
පුරා අවුරුදු දහයක්ම
සාමයට සමාදානයට
කැපවෙලා අකුරු කරන එක
ලෙහෙසි නෑ පහසු නෑ
බෙදුණු ලෝකයක
බිඳුනු හදවත් වල
කැඩුණු බිඳුනූ රිදුනු තැන්
සුවපත් කරන එක
ලෙහෙසිනෑ පහසු නෑ
සාමයේ සතුරු කැළ
වනසද්දි සමාදානය
උන් එක්ක හැපි.හැපී
සාමයට උරදීම
ලේසි නැහැ පහසූ නෑ
රැවුම් ගෙරවුම් මැද
මරණ තර්ජන අබියස
නොසැලී කෙලින් සිට
සාමයට සමාදානයට
නිතිපතා ලියන එක
ලේසි නෑ පහසු නෑ
"වේට්ටේයි"සඟරාවෙ
පුංචි මිනිසුන් එක්ව
ලොකු වැඩක් දසවසක්
කරපු එක ලේසි නෑ පහසු නෑ
තරුණකම දිරියකර
නව තාක්ෂණයත් මූසූකර
නව ලොවට ගැලපෙන
නව රටා මවමින
ආ ගමන පහසු නෑ ලේසි නෑ
පැමිණි මඟ කටු ඇතත්
වසර දහයකට පසූ
මඟ දෙපස මල් පිපෙයි
දකින කොට නෙත් හඬයි
තටු කඳුළු වගුරුවයි
පැමිණි මග ලේසි නෑ
පැමිණි මඟ පහසු නෑ
දසවසක යුග මෙහෙය
"වේට්ටේයි" සමරද්දී
චරං ජයතුයි කියා
සුභ පතමු හැමදෙනා
සරත් කුමාර දූල්වල
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
ප්‍රවීණ මාධ්‍යවේදී





0 Comments