ඔබ සියළු දෙනාගේ කාරුණික අවධානය පිණිස කරුණු කිහිපයක් ඉදිරිපත්කරන්නට අදහස් කළෙමි.
මීඩියා ලිංක්හි කණ්ඩායමේ අනු ව්‍යාපෘතියක් වන ක්ෂිතිජය නමින්වු සංහිදියාව හා මාතෘභුමියේ සෞභාග්‍යය සදහාවු එකමුතුවට සම්බන්ධ වී සිටින ඔබ සියළුදෙනා සාදරයෙන් පිළිගනිමි.
මෙහි අරමුණ අපගේ මාතෘභුමියේ ජීවත්වන සියළු ජනකොටස් අතරේ ජාතික සංහිදියාව ඇතිකිරිම සදහාවු අවබෝධතාවය ගොඩනැගිම හා අපගේ අනාගත පරපුරට සාඩම්බරයෙන් දායාද කළ හැකි සෞභාග්‍යමත් ශ්‍රි ලංකාවක් වෙනුවෙන් අපගේ වගකීම් හා යුතුකම් වෙනුවෙන් වු ඵලදායි සංවාදයක් තුළින් නිවැරදි දැක්මක් ඇතිකරගෙන ඒ මාර්ගයේ අප ගමන් කරන අතරම, අපගේ සමීපතමයන් හා ඔවුන් හරහා තවත් පිරිස් මෙයට සම්බන්ධ කරගෙන සාර්ථක ගමනක් යෑම අපගේ ප්‍රධානතම අරමුණයි...
ඒ් වගේම අප හා එක්ව මෙම යහපත් අරමුණ සාර්ථක කරගැනීම සදහා අත්වැල් බැදගත් ආගමික නායකතුමන්ලා, විශ්ව විද්‍යාල මහාචාර්යවරුවන් මෙන්ම අනෙකුත් විද්වතුන් ද කාර්යබහුල පුද්ගලයන් බව අප දනිමු. ඔබ සැම ප්‍රථමයෙන්ම සාදරයෙන් පිළිගනිමි.
අප කණ්ඩායම් සාමාජිකයන්ගේ කාර්යබහුලත්වය හා අප කණ්ඩායමේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ සාර්ථක ගමන අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගැනීමටත් ඉවහල් වන අයුරින් පහත සදහන් අයුරින් අප කටයුතු කරන්නේ නම් කණ්ඩායම ඵලදායි අයුරින් පවත්වාගෙන යාමට ඉවහල්වනු ඇති බව මාගේ කාරුණික අදහසකි.
එබැවින් මින් ඉදිරියට
1. සංහිදියාව ගොඩනැගිය හැකි අයුරින් වු ලිපි හා අදහස් රචනා කිරීම
2. එකිනෙකා අතර සුහදශීලී අවබෝධය ඇතිකර යම් ආගමික කණ්ඩායමක් වෙත චෝදනාවක් හෝ වැරදි ප්‍රචාරයක් දියත්වන අවස්ථාවක එය නිරාකරණය කිරීමට හා නිවැරදි කරුණු සමාජගත කිරිමට හැකි අයුරින් ලිපි හා අදහස් ඉදිරිපත් කිරීම....
3. මාතෘ භුමියේ අනාගත අභිවෘද්ධිය හා සෞභාග්‍යය ට ඉවහල් විය හැකි අදහස් හා ලිපි
පමණක් අප කණ්ඩායම් තුළ මින් ඉදිරියට හුවමාරු කරගැනිම මැනවැයි මා යෝජනා කරමි...
එම කරුණු තුනට අතිරේකව වෙනත් යම් කරුණක් සම්බන්ධයෙන් අප අතරේ සාකච්ඡා විය යුතු බවට ඔබට හැගෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විවෘත අදහස් හුවමාරුවක් සදහා ද මෙයින් ඔබ සැමට ආරාධනා කරමි.
ඔබ සැමට අවංක ස්තුතිය පුදකරන අතර....
අපගේ උත්සාහයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකවීමට සර්ව බලධාරි අල්ලාහ් තආලාගේ ආශිර්වාදය පතමි.
ස්තුතියි මීට සහෝදර
M.H.M නියාස්.
0777814108
0 Comments