
"ඊද්-උල්-අල්හා"හෙවත් "හජ්" ලොව පුරා වාසය කරන බිලියන දෙකක් පමණ ඉස්ලාමීය බැතිමතුන් ඉමහත් භක්ති ප්‍රණාමයෙන් සහ අතිමහත් ගෞරවයෙන් සමරනූ ලබන ආගමික මහෝත්සව මංගල්‍යයකි.
ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන ලෝකයේ රටවල් 47ක බහුතර ජන වර්ගය වන ඉස්ලාමීය බැතිමතුන් සමග නැමදිය යුතූ එකම දෙවියන් අල්ලා සූබානූව තා ආලා බව අදහන විශ්වාස කරන ඉස්ලාමීය බැතිමතුන් මහත් වූ ඊමානයෙන්(අචල විශ්වාසයෙන්) යුතුව ව්‍යවහාර භාෂාවේ "හජ්ජි" නමින් හැඳින්වෙන මෙම ආගමික මහෝත්සව දිනය සමරති.
අද දින ලොව පුරා වෙසෙන විවිධ භාෂාවන් කතා කරන ඉස්ලාමීය බැතිමතුන් මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් සෞදි අරාබියේ මක්කම කහ්බා දේවස්ථානයට පැමිණ එතෙක් ඔවූන් හැඳ සිටි ඇඳුම් පසකලා "ඉහ්රාම්"නම් සුදු රෙදි කැබලි දෙකකින් සැරසී අවසානයේ හිස ද මුඩූ කර එකම වෙලාවක එකම දෙසට හැරී ජාති, කූල, වර්ණ, උස්, පහත්, භේදවලින්, තොරව අති පාරි ශුද්ධ වූ "අල්ලා සූබානූව තා ආලා"වෙනුවෙන් මහත් භක්ති ප්‍රනාම හරසරින් නමස්කාර කරති. ඊට සමගාමීව ලොවපුරා සියලුම ඉස්ලාමීය බැතිමතුන් සිය උතුම් ආගමික වතාවත් පවත්වමින් අල්ලා සූබානූව තා ආලා ට සිය බැතිබර නමස්කාරය පිරිනමති.
හජ් උත්සව දිනයේ මක්කාවට යන මුස්ලිම් බැතිමතුන් සේම එදින හජ් වන්දනාව නිමිති කරගෙන ඉස්ලාමීය බැතිමතුන් පවත්වන සියලු වන්දනාවන්, ප්‍රාර්ථනාවන්, (දූවාකිරීම්) වත් පිළිවෙත් දාන මාන (සදකා) සියල්ලෙහි අරමුණ අල්ලාහ් වෙත මුස්ලිම් වරුන් ගේ ඇති මහත් වූ භක්තිය ආදරය පිරිනැමීමයි.
එසේම ඔවුන්ගේ උතුම් ප්‍රාර්ථනය වන්නේ විශ්ව මානව සහෝදරත්වය.ප්‍රේමය, සහ සහජීවනයයි.
"ඉස්ලාම්" යන අරාබි වචනයේ තේරුම අවනත වීම, කීකරු වීම, බැඳීම, හා සාමය, ලෙස සලකා "හජ්" උත්සවයේ දී සකල ලෝකවාසී මානව වර්ගයා වෙත ඉස්ලාමීය ජනතාව සිය සහෝදරත්වය, ප්‍රේමය, සාමය සතුට සහජීවනය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරති.
හජ් යන අරාබි වචනයේ අර්ථය "සොයා යෑම" හා "පෙරට යෑම "ලෙස සඳහන්වේ.
ඒ අනුව මිනිසා මේ මහපොළොවේ ජීවත් වන්නේ කවර අරමුණක් අරභයාද? කවරක්? කවුරුන් වෙනුවෙන් ඉටුකිරීම සඳහාද? ඒ කුමක්ද? කා සඳහාද? එය කෙසේ කළ යුතුද?යන්න අනවතරයෙන් සොයා යමින් ඒ අනුව කටයුතු කිරීමට බව සඳහන් කළ හැකිය.
