SRI LANKA


 

එක්සත්වෙමු.....!!-(කවි)

ලොව පළමු මිනිසාගේ

පාදස්පර්ශය ලැබු
පුන්‍ය භුමියයි මේ...

ලෝවැසියන්ගේ නෙත්
ආශ්චර්යමත් කල
පහනක් වැනිය මේ දූපත..

ඉන්දු සමුද්‍රයේ පාවෙන
ලස්සන මුතු ඇටයක් වැනිය
මගේ රට..

ආසියානු මහාද්වීපයේ දිදුලන
අපුරු තාරකාවක් වැනිය.

ලේ නොහෙළා නිදහස ලැබු
රත්නදීපයයි මේ...

නිදන් වස්තු මෙන්
වටිනා බිම්කඩකි මේ..

ස්වභාව ධර්මයේ සොභාවයි
සියළු සම්පත්වලින් පෝෂිතවු
සාර භුමියයි මේ....

අනෙක් දේශවලට නැති
මැණික් ගල්වලින් පිරී
වටිනා භුමියයි මේ..

කීර්තිමත් මිනිසුන්
විසු අසිරිමත්
මගේ මවිබිමේ...

ලේ පැල්ලම් වැටී
කිලිටී වන්නේ ඇයි?

එපා මින්මතුවට හෝ ජාතිවාදය
නොයමු අපි බෙදී වෙන්වී..

අප ලැබු නිදහස..
අපම අහිමි කළෙමු...

අප ලැබු සැනසීම
නැසී යන්නට සැලැස්සුවේ
අප විසින්මය..

පිදුම් ලැබු නායකයන්
අමතක කළේ අප විසිනි..

හැගිම් නොමැති මිනිසුන් හේතුවෙන්
සොදුරු නෑයන් අහිමි කරගත්තෙමු...

එපා මින්මතුවට හෝ ජාතිවාදය
එපා යන්නට භේදබින්නවී...

ලස්සන පුංචි රටකි ලංකාව..
සෙනෙහසින් ජීවත්වෙමු අප සැම එක්වී..

උමතුනොවී නොමිනිසුන් නොවී
මිනිස් හිමිකම් සුරකිමු.

ඔවුනොවුන්ගේ ආගම්
බාධාවකින් තොරව අදහන්නට
අවස්ථාව උදාකරමු

කිළිටිවු දේශපාලනය
අතුගා දමන්නට පෙරට එමු...

පීඩාකාරි පාලකයන්ගේ
වහළුන් නොවෙමු අපි...

මතභේද සමගින්
තිත්ත චේතනාවලටද
තිත තබමු මතුවට

සුළුජාතිය හෝ
මහජාතිය ලෙසින් නොසිතා
භේදයකින් තොරව
ජීවත්වන්නට හුරුවෙමු...

ජාතීන් වශයෙන් වෙන්වී සිටියද,
ගතිගුණවලින් එක්සත්වී යමු පෙරට..

වෙනස් ආගම් ඇදහුවත්
හදවතින් බැදෙමු සෙනෙහසින්..

ආසියාවේ ආශ්චර්යමත් දේශය
ගොඩනගන්නට අප එක්වෙමු..

ලෝකයේ සුන්දර දේශයක්
තනන්නට අප සැම
අත්වැල් බැදගනිමු..

මිනිස්කම් පිරී...මිනිසුන් සපිරි..
ලස්සන දේශයක් ලෙසින්
අප මාතෘ භුමිය සරසන්නට
වෙහෙසෙන්නට එක්වෙමු අප සැම..

(
පරිවර්තනය- ආර්.එෆ්.අෂ්රෆ් අලී)

 

Post a Comment

0 Comments