SRI LANKA


 

පෙර ඇත්තන්ගේ මෙහෙවරන් ඇගයීම පසු ඇත්තන්ගේ ජාතික වගකීමකි...!


මේ ලෝකයේ ජිවත්වන සියල්ලන්ටම පාහේ තමන්ට ආවේනික  ඉතිහාසයක් ඇත.

 එම ඉතිහාසය ගොඩනගාදුන් ,එම ඉතිහාසය වර්ණවත් වීමට දායක වු තම පෙර ඇත්තන්ව අමතක කිරීම ජාතියක පරිහානියට මුලික හේතුවක් ලෙස උපුටා දැකවිය හැක.

ඉතිහාසය සහ එයට දායක වු අප පෙර  මුතුන් මිත්තන්ව අමතක කිරීම යනු ජාතියක් අලුත් ආකාරයේ ආධිපත්‍යයන්ට ගොදුරු කිරීමකි.නව යටත් විජිත වාදයේ පීඩනයට එරෙහිව ස්වාධීන  සහ ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට ඉතිහාසය පිළිබඳ අවබෝධය අපට ඉතා වැදගත්ය.

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා මෙලෙස විග්‍රහ කළේය: ඉතිහාසයක් නොමැති ජාතියක් මුල් නොමැති ගසක් වැනිය යහපත් අනාගතයක් ගොඩනැගීමට නම් අප අපගේ අතීතය තේරුම් අරන් ඉගෙන ගතයුතුය.


එම නිසාඅවුරුදු 1000 ක් අභිබවා ගිය ශ්‍රි ලාංකීය මුස්ලීම් ජන සමාජයට අයත් වර්ණවත් ඉතිහාසයක් ආගමික,දේශපාලනික, සංස්කෘතික සමාජ මෙහෙවරන්  ආදි වශයෙන්  නන් අයුරින් උරුම කරදුන් අප ඉතිහාසයේ උරුමක්කරුවන්වන අපගේ පෙර මුතුන් මිත්තන් පිළිබදව කතා කිරීම , ගවේෂණය කිරීම ඇගයීම යන මුලීක කරුණු අරමුණු කරමින් මීඩියාලින්ක් ආයතනය හා අල් _අශ්ලාෆ් පෙර මුතුන් මිත්තන්ව අනුස්මරණය කිරීමේ සංසදය
 විසින්ආරම්භ කළාවූ මෙම  ජාතික මෙහෙවරේ  දෙවැනි පියවරට  සම්ප්‍රාප්ත වන එකී සංසදයේ ගරු සභාපති එම්.එච්.එම් නියාස් මහතාණන් හට සහ එම කණ්ඩායමට මාගේ අවංක කෘතවේදීත්වය පිරිනමන අතර මෙවැනි අර්ථවත් ඉතා වටිනා ජාතික මෙහෙවරක්  උදෙසා තම කාලය ශ්‍රමය කැපකරන සියල්ලන්හටම  ආශිර්වාද කරමින් දීර්ඝායුෂ පතමි.



ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ගෝලීය 
අංශයේ මුස්ලිම් ආගමික උපදේශක දේශමාන්‍ය, 
දේශබන්දු අෂ් ෂේයික් කෝට්ටේගොඩ ආරච්චිලෑගෙදර 
හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් 
රඹුක්කන මව්ලවිතුමා.

DATE: 2nd SEPTEMBER 2025
FROM; 4.30 PM TO 6.30 PM
VENUE: POSTAL HEADQUATERS AUDITORIUM
310, D.R.WIJEWARDANA MAWATHA McCALLUM ROAD.
COLOMBO-10

Post a Comment

0 Comments