
මානවයාගේ උත්පත්තියේ පටන් ආහාර සොයා ගැනීම සඳහා ඔවුන් විසින් විිවිිධාකාර අරගලවල නිරත වී ඇති බව විිද්‍යාත්මක දත්ත විිශ්ලේෂණය කිරීමේ්දී පෙනී යයි. ආහාර, මානව වර්ගයාගේ තිරසර පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍යය දෙයකි. ලෝකයේ ඒ ඒ ප‍්‍රදේශවල පැවැති දේශගුණික හා කාලගුණික විිපර්යාස පදනම්ව විිවිිධ ආහාර වර්ග මිිනිසා විිසින් අත්හදා බලා ඇත. ආදි මානවයා වරෙක ආහාර අමුවෙන් ද තවත් වරෙක ආහාර පිසීමෙන් ද අනුභව කළේය. මිනිසා විසින් ගින්දර සොයා ගැනීමෙන් පසු මේ ආහාර රටාවේ කැපී පෙනෙන වෙනසක් ඇති විය' ¥පත් වාසීන් මත්ස්‍ය ආහාර වැඩියෙන් අනුභව කළ අතර, කාන්තාරවාසීන් වැඩිපුර මාංශ භක්ෂණයට හුරුවිිය. ගංගා ආශ‍්‍රීතව ජීවත්වූ වැසියෝ කෘෂිකර්මාන්තයට හුරු පුරුදු වූහ. මෙවැනි වෙනස්කම් මත ඒ ඒ ජන කණ්ඩායම් වලට ආවේනික වූ ආහාර රටාවන් ද නිර්මාණය විය. පසුව එය ඒ ඒ ජන කන්ඩායම්වලට උරුමවූ සංස්කෘතියේ කොටසක් ලෙස ද පිළිගැනීමට ලක්විය. වර්්තමානයේ අප කතා කරන ආහාර සංස්කෘතියේ පදනම ගොඩනැගෙන්නේ මෙවන් පසුබිමක් තුළය.

ශ‍්‍රී ලංකාවේ පවතින ආහාර සංස්කෘතිය පිළිබඳ තරුණ ප‍්‍රජාව තුළ ඇත්තේ අල්ප දැනුමකි. ඒ ඒ සංස්කෘතීන්ට අයත් ආහාර රටාවෙන් මිදී වර්තමානයේ ජීවත්වන මිනිසුන් විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර වර්ග තම ආහාර වේලට එක් කරගනිමින් සිටී. තවද ඔවුහු එම ආහාරවල රසය සහ ගුණය ඇගයීමට ද ලක් කරති. එසේම ඔවුහු ආහාරවල ආරම්භය හෝ ෙඓතිහාසික කරුණු පිලිබඳව අධ්‍යයනය නොකර ඒවා තමන්ගේ ආහාර රටාවේ කොටසක් යැයි විශ්වාස කරති. එවැනි විශ්වාසයක් පැවතීම අහිතකර තත්ත්වයක් උදා නොකරයි.
එහෙත් එවැනි කරුණු පිළිබඳව අප තුළ නිසි අවබෝධයක් පවතින්නේ නම්, එයින් ඒ ඒ ජන කණ්ඩායම්වලට අයත් සංස්කෘතීන් කාලයත් සමග වෙනස් වූ ආකාරය හඳුනාගත හැකිය. විවිධ ජන කණ්ඩායම්වලට ආවේනික සංස්කෘතීන් හඳුනා ගැනීම සංහිඳියාව ගොඩනැංවීම සඳහා වූ ප‍්‍රවේශ මාර්ගයකි.
”ශ‍්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබඳව තරුණයින් විසින් අධ්‍යයනය කිරීම” නම් වූ වැඩසටහන උක්ත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නිර්මාණය වූවකි. මෙම වැඩසටහන සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්කවල තරුණ සංවිධාන නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසැල්වල උසස් පෙල හදාරණ
දරුවන් සහභාගි විය. මෙයට අමතරව දිස්ත‍්‍රික් අන්තර් ආගමික කමිටු නියෝජනය කරනු ලබන වැඩිහිටි පිරිසක්ද සහභාගි වූහ. මෙම වැඩසටහන දිස්ත‍්‍රික්ක 8 ක ක‍්‍රියාත්මක කරන ලද අතර, එක් වැඩසටහනක් සඳහා සහභාගිවූ පිරිස 100 කට අධික විය. ඒ අනුව සමස්ථ වැඩසටහන සඳහා සහභාගිවූ පිරිස 1000 ඉක්මවිය. වැඩසටහන තුළ ඒ ඒ ජන කණ්ඩායම්වලට අයත් නර්තන සහ සංකෘතිකාංග ද ආහාර වර්ග සකස් කිරීමද ඇතුලත් විය. තවද විෂය පිළිබඳ ප‍්‍රවීණයන් විසින් තරුණ ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන ලදී. වැඩසටහන පවත්වන ලද දිස්ත‍්‍රික්ක වන්නේ මොනරාගල, බදුල්ල, යාපනය, අනුරාධපුරය, මඩකලපුව, මාතර, කෑගල්ල සහ මීගමුවය. බොහෝ දිස්ත‍්‍රික්කවල මේ වැඩසටහන සංවිධානය කිරීමේදී රජයේ ඉහල නිළධාරීන්ගේ සහයෝගය ලැබුණි. තවද මේ සඳහා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ සහයෝගය ද නොමදව ලැබුණි.
0 Comments