
සියලුම ලෝකවාසී ජනතාවට වාසනාවන්ත ඊදුල් අල්හා හජ් උත්සවයක් සේම ශ්‍රි සුබ වෙසක් මංගල්‍යක් වේවා......
මා ආදරණීය ලක්වාසී ජනතාවනි.....!
දින කිහිපයකට පෙර මුහුණු පොතට අවධානය යොමු කිරීමේදී මා නෙත ගැටුනු භාග්‍යවන්ත ම දර්ශනයක් ලෙස ඉහත
දර්ශනය නම්කළ හැක.
වර්තමානය වන විට බහුතරයක් වූ මාධ්‍ය තුල විශේෂයෙන් අන්තර්ජාලය තුල දිනපතාම අපි දකින අපට කියවන්න ලැබෙන ප්‍රවෘත්ති වලින් වැඩිහරියක්ම තිබෙන්නේ වෛරය, ක්‍රෝධය , ඉරිසියාව,වංචාව, දූෂණය,චරිත ඝාතනය, ජාතිවාදය,මිනීමැරීම වැනි බිහිසුණු පාපකර්මිත වාර්තාවන්ය, දර්ශනයන්ය .
මේ හේතුවෙන් ප්‍රවෘත්තියක් බලන්නට ,අසන්නට එපා වෙච්ච සමාජ පසුබිමක් තුළ අපි කල්ගෙවන්නෙමු.
විශේෂයෙන් අපේ දරුවන්ට තරුණ පරපුරට මේ තුලින් විනාශය හා නොමග යෑම මිස අන් කිසිවක් නැත .
එවැනි අවස්ථාවක මෙවැනි දර්ශනයක් නෙත් ගැටීම යනු විශාල පිනකි.

මෙහි අපි දකින්නේ පිංවන්ත ස්වාමින් වහන්සේ නමක් මුස්ලිම් බැතිමතුන්ගේ හජ් අවුරුදු දිනයේ මුස්ලිම් දරුවන් පිරිවරාගෙන මුස්ලිම් බැතිමතුන්ට තම හජ් අවුරුදු සුබ පැතුම් එක් කිරීමේ පණිවිඩයකි.
මෙය දුටු කල මගේ මතකය දිවගියේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ
ධමිමෝ හවේ රක්ඛති ධම්මචාරි
යන බණපදයයි උන්වහන්සේ ඒ තුලින් කියා පෑවේ හුදෙක්ම සිල් සමාදන්වීම පමණක් නොව තමන් රකින ශීලය තුලින් හදවත් පාරිශුද්ධත්වයට පත්වී සැමට කරුණාව දක්වන ආකල්ප ගොඩනගා ගැනීමයි එය මෙම ස්වාමීන් වහන්සේ ගේ මෙම සර්ධාවන්ත ක්‍රියාව හරහා නිවැරදිව විදහා දක්වන්නේය.
සැබැවින්ම මෙය ජාතික සංහිඳියාවට තවත් එක් පූර්වාදර්ශයකි....
මෙවැනි ස්වාමින් වහන්සේලා ලොවට ආදර්ශයකි.
එපමණක් නොව උන්වහන්සේගේ දෙමාපියන්ටද, උන්වහන්සේ අධ්‍යාපනය ලබාදෙන කොළඹ රාජකීය විද්‍යාලයටද,එහි අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම නැණ පහදා දෙන ගුරු භවතුන්ටද විශාල ගෞරවයකි.
අති ගෞරවනීය ප්‍රේමරත්න ස්වාමින් වහන්ස ඔබගේ මෙවැනි වටිනා සර්ධාවන්ත ක්‍රියාවන් ලෝක වාසී ජනතාවටත් ලක් වාසී සහෘදයින්ටත් යහපත් පූර්වාදර්ශයක් වේවායි හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි....
තවද ඔබගේ මෙවැනි යහපත් වූ සර්ධාවන්ත ක්‍රියාවන් හරහා අප ලක් දෙරණ බබලන්නට ඹබට ශක්තිය , ධෛර්යය, වීර්යය ලැබේවායි පතමි.
M.H.M නියාස් (සාම විනිසුරු මු: දි: )
අධ්‍යක්ෂක
ජාතික සාම මණ්ඩලය
ශ්‍රී ලංකාව.
0777814108.





0 Comments