ඒ අනුව මිනිසා ඇතුළු ලෝකය මවාලු මහා ශ්‍රේෂ්ඨ අද්වතීය මැවුම්කාරයාණන් වන සර්ව බලධාරී අල්ලා සුබානුව තා ආලා
නැමැදිය යුතු එකම උත්තරීතර දෙවිඳුන් ලෙස සලකා උන්වහන්සේ විසින් මෙලොවට පහලකළ නබිවරුන් උන්වහන්සේගේ දූතයන් ලෙස පිළිගනිමින්, සහ එතූමන්ලාගේ ඉගැන්වීම් පිළිගනිමින්, පංච මහා පාපයන් වන මිනී මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, මත්පැන් පානය, සහ බොරු කියූම, ආදියෙන් වැළකී ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව, උඩඟුකම, තෘෂ්ණාව, පහ කරමින් මහත් වූ ඉවසීමෙන් තම දෙමාපියන් අඹු දූ දරුවන්ට දයාව ප්‍රේමය කරුණාව දක්වමින් රක්ෂණය කරමින් එසේම සකල ලෝකවාසී මානවයාට එලෙසම ආදරය ප්‍රේමය කරුණාව, දයාව සාමය සංහිදියාව පිරිනමින් පතුරුවමින් ශුද්ධ වූ කුරාණයට අනුව තම දිවිසැරිය ගත කිරීම කළ යුතු බව ඉස්ලාම් ධර්මය පෙන්වා දෙයි.

සෑම මුස්ලීම්වරයෙකුම සැමරිය යුතු වැදගත් උතුම් දිනයන් දෙකක් ලෙස ඊද් උල් ෆිතර්( රාමදාන්) සහ ඊද් උල්-අල්හා(හජ්) යන දිනදෙක හැඳින්වේ. ඊද් උල් අල්හා යන්නේ අදහස වන්නේ කැපකිරීමේ මංගල්‍ය (festival of sacrifice) යන්නයි.ඉස්ලාම් බැතිමතුන්ගේ පංචවිධ සීලය වන ශහදා, සලාත්, සකාත්, සවම්, සහ හජ් අතරින් පස්වැනි සීලය වන හජ් වන්දනාව ඊද් උල් අල්හා දින සිදු කරයි. ඒ සඳහා ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන්ගෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් සෑම වසරකම මක්කම පිහිටි කහ්බා දේවස්ථානයට හජ් වන්දනාවේ යති.
ඉස්ලාම් ධර්මයේ මූලික සංකල්ප හයක් තිබේ. එයින් පළමුවෙනි සංකල්පය "තව්හීද්" සංකල්පය යි. එනම් අල්ලාසූබානූව තා ආලා හැර වෙනත් දෙවි කෙනෙක් නැත, යන ඒක දේවවාදී පිළිගැනීමයි. ඒ අනුව මිනිසාගේත් ලෝකයේත් ජීවයේත් උල්පත ශුද්ධ වූ "අල්ලාහ්" දෙවිඳුන් බව බව විශ්වාස කිරීමයි. ඇදහීමයි.
දෙවැන්න අල්ලා සූබානූව තා ආලා විසින් මිනිසාට මග පෙන්වීම පිණිස එවන ලද "මුහම්මද් නබි" තුමා ප්‍රමුඛ සියලු නබිවරුන් විශ්වාස කිරීමයි. අල්ලාහ් දෙවිඳුන් විසින් මිනිසුන්ට මග පෙන්වන්නේ අනාගත වක්තෘවරුන් මාර්ගයෙනි. ඒ සියලු දෙනා මනුෂ්‍යයන් ය. ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම හා සමාන වන බව ශුද්ධ වූ අල්කුරාණයේ දක්වා ඇත. එසේ අල්ලාසූබානූව තා ආලා විසින් එවන ලද අවසාන නබිතුමානන් වූයේ මුහම්මූද්(මොහොමඩ්) නබිතුමා යි.
තුන්වන සංකල්පය වන්නේ අල්ලා සූබානූව තා ආලා විසින් මනුෂ්‍ය වර්ගයාට ප්‍රකාශ කරන සියලු දේව පණිවිඩ අඩංගු ග්‍රන්ථය වන ශූද්ධ "අල් කුරානය" හා සියලුම දේව ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය තැබීම යි.
