SRI LANKA


 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

( අප දැනගතයුතු මානව හිමිකම් විශ්වීය ප්‍රඟ්ප්තියෙන් බිඳක්  සමගින්....)
අද කි: වර්‍ෂ 2025 දෙසැම්බර් මස 10 වෙනි දිනයයි...

අද දවස මුළු විශ්වයටම සුවිශේෂී දවසකි....

 එය එසේ වීමට හේතුව නම් 
1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය එක්රැස් වූ මොහොතේ ඹවුන් විසින් ගනු ලැබූ සුවිශේෂී තීරණයකි....

එය නම් සෑම වසරකම දෙසැම්බර් මස 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලැබීමයි....

මිනිසා සෑම දෙසින්ම පීඩාවට පත්ව අසරණ වන මොහොතේ ඹහුගේ පිහිටට එන එකම විකල්පය මානව හිමිකම් අයිතිය හරහා ක්‍රියාත්මක වීමයි...

ඒ තුලින් තමන්ගේ අයිතීන් දිනාගත් ජනතාව තනි පුද්ගලයන් මෙන්ම කණ්ඩායම් ලෙසින්ද 
බොහෝ අය සිටිති.

ලෝකයේ සියලු ජනතාවට උපතින්ම තම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණිනුයි එක්සත් ජාතීන්ගේ සැසිය මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 වසරේදී මානව හිමිකම් දිනය නිල වශයෙන් පිළිගැනීම සිදු කළා....

ඒ මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියත් සමගයි....

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ මෙලෙස සදහන් වේ...
ලෝකයේ පවත්නා නිදහස යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය සහ අන් සතු කල නොහැකි වූ තම අයිතිවාසිකම් ජාතිය,ආගම, ලිංගිකත්වය,භාෂාව හෝ අන් කිසිම වර්ගයක් නොතකා සියලු මිනිස් වර්ගයාට සමව බලපානු ලැබේ
යන්නය.

එලෙසම ලොව පුරා පිහිටි නීතී සම්මුතීන් සහ ව්‍යවස්ථාවන් රාශියකට මග පෙන්වමින් සහ ඒවාට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතිය නිර්මාණය කිරීමට මෙම ප්‍රඥ්ප්තිය  උපකාරී වී ඇත....

 මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තිය මෙතෙක් මානව වර්ගයා නිර්මාණය කර ගත් විශිෂ්ඨතම ලේඛනයක් ලෙසයි සැළකෙන්නේ....

 එය මිනිසා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයකි.

සෑම මිනිසෙකුටම  ඹහුගේ තරාතිරම,ජාතිකත්වය, ආගමිකත්වය , දේශපාලනිකත්වය,තවද කුළ ,භාෂා, ලිංග ආදී කිසිදු වෙනසකින් තොරව සමව මානව හිමිකම් ආරක්ෂා කර දීම මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියෙන් සිදුවේ....

සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ මූලික  අරමුණයි....
එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස 1955 වසරේදී අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය විසින් පිළිගෙන ඇත....

ලොවක් දිනන්නට විශ්වය සමග අත්වැල් බැඳගෙන යන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින් ලෙසින් අපට ජාත්‍යන්තරය තුල ලැබුණු මෙම අවස්ථාව අති විශිෂ්ට ජයග්‍රහණනයකි....

අද වැනි දිනක සමරනු ලබන  මානව හිමිකම් දිනය සමස්ථ ලෝකවාසී ජනතාවටම තම අයිතිවාසිකම් අත් නොහැර සත්‍ය වෙනුවෙන් පෙනී සිට නිවැරදිව  තම අයිතිය  සුරැකීමට ලබාගත් වරමක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ලෝකවාසී ජනතාවටත් විශේෂයෙන් අප ශ්‍රී ලාංකික ජනතාවටත් අද දිනත් උදාවන හෙට දිනයත් සෞභාග්‍යයෙන් සපිරි වාසනාවන්ත දිනයන් වේවායි පතමි.

M.H.M නියාස් ( සාම විනිසුරු මුළු දිවයිනටම )
සභාපති : මීඩියා ලින්ක් 
අධ්‍යක්ෂක: ශ්‍රී ලංකා සාම මණ්ඩලය .

Post a Comment

0 Comments