SRI LANKA


 

ජාත්‍යන්තර කම්කරු දිනයේ කතා

 

සම්භාවනීය අමුත්තනි!

ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2011 ජූනි 16 වැනි දා සම්මත කළ (C189) සම්මුතියට දසවසරක් පිරෙන 2021 ජාත්‍යන්තර ගෘහස්ත කම්කරු දිනය සමරන මෙම උත්සව සභාව ගෘහ සේවිකාවක වූ ඉනෝකා අතුකෝරල වන මා අමතන්නේ මහත් අභිමානයෙනි.

ඉහත කී සම්මුතිය බිහිවීමෙන් වසර 10 ක්සපිරෙන්නේ ද මෙම වසරටයි. එනිසා මෙම රැස්වීම විගමනික ගෘහස්ත සේවකයන් වන අපට ඓතිහාසික අනුස්මරණීය එකකි.

එසේම ඉහත කී සම්මූතිය ප්‍රකාශයට පත්වී වසර දෙකකට පසු එනම් 2013 දී බිහිවූ ලොව ප්‍රථම ගෘහස්ත සේවකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ සංසදය ලෙස( IDWF ) සංවිධානය සහ ලෙබනනයේ සේව්‍ය සේවක වෘත්තීය සංසදය ෆෙනසෝල් (FENASOL) සමඟ එකතුව මෙම වැදගත් ජාත්‍යන්තර දිනය සැමරීමට ලැබීම මගේ ජීවිතයේ ලද භාග්‍යයක් කොට සලකමි.


එසේම මෙම ගෞරවනීය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවෙන් විගමනය වී ලෝකයේ බොහෝ රටවල සේවය කරන සමස්ත ගෘහස්ත සේවක ප්‍රජාවේ උණූසූම් සහයෝගීතාවය ලොව වටා සේවය කරන මිලියන 69 නමයක් වූ ගෘහස්ථ සේවක ප්‍රජාව වෙත මා පිරිනැමීමට කැමතියි. එසේම අපගේ ආදරණීය සහෝදර සංවිධානයවූ IDWF සංවිධානය වටා ලොව රටවල් 63 ක කණ්ඩායම් අසූ එකක් ලෙස ක්‍රියාත්මක වන පන් ලක්ෂ අනූ දාහක් පමණ වූ ගෘහස්ථ සේවකයන්ට ද ශ්‍රි ලාංකීය ග්‍රහස්ත සේවකයන්ගේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.

අද ලොව වටා සේවය කරන මෙම විශාල ගෘහස්ථ සේවක පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වේ. ඔවුන් ගෝලීය ආර්ථිකයට දායක කරණ වටිනාකම ඉතා ඉහළ අගයක් ගනී.

නමුත් ඔවුනට තවමත් සලකනූ ලබන්නේ අවමන් සහගතව වීම 21 වන සියවසේ දියුණු පුරවැසියන් වන ලෝකයා ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි.

සී 189 සම්මුතියේ පූර්විකාවේ සඳහන් වන අන්දමට ලෝක කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187 එම සංමූතිය පිළිගෙන පිළිපැදිය යුතුය.

නමූත් දැනට එම සම්මුතිය අත්සන් කර ඇති රටවල් 32 හැරුනවිට අනෙක් රටවල් සියල්ල ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් නින්දිත ලෙස අමතක කර දැමීමට චේතනාන්විතවම එය පිළිගෙන අත්සන් නොකර සිටී.

එම රටවල් අතර ශ්‍රි ලංකාවත් මා සේවය කරන ලෙබනන් රාජ්‍යයත් ඇතුලත් වන බව කණගාටුවෙන් යුතුව ඔබට සිහිපත් කරමි.

එම තත්ත්වය සී189 සම්මුතියේ පූර්විකාවේ පවසන ආකාරයට ගෘහස්ථ සේවකයන්වූඅපගේ ගෞරවයට හා අභිමානයට කරන ඉමහත් කැළලකි. එසේම එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙම තත්වය වෙනස් කර ගැනීමට අප සංවිධානය වී එකමුතු වී අඛණ්ඩ නොනවතින අරගලයකට අවතීර්ණ වීමට කාලය එළැඹ ඇතැයි මම මේ ගෞරවනීය සභාවට යෝජනා කරමි.