හතරවන සංකල්පය වන්නේ "අල්ලාහ්" දෙවිඳුන් විසින් එවන ලද සියලු නබිවරුන්ට එක හා සමාන ලෙස ගෞරව කළ යුතු බවයි.
පස්වැනි සංකල්පය වන්නේ පරලොවක් ඇතැයි විශ්වාස කළ යුතු බවත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව සිහිපත් කරගන්නා ලෙස අල් කුරානය දන්නවා තිබීමයි.
හයවන සංකල්පය වන්නේ අල්ලාහ් දෙවිඳුන්ගේ ,,"සර්ව භෞමික" නීතියයි. එය ( කදා සහ කදර්) ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ සෑම දෙයක්ම අල්ලා සුබානුව තා ආලා ගේ නියමය පරිදි යම් යම් නීති රීති අනුව සැකසෙන බව හා අල්ලාහ් දෙවිඳූන් විසින් යමක් සිදුවීමට නියම කරනු ලබන බවයි.

ඉහත කී උතුම් මූලධර්ම වල පිහිටා ඊද් උල් අල්හා හෙවත් හජ් ආගමික උත්සව මංගල්‍යය සෑම මුස්ලිම් භක්තිකයෙක් ම අනිවාර්යෙන්ම සමරති. එදින අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔවූහු උදෑසනම සිය සලාතය හෙවත් නැමැදීම සඳහා දේවස්ථානයකට හෝ ඒ සඳහා පිළියෙළ කළ ස්ථානයකට යති. පළමුව අල්ලාහ් දෙවිඳුන් නැමදීම සිදුකරන අතර අනතුරුව සියලුම දෙනා එකිනෙකාට "ඊද්" සුබ පැතුම් ප්‍රාර්ථනා කරමින් ආචාර සමාචාර කරති. මෙම දිනයේ දී චාරිත්‍රයක් වශයෙන් තම ඥාති හිත මිතුරන් මුණගැසී ඔවුන්ට සාමය ශාන්තිය සහජීවනය (සලාම්) හදවතින්ම ප්‍රාර්ථනා කොට පවසති..
තමන් කුමන තරාතිරමකට අයත් වුවත් සියලු දෙනා එක හා සමාන මනුෂ්‍යයන් බව වටහා ගැනීමට "ඊද් "උත්සවය ඉවහල් වේ. රාජ්‍ය නායකයෙකු, ධනවතෙකු දිළින්ඳෙකු හෝ කවර තරාතිරමක පුද්ගලයෙක් වුවත් කහ්භාව ඉදිරිපිට ඒ සියල්ලෝ එක සමානය. "හජ් වන්දනාවේ දී"සලකනු ලබන්නේ අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි ඇති භක්තිය පමණි. ලොව සමස්ත මුස්ලිම් බැතිමතුන් එකම වෙලාවකදී එක මොහොතකදී සමරන "හජ් වන්දනා" මහෝත්සවය මගින් සමානාත්මතාවය, සාමූහිකත්වය, සංහිදියාව ,පරිත්‍යාගය, සාමය යන උත්තරීතර පණිවිඩ සමස්ත මානව සංහතියට ලබාදෙයි.
"හජ්" වන්දනාව මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වය ගොඩනැගීමේ මහඟු උතූම් අවස්ථාවකි.
අල්ලාහ් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තැබූ ඉබ්‍රාහිම් නබි තුමා සහ එතුමාගේ පූත් ඉස්මායිල් නබීතුමන් අල්ලාහ්ට ඇති අචල භක්තියෙන් කරන්නට යෙදුනු පරිත්‍යාග සම්බන්ධව ශුද්ධ වූ අල් කුර්ආනයේ ඇති අගනා විස්තරය හජ් වන්දනා මහෝත්සවය ගැන අගනා ඓතිහාසික පුවතක් ගෙනහැර දක්වයි.
