SRI LANKA


 

ගෘහස්ථ කම්කරු පීඩනයට එරෙහි වෙමු.-(ලිපි)



ජාත්‍යන්තර ගෘහස්ත කම්කරු දිනය

වගකීමෙන් සමරමු!

ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය යෙදී තිබෙන්නේ අද දිනටයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2011 ජූනි 16 වැනි දා සම්මත කළ (C189) සම්මුතියට දසවසරක් පිරීම 2021 ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය සමරන අද දිනට යෙදී තීබීම මෙවර විශේෂත්වයයි. එම සම්මුතියේ වගන්ති 27ක් මගින් ගෘහස්ථ කම්කරු ප්‍රජාවට මානුෂීයව ලබාදිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද නිර්දේශ කර තිබේ.

ඉහත කී සම්මූතිය ප්‍රකාශයට පත්වී වසර දෙකකට පසු එනම් 2013 දී බිහිවූ ලොව ප්‍රථම ගෘහස්ත සේවකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ සංසදය(.IDWF) ලෝකයේ රටවල් හැට තුනකදී ගෘහස්ථ සේවක කණ්ඩායම් අසූ එකක් සමග මෙවර එම දිනය ලෝක ප්‍රජාව ගේ දැඩි අවධානයට ලක්වන සේ සැමරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා විශ්ව කලා පුරවැසි සංසදය ශ්‍රි ලංකාවෙන් විගමනය වී ලෝකයේ බොහෝ රටවල සේවය කරන සමස්ත ගෘහස්ත සේවක ප්‍රජාව සමග එක්ව සිය උණූසූම් සහයෝගීතාවය ලොව වටා සේවය කරන මිලියන 69 (හැටනමයක්) වූ ගෘහස්ථ සේවක ප්‍රජාවට පිරිනමන්නෙමු.

අද ලොව වටා සේවය කරන මෙම විශාල ගෘහස්ථ සේවක පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වේ. එසේම ඔවුන් ගෙන් සාතිශය බහුතරය විගමණික ශ්‍රමිකයන් වේ. ඔවුන් ගෝලීය ආර්ථිකයට දායක කරණ වටිනාකම ඉතා ඉහළ අගයක් ගනී.


නමුත් ඔවුනට තවමත් සලකනූ ලබන්නේ අවම-න් සහගතව වීම 21 වන සියවසේ දියුණු පුරවැසියන් වන ලෝකයා ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි.

සී 189 සම්මුතියේ පූර්විකාවේ සඳහන් වන අන්දමට ලෝක කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187 එම සංමූතිය පිළිගෙන පිළිපැදිය යුතුය.

නමූත් දැනට එම සම්මුතිය අත්සන් කර ඇති රටවල් ගණන 32කි. ඒ අනුව ලෝක කම්කරු සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් වලින් හයෙන් පහක් එකී සම්මුතීන් අද වනතුරු නිල වශයෙන් පිළිගෙන නැත. එලෙස එකී රටවල් ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් නින්දිත ලෙස අමතක කර දැමීමට චේතනාන්විතවම එය පිළිගෙන අත්සන් කිරීමෙන් වැළකී සිටින බවක් පැහැදිලිවම ගම්‍ය මාන වේ.

එම තත්ත්වය සී189 සම්මුතියේ පූර්විකාවේ පවසන ආකාරයට ගෘහස්ථ සේවකයන්ගේ ගෞරවයට හා අභිමානයට කරන ඉමහත් කැළලකි. එසේම එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙම තත්වය වෙනස් කර ගැනීමට සංවිධානය වී එකමුතු වී අඛණ්ඩ නොනවතින අරගලයකට අවතීර්ණ වීමට කාලය එළැඹ ඇතැයි ශ්‍රී ලංකා විශ්ව කලා පුරවැසි සංසදය 2021 ජූනි මස 13 වැනි දින සමරන ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනයේ දී සනිටූහන් කරමු..

