂ තම මැතිවරණ වේදිකාවල අවම වශයෙන් දූෂණයට හා වංචාවට එරෙහිව කතා කිරීම පුරුද්දක් කරගෙන තිබේ.  එහෙම කතා කළත් මිනිස්සු අතරට කොච්චර දුර යයිද කියලා සැකයි! 

විශ්‍රාම යන මහත්වරුන්

වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ බලය හොබවන බොහෝ දේශපාලකයන්ට දැන් විශ්‍රාම යාමට සිදුවී ඇත. 

මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, කාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විදාරණ, ජෝන් සෙනවිරත්න, වාසුදේව නානායක්කාර, අලි සබ්රි, විමල්වීරවන්ශ, කිරියල්ල යන මහත්වරුන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර ඇතත් ප්‍රකාශයක් නොකර විශ්‍රාම යාමට යන අයගේ නම් ලැයිස්තුව ඊටත් වඩා දිගුය. 

වසර ගණනාවක් පුරාවට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අයිතිය මෙවර මුස්ලිම් නම් දරන පක්ෂවලට හිමිවන්නේද යන්නද ප්‍රශ්නාර්ථයකි;  සාම්ප්‍රදායික පක්‍ෂවල තත්ත්වයද එසේමය යන උපකල්පනය ශ්‍රී ලාංකේය ජනතාව තුළ බලවත් වී තිබේ.

ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනරජ පක්‍ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් පවතින බව දැනෙන්නට පුළුවන. එම පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාසා මහතා සියලු වගකීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 
මහ මැතිවරණයට මුහුණදීමේ උපාය මාර්ගයක් සඳහා රනිල් සහ සජිත් අතර සාකච්ඡා සාර්ථක නැහැ!  මහජන එක්සත් නිදහස් පෙරමුණ නමින් සන්ධානයක් ගොඩනැගී ඇති බව රමේෂ් පතිරණ සඳහන් කරයි. 

තවත් පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව මහමැතිවරණයට තරඟ වදින අතරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ සියල්ල අවබෝධ කරගෙන, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර, දැනටමත් ලබාගෙන තිබෙන ජයග්‍රහණය ශක්තිමත් කර ගැනීම, අනුර ආණ්ඩුවේ මීළඟ ඉලක්කය වීමට නියමිතයි! 

අයි. ඒ. සත්තාර්
nisshin88@gmail.com

Post a Comment

0 Comments