මෙම වන්දනීය පූජනීය උතුම් දිනයේ දී එය සිහිපත් කීරීම සර්ව බලධාරී අල්ලාහ් ගේ මහානුභාව සම්පන්න භාවයට කරන උත්තරීතර නමස්කාරයකි.
ඉබ්‍රාහිම් නබිතුමා වර්තමානයේ ඉරාකයට අයත් භූමිභාගයක උපත ලැබීය. එකල රට පාලනය කළේ "නම්රූද්" නම් කෲර රජකු වන අතර ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර කර වැඳුම් පිඳුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණි. මෙම අණට විරුද්ධව නැගී සිටි එතුමා ශුද්ධ වූ "අල්ලාහ්"දෙවිඳුන් හැර කිසිවකුට නමස්කාර නොකරන ලෙස ජනතාවට අනුශාසනා කළහ. මෙයින් කෝපයට පත් රජතුමා ඉබ්‍රාහිම් නබීතුමා ගිනිමැලයකට දමා පුළුස්සන ලෙස අණ කළේය. රාජ අණට අනුව ඉබ්‍රාහිම් නබිතුමා ගිනි මැලයට දැමීමට සූදානම් මොහොතේ දේවදූත "ජිබ්රිල්" තුමා එතුමාට උදව් පිණිස පැමිණියද , ඉබ්‍රාහිම් නබිතුමා අල්ලාහ් කරෙහි පැවති අචල විශ්වාසයෙන් යුතුව "දෙවියන් මා සමග සිටී" යැයි පිළිතුරු දී ඇත. රාජ අනට අනුව "ඉබ්‍රාහිම්" නබිතුමා ගින්නට දැමුවද එතුමන්ට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.
( අල් කුරානය21.69)
අනතුරුව ඉබ්‍රාහිම් නබිතුමා තම 87 වැනි වියේදී අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පනත් නියමාකාරව පිළිපදින යහපත් දරුවෙක් තමන්ට ලබා දෙන ලෙස අල්ලාහ් දෙවිඳුන්ගෙන් ඇයද සිටියේය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් දෙවිඳුන් ඉබ්‍රාහිම් නබිතුමාගේ බිරිඳ වන හාජරා තුමියට "ඉස්මායිල්"නමින් දරුවකු දායාද කර ඇත. මේ අතර දිනකදී දරුවා සහ බිරිඳ කාන්තාරයේ තනිකර දමන ලෙස අල්ලාහ් දෙවිඳුන් ඉබ්‍රාහිම් නබිතුමාට සිහිනයෙන් අණ කර ඇත. ඒ අනුව අල්ලාහ් දෙවිදුන්ගේ අණ පිළිගත් ඉබ්‍රාහීම් තුමා ගිනියම් වූ කාන්තාරයේ පූත් ඉස්මායිල් සහ හාජරා තුමිය තනිකර දමා පැමිණියේය. ආහාර හෝ දිය බිඳක් නොමැති ව මව සහ පුතා ගිනියම් කාන්තාරයේ සිටියහ.