සී189 සම්මුතියේ මගින් නිර්දේශ කර ඇති. ගෘහස්ථ සේවක වරප්‍රසාද ලබා නොදෙමින් කටයුතු කරන සියළු රාජ්‍යයන් එසේ කරන වෙනස් කොට සැලකීම හෙළාදැකීමට එක්වන ලෙස ශිෂ්ට සම්පන්න සමස්ත ලෝක ප්‍රජාව ගෙන් අප ඉල්ලා සිටිමු.

කෝවිඩ් වසංගතය හමුවේ මෙම ශ්‍රමික ප්‍රජාවේ බහුතරයක් ජාත්‍යන්තර ආධාරක ආයතන මගීන් ලබා දෙන වියළි සලාක ඖෂධ ආධාර මත යැපෙන තත්ත්වයකට පත්ව ඇත. එසේම ඔවුන්ගෙන් බහුතරය කෝවිඩ් වසංගතයේ අවාසනාවන්ත ගොදුරු බවට පත්ව ඇත. ඇතැම් රට වල මෙම ශ්‍රමිකයන්ගෙන් විශාල පිරිසක් අවාසනාවන්ත ලෙස පිළිසරණක් නොමැතිව මරණයට පත්ව ඇති බව වාර්තා වේ. තවත් බොහෝ පිරිස් රැකියා අහිමිවීම. වේතන නොලබා රැකියාව කිරීමට සිදුවීම, වැටුප් කප්පාදුව රැකියා ගිවිසුම් ක්‍රියාත්මක නොවීම, සිය මව් රටට යෑමට නොහැකිව කඳවුරු වල ජීවත්වීමට

සිදුවීම, ආදී දහසකුත් එකක් අනපේක්ෂිත පීඩනයන්ට ලක් ව සිටී. තවද ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වූ ඔවුන්ගේ මව් රට වල පවුල් වලට මුදල් යැවීමට නොහැකි කමින්

එකී පවුල් ද මහත් අසරණ තාවයට පත් ව ඇත. එමගින් ඔවුන් කායික මෙන්ම මානසික පීඩාවලට ද ලක්ව සිටී.

මෙකී තත්ත්වය යටතේ අදාළ රාජ්‍යයන් තානාපති කාර්යාල අදාළ රටවල කම්කරු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, වෘත්තීය සමිති, ලෝක කම්කරු සංවිධානය, රැකියා නියෝජිත ආයතන ආදී පාර්ශවකරුවන් වහාම මැදිහත් වී මෙම ශ්‍රමික ප්‍රජාවගේ

ගැටළු විසඳීමට කටයුතු කළ යුතුව ඇත. එය අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් දරන ප්‍රයත්නයකට ඔබ්බෙන් ඉටූ කළ යුතු සාධාරණවූත් යුක්ති සහගතවූත් මානුෂීය වගකීමක් බව සඳහන් කළ යුතුය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ද 1948 සිට ලෝක කම්කරු සංවිධානයේ සාමාජික රටක් වශයෙන් කටයුතු කරයි. නමුත් අපේ රට ඉහත සඳහන් සම්මුතියට අත්සන් කර නැත. අප රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෘහස්ත සේවකයන් ලෙස වැඩ කරන බව සිදුකරන ලද අධ්‍යයනයන් ගෙන් හෙළිදරව් වී තිබේ. එසේම මිලියන දෙකක් පමණ වූ අප රටේ විගමනික ශ්‍රමිකයන්ගෙන් 70% කට වඩා මෙම ශ්‍රමික කාණ්ඩයට අයත් වේ.

2017 -2021 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙන් ගෘහස්ථ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නිර්දේශ කර ඇති අතර එයට අමාත්‍ය මන්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාවක් ද ලැබී ඇත.

එහෙත් අද වෙනතුරු එය ක්‍රියාත්මක නැත

සමාජයේ පහළම ස්ථරයේ සිටින මෙම පිරිසේ ගැටළුව පිළ…

Post a Comment

0 Comments