තවද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ( ILO ) සාමාජික රටවල් ලෙස 1948 සිට ශ්‍රී ලංකාව මෙන්ම ලෙබනන් රාජ්‍යයත් කටයුතු කරමින් සිටී. නමුත් සී189 සම්මුතියේ මගින් නිර්දේශ කර ඇති. ගෘහස්ථ සේවක වරප්‍රසාද බොහොමයක් අපට හිමි වන්නේ නැත. එලෙස වෙනස් කොට සැලකීම හෙළාදැකීමට එක්වන ලෙස මෙම උත්සවයට සහභාගි වී සිටින වගකිවයුතු නිලධාරීන්ට හා තානාපති අංශවල මහතුන්ට මා යෝජනා කිරීමට කැමැත්තෙමි.

විශේෂයෙන් අද ලෙබනන් රටේ සේවය කරන විගමනික ගෘහස්ත සේවකයන් තිස්දාහක් පමණ දෙනා අනෙකුත් රටවල ගෘහස්ත සේවකයනූත් කොරෝනා වසංගතය නිසාත් බීරූට් වරායේ පිපිරීම නිසාත් ලෙබනන් රටේ විදේශ සංචිත හිග වීම නිසාත් මහා ඛේදවාචකයන්ට ගොදුරු වී සිටී.

ඔවුන් දිළිඳු බවේ විෂම චක්‍රයට හසූවී කුසගින්නේ පෙළෙන්නන් බවට පත් ව සිටී.

ඔවුන්ගෙන් බොහෝ දෙනා අද යැපෙන්නේ ජත්‍යන්තර ආධාරක ආයතන වල වියළි සලාක ආධාර මතයි.

ඔවුන්ගේ මූර්ත වැටුප් ඉතා ඛේදජනක ලෙස කඩා වැටී තිබේ. වගුරන ශ්‍රමයට සාධාරණ වැටුපක් ලෙබනන් පවුම්(ලීරා) වලින් ඔවුන්ට නොලැබේ. එසේම ලෙබනන් බැංකුවලින් ඔවුන්ට උපයන ලිරා නියමිත විනිමය හුවමාරු අනුපාතයට මාරු කරගැනීමට අවස්ථාව සලසා නැති නිසා

තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. ඔවුන් දහඩිය මහන්සියෙන් උපයන කූඩා ලීරා ප්‍රමාණය කලු කඩ මිල ට ඩොලර් කර ගැනීමට සිදුවීම නිසා ඩොලර් 100 ක් සාදා ගැනීමට ලීරා ලක්ෂ පහළොවක් පමණ වැය කිරීමට ඔවුන්ට සිදුව තිබේ. නමුත් ඔවුන්ගේ වෙහෙස මහන්සිය ශ්‍රමය එලෙසම ලෙබනන් රාජ්‍යයට ලබාදෙයි. මෙම තත්ත්වය නිසා ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහස්ථ ශ්‍රමිකයන්ගෙන් ගෙන් යැපෙන ඔවුන්ගේ පවුල් කුසගින්නට සහ අවම යැපුම් මට්ටම නැතුව ඉතා අසරණ භාවයට පත්ව තිබේ. සෙසු රටවල අයට ද එසේම යැයි මම විශ්වාස කරමි.

එනිසා තානාපති අංශ අදාල රජයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු සියලු පාර්ශවකරුවන් මැදිහත්වී මෙම ගෘහස්ත සේවක ප්‍රජාව ගේ සාධාරණවූත් යුක්ති සහගත වූත් මානුෂීයවූත් ගැටළු සඳහා වහා මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බව මා යෝජනා කරමි.

එසේම මාගේ මව් රට වන ශ්‍රී ලංකාවේ රජයට ශ්‍රි ලංකාවේ ගෘහස්ථ සේවකයන්ට සී189 සම්මුතියට අනුව විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිර්දේශ කර තිබේ. නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක නැත. එය ක්‍රියාත්මක කරවා ගැනීමට ද මම ඔබ සැමගේ සහාය පතමි.

ස්තුතියි!

 


Post a Comment

0 Comments