අවසානයේ ඔවූන් දෙඅත් ඔසවා "අල්ලාහ්" දෙවිදූන්ගෙන් පිහිට පැතූ අතර එවිට ඉස්මායිල් නම් පුතාගේ පාමුල දිය උල්පතක් මතුවිය. මෙයින් පිපාසය සංසිදුවා ගත් මව් පුතු දෙදෙනාම "සම් සම්" (නවතිනු නවතිනු) යනුවෙන් හඬ නගා පවසා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කර ඇති නමුත් එය නතර නොවීය. මහා කාන්තාරයෙන් මතුවූ මෙම දිය උල්පත පදනම් කොටගෙන එම ප්‍රදේශයේ ජනාවාස බිහි වෙන්නට පටන් ගෙන ඇත. සම් සම් දිය උල්පත අසලම පිහිටි කහ්බාව අල්ලාහ් සිහිකිරීමට ලෝකයේ පළමුව නිර්මාණය කරනු ලැබූ ඉස්ලාමීය දේවස්ථානයයි. ඉබ්‍රාහිම් නබිතුමා සහ එතුමාගේ පුතණුවන්වූ ඉස්මායිල් නබිතුමා ද එකතුව කහ්බාවේ දේවස්ථානය නිර්මාණය කළහ. කලක් ඇවෑමෙන් එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත් වූ අතර ස්ලාමීය වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් සිදු කරන කේන්ද්‍රස්ථානය, මෙන්ම සාමය සංහිදියාව සහ ආරක්ෂාව ලබාදෙන ස්ථානය ලෙසද එය සැලකේ. මීට වසර දහස් ගණනකට පෙර මතුවූ මෙම උල්පත වර්තමානයේ ද දක්නට ඇති අතර මක්කාවේ පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාව හා විදෙස් රටවලින් හජ් වන්දනාව කිරීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ද අදටත් එම දිය උල්පත ප්‍රයෝජනයට ගනිති.ඉබ්‍රාහිම් නබිතුමා සහ ඉස්මායිල් නබි තුමාගේ අල්ලාහු තාලා කෙරෙහි වූ අචල භක්තිමත් භාවය සම් සම් දිය උල්පත බිහිවීමේ හාස්කම.විය. ඊබ්‍රාහිම් නබිතුමා එතුමන්ගේ බිරිඳ හජරා තුමිය සහ පුත් ඉස්මායිල් තූමන් ගේ උත්තරීතර පරිත්‍යාගය ලොවසිටින ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් එකම වස්ත්‍රයකින් සැරසී, එකම දිසාවටහැරී, එකම මොහොතකදී එකට එක්ව ජාති කුළ වර්ණ උස් පහත් භේද වලින් තොරව සාමය සහජීවනය පිළිබඳ උතුම් අදහස් හිතේ දරාගෙන වන්දනා කරන දේවස්ථානය බිහිවීමට මූල් විය.

එනයින් ගත් කළ සර්ව බලධාරී අල්ලා සූබානුව තා ආලා විසින් වසර 5000 කට පමණ පෙර පෘථිවියට දායාද කළ පළමු මිනිසා මෙන්ම නබිවරයා වූ ආදම් නබීතුමාගේ සිට ඉස්ලාම් ධර්මය පරිපූර්ණය කළ අවසාන නබිතූමා වන මොහොමඩ් නබිතුමා දක්වා සියලූම නබිවරයන් තුල අල්ලා සුබානූව තා ආලා කෙරෙහි පැවැති අචල අනුල් ලංගනීය භක්තිය සහ එම නබිතුම න්ලාගේ ජීවිතාදර්ශයන් මහත් වූ බැතියෙන් ස්මරණය කරන දිනයක් ලෙසද
හජ් මහෝත්සව දිනය අවිවාදිතව පිළිගැනේ තවද ඊබ්‍රාහිම් නබිතුමාගේ උතුම් පරමාදර්ශී පරිත්‍යාගයන් ගේ අනභිබවනීයත්වය සිහිකරමින් ඇති හැකි අය විසින් නැති බැරි අයට තමන් වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් තමා සතු ධනයෙන්, වස්තුවෙන්, නොමසූරුව කරන පරිත්‍යාග (සකාත්) හජ් මහෝත්සවය්දී සමස්ත ලෝකවාසී ජනතාවට සිය ජීවන වගකීම, ආදර්ශය, යුතුකම, පෙන්වා දෙන අනභිභවනීය ආගමික චාරිත්‍රයක් වත් පිළිවෙතක් ලෙස ඉස්ලාමීය භක්තිකයන් අඛණ්ඩව ඉටුකරති.
අද දින ලොව පුරා සිටින ගෞරවනීය ඉස්ලාම් භක්තිකයන් සියලුම දෙනාට සාමය සතුට සහජීවනය අත්පත් කරගැනීමට අල්ලාහ් දෙවිඳුන්ගේ ආශීර්වාදය ලැබෙන අසිරිමත් "හජ්" උත්සව දිනයක් වේවායි විශ්ව කලා ශ්‍රමික සංසදය හෘදයාංගමව ප්‍රාර්ථනා කර සුභාශිංශනය කරයි!
සභාපති සරත් කුමාර දුල්වල
විශ්ව කලා ශ්‍රමික සංසදය.
0 Comments