SRI LANKA


 

දීපාවලී උත්සවය.ප්‍රීතියෙන් සමරමු


අද දීපවාලී උත්සව දිනයයි. දීපවාලී උත්සව දිනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ජාතික උත්සව දිනයකි. එනිසා එය.රජයේ නිවාඩු දිනයකි. ශ්‍රී ලංකාව දීපාවලි උත්සවය මහත් හරසරින් සමරනූ ලබයි.

ලොව පුරා හින්දු බැතිමතුන් "දීපවාලී" උත්සවය නැතහොත් "දීවාලී උත්සවය හෙවත් "ආලෝකයේ උත්සවය". මහත් භක්තියෙන් සමරති. ආලෝකයේ උත්සවය නමින් හඳුන්වන මෙම උත්සවය මගින් අයහපත පරදා යහපතත් අඳූර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සමරයි.

අවිද්‍යාවෙන් හටගන්නා අනර්ථය පරාජය කිරීමට දැනුම හා අවබෝධය ලබා දෙන තම දෙවි දේවතාවන්ට භක්තිය සහ ස්තුති කිරීමත් දීපවාලි උත්සවයේ දී සිදු කෙරෙයි.

ආධ්‍යාත්මික ආලෝකය වටහාගෙන මිනිස් ජීවිතයේ ආනන්දය සොයා යන්නට මෙම උත්සවය මග පෙන්වයි. හින්දු ධර්මයේ ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික හරය ඉස්මතු කරන දීපවාලී උත්සව දිනය කෘතඥතාවය පිරිනමන ශ්‍රද්ධාවේ ජීව ගුණයෙන් පිරී පවතින ඉතා උසස් ආධ්‍යාත්මික හැඟීම් ඇති කරන යහපත හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට අධිෂ්ඨානය ඇති කරන උත්සවයකි.

ආගමික භක්තියෙන් මෙන්ම සෞන්දර්යාත්මකව විචිත්‍ර වූත් උත්සවශ්‍රියෙන් පරිපූර්ණවූත් ඉතා ප්‍රීතිමත් උත්සව දිනයක් ලෙස හින්දු භක්තිකයන් මෙන්ම වෙනත් ආගමික ප්‍රජාවන් ද සමරන උත්සවයක් ලෙස දීපවාලී උත්සවය හැඳින්විය හැක.
දීපවාලි උත්සවයේ ආරම්භය ගැන හින්දු වියතුන් පළ කරන මත කිහිපයක් තිබේ.

1 ශීත සෘතූවට පෙර අවසාන අස්වැන්න ලබා ගැනීම මුල්කර ගනිමින් අස්වනු උත්සවයක් ලෙස ආරම්භවී ඇත යන්න එක් මතයකි.

2 ඉපැරණි ඉන්දූනිම්න ශිෂ්ටාචාර වල පැවති මව් දෙවඟන පිදීමේ චාරිත්‍රය පසුව ශ්‍රීකත්වයට අධිපති ලක්ෂ්මි දේවිය ආරෝපණය වී පැවත එන බව අනිත් මතයයි.

3 රාම රජු විසින් රාක්ෂස රජවූ රාවණා සමඟ සටන් කොට ඔහු මරා දමා තම බිරිඳ වූ සීතා දේවිය සහ සහෝදරයා වූ ලක්ෂ්මණ සමඟ තම රාජධානිය වූ අයෝධ්‍යා නගරයට පැමිණීම සැමරීමට මෙම උත්සවය පවත්වන බව ජනකතා ඉතිහාසයේ කියැවේ. එසේ යුධ ජයග්‍රහණය කර අයෝධ්‍යාවට රාම රජු පැමිණෙන විට ඔහු පිළිගැනීමට පහන් වැටක් දැල්වූ බවත් ඒ අනුව මෙම උත්සවය දීපවාලී වූ බවත් පැවසේ.

4 තවත් මතයකට අනුව එක්තරා කාලයක මුළු පොළොව ම පාලනය කරමින් නරකා සූර නම් අසුරයකු සිටි බවත් බලයෙන් උමතුව සිටි ඔහු බානසූර නම් තවත් අසුරයකු සමග මිනිසුන්ට නොයෙක් තාඩන පීඩන කළ බවත් මේ ගැන ක්‍රිෂ්ණ දෙවියන්ට පැමිණිලි කළ පසු එම අසුරයන් මරා දැමූ බවත් අයහපත නපුර පරාජය කළ එම දිනය සංකේතවත් කරමින් පහන් දැල්වීම දීපවාලි උත්සවය බවත් ඇතැමුන් සඳහන් කරති.
.
5 මීට අමතරව බාලි නම් යක්ෂයා ක්‍රිෂ්න දෙවියන් විසින් වෙනත් ලොවකට පලවා හැරීම දීපවාලි උත්සවයට මුල බව පැවසේ. ස්කන්ද පුරාණයට අනුව ශක්ති දේවිය ආරක්ෂා කරන ලද තපස් වෘතය දීපවාලි උත්සවය සමග සම්බන්ධ වේ. එසේම ක්‍රිෂ්ණ දෙවියන් ඉන්ද්‍ර දෙවියන් පරාජය කිරීම දීපාවලි උත්සවය ආරම්භය බව කියවෙන පැරණි කතා තිබේ.

ආරම්භයේ කුමක් උනත් දීපවාලි උත්සවය හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරන උත්සවයකි. විශ්ව කලා  ශ්‍රමික සංසදය. ඔවුන් සියලු දෙනාටම ප්‍රීතිමත් 
දීපවාලී උත්සවයක් ප්‍රාර්ථනා කරයි
සරත් කුමාර දූල්වල 
සභාපති 
විශ්ව කලා ශ්‍රමික සංසදය

Post a Comment

0